රයිගම් රාජධානිය මතක් උනහම ඊට පස්සේ මතක් වෙන්නේ අපි ඉතිහාස පොතෙන් ඉගෙන ගත්තු රයිගම් බණ්ඩාර කියන නාමය. කෝට්ටේ රජකම් කරපු හත්වන විජයබාහු පිය රජතුමාට එරෙහිව තම පුතුන් තිදෙනා කැරැල්ලක් මෙහෙය වූ බව ඉතිහාසයේ සදහන් වෙන කාරණාවක්. පියාගේ මරණින් පස්සේ කෝට්ටේ රාජධානිය පුතුන් තිදෙනා අතරේ වෙන් කරගත් බව විජය බා කොල්ලය නම් වූ සිදුවීමේදි ඔබ අසා ඇති බවට සැකයක් නැත.
සීතාවක රාජධානිය මායාදුන්නේ කුමාරයාත් කෝට්ටේ රාජධානිය හත්වන බුවනෙකබාහු කුමාරයාත් රයිගම රාජධානිය රයිගම් බණ්ඩාර කුමාරයාත් රජකම් කළ බව ඉතිහාසය සාක්ෂි දරයි.
රයිගම් බණ්ඩාර රජතුමාගේ මාලිගය තිබුණා යැයි සැක කරන ප්‍රදේශයේ තමයි මේ පතහාවත්ත රජමහා විහාරය ඉතිකරලා තියෙන්නේ. මාලිගය වටා ඉදිපරපු කබොක් බැම්ම ඒ ඉතිහාසයේ වර්තමාන සාක්ෂි වශයෙන් ඉතිරි වී පවතී.
13 May 2018
රයිගම් රාජධානියේ අසිරිය සොයා - 2 : පතහවත්ත රජමහා විහාරය
සංකල්පනා වර්ගය :
චාරිකා
රයිගම් රාජධානියේ අසිරිය සොයා - 1
අද ඉරිදා දවසේ ගෙදර කම්මැලිකමේ ඉන්නැද්දි නිකමට වගේ හිතුනා ළඟපාත කොහේ හරි ගිහින් එන්න තිබ්බා නම් හොඳයි කියලා. ඉස්සර වගේ නෙමේ අපේ මලයට පින් සිද්ධ වෙන්ඩ උගේ බයිසිකලේ මට දීලා ගිය නිසා හිතෙන හිතෙන ඕනම තැනකට ගිහින් එන්න ලේසියි. නැත්නම් ඉතිං බස් එනකන් ඉන්නයි බස් හෝල්ට් ගානේ පයින් බඩගාන්නයි එපා වෙනවා.
කොහෙද යන්නේ කියලා හිත හිතා ඉන්නැද්දි මතක් උනා බොල්ගොඩ ගඟේ තොටුපොලවල් කිහිපයක් ඉතුරු වෙලා තියෙනවා නේද කියලා. මගේ ලොකු ආසාවක් තියෙනවා බොල්ගොඩ ගඟේ තොටුපොලවල් සේරම වගේ බලලා එන්ඩ. අන්න ඒ ආසාවට එහේ යනවද කිය කියා හිතනකොට තමයි මම අන්තර්ජාලයෙන් යන්ඩ ඕන පැත්තක් ගැන කරුණු හෙව්වේ.
ඔන්න එතකොට තමා පතහාවත්ත රජමහා විහාරය ගැන විස්තර හම්බ උනේ.

04 March 2018
සඳගලතැන්නෙන් සිරිපා කරුණා කළෙමු.
සිරිපා කරුණා කරන්න පාරවල් 6ක් තියෙනවා කියලා මම කලින් ලිපියක කිව්වා මතක ඇතිනේ. මේ වෙනකොට මම රත්නපුර පලාබද්දල පාරයි හැටන් නල්ලතන්නිය පාරෙයි සිරිපා කරුණා කරලා තියෙනවා. තාම නම් එරත්න පාරෙන් යන්න බැරි උනා. ඒකත් මතු දවසක යන්න හිතාගෙන ඉන්නවා.
මේ අවුරුද්දේ සිරිපා වාරේට අපි සිරිපා කරුණා කරන්න තෝරගෙන තිබුනේ ඉතාම කෙටි පාරක්. ඒ පාරේ නම තමයි සඳගලතැන්න මරේ වතු යාය මාර්ගය. මේ පාරෙන් සිරිපා කරුණා කරන්න ගොඩක්ම ලේසියි. පෑ තුනකින් සිරිපා මළුවට යාගන්ඩ පුලුවන්.
සඳගලතැන්න මාර්ගයෙන් සිරිපා කරුණා කරන්න හිතාගෙන ඉන්න කෙනෙක් ඉන්නවා නම් ඒ අය මුලින්ම කරන්න ඕන හැටන් නල්ලතන්නිය පාරේ නල්ලතන්නිය සිරිපා පිවිසුම් මාර්ගය වෙනකන් වගේ එන්න ඕන.නල්ලතන්නියට කිලෝමීටර් 1කක් වගේ දුරක් කිට්ටු කරලා තුම්මං හන්දියක් හමු වෙනවා. ඒ හන්දියෙන් එක පාරක් වෙන් වෙන්නේ නල්ලතන්නිය සිරිපා පිවිසුම් මාර්ගයට. අනිත් පාර මරේ වතු යාය ෆිෂිං හට් මාර්ගය.

10 February 2018
සිරිපා කරුණාවේදී අප දකින සුන්දරත්වය
මේ සිරිපා වන්දනා සමයයි. සිරිපා වන්දනා සමයේදී වන්දනාකරුවන් සිරිපා කරුණා කිරීම සදහා ප්‍රධාන මාර්ග දෙක ඇතුළුව ගමන් මාර්ග 6ක් මේ වන විට භාවිත කරයි. මේ ගමන් මාර්ග 6 කෙටියෙන් සදහන් කලහොත්,
1. හැටන් - නල්ලතන්නිය මාර්ගය
2. රත්නපුර - පලාබද්දල මාර්ගය
3. කුරුවිට - එරත්න මාර්ගය
4. සඳගලතැන්න මරේ වතු යාය මාර්ගය
5. දැරණියගල උඩමාලිබොඩ මාර්ගය
6. දෙහෙනකන්ද මාර්ගය යනුවෙන් නම් කර හැක. මා ඉහත සදහන් කල පළමුවෙනි හා දෙවෙනි මාර්ග දෙක ප්‍රධාන මාර්ග දෙක වේ.
බොහෝ වන්දනාකරුවන් දෙවෙනි මාර්ගය එනම් හැටන් නල්ලතන්නිය මාර්ගය භාවිතා කරන්නේ ගමන් පහසුව සදහා ය. දැනට බොහෝ වන්දනාකරුවන් අතර හැටන් නල්ලතන්නිය මාර්ගය ජනප්‍රිමය මාර්ගය වන්නේ අඩුම කාළයකදී සිරිපා කරුණා කිරීමට හැකි නිසාවෙනි.
මේ නිසාම මාර්ගය දෙපස කඩවල් රාශියක් දැක ගත හැකි වන්නේ මේ මාර්ගයේ ඇති 'ජනප්‍රිය' බව නිසාම විය යුතු ය. මේ ජනප්‍රිය බව නිසාම සමනල අඩවි පරිසර දූෂණය වැඩියෙන්ම සිදුවන මාර්ගයත් මෙය බව පහන් සංවේගයෙන් යුතුව උවද පැවසිය යුතු ය. විටෙක මේ මාර්ගය වෙලෙන්දන්ගේ පාරාදීසයක් බවට පත්වී ඇතැයි කිවහොත් එය අතිශයෝක්තියක් නොවේ.

10 January 2018
The Prestige නම් වූ චිත්‍රපටිය
ඕනෑම මැජික් එකක කොටස් තුනක් තියෙනවා.
1. The Pledge - මැජික්කරු ඔබට සාමාන්‍ය දෙයක් පෙන්වනවා. ඔබ ඒ දිහා හොඳට බලාගෙන ඉන්නවා.උදාහරණයක් විදිහට කුරුල්ලෙක්, කාඩ් එකක් හෝ මනුස්සයෙක්.
2. The Turn - ඊට පස්සේ ඔහු ඒ සාමාන්‍ය දෙයින් අසාමාන්‍ය දෙයක් බවට කරනවා. දැන් ඔබ හොයනවා ඒ සාමාන්‍යය දෙයට මොකද උනේ කියලා.නමුත් ඔබට හොයාගන්න බෑ. මොකද ඔබ උවමනාවෙන් බලන්නේ නෑ.
3. The Prestige - සාමාන්‍ය දෙයකින් අසාමාන්‍ය දෙයක් කිරීම පමණක් ප්‍රමාණවත් නෑ. උදාහරණයක් විදිහට කාඩ් එකක් අතුරුදහන් කිරීම පමණක් ප්‍රමාණවත් වෙන්නේ නෑ. මැජික්කරු එය ආපහු ගෙනවිත් පෙන්විය යුතුය. එවිටයි ඔබ මැජික් එකට අත්පොලසන් ලබා දෙන්නේ.

අනං මනං
සංකල්පනා RSS සබැඳිය :
Comments (Atom)