මේ සිරිපා වන්දනා සමයයි. සිරිපා වන්දනා සමයේදී වන්දනාකරුවන් සිරිපා කරුණා කිරීම සදහා ප්‍රධාන මාර්ග දෙක ඇතුළුව ගමන් මාර්ග 6ක් මේ වන විට භාවිත කරයි. මේ ගමන් මාර්ග 6 කෙටියෙන් සදහන් කලහොත්,
1. හැටන් - නල්ලතන්නිය මාර්ගය
2. රත්නපුර - පලාබද්දල මාර්ගය
3. කුරුවිට - එරත්න මාර්ගය
4. සඳගලතැන්න මරේ වතු යාය මාර්ගය
5. දැරණියගල උඩමාලිබොඩ මාර්ගය
6. දෙහෙනකන්ද මාර්ගය යනුවෙන් නම් කර හැක. මා ඉහත සදහන් කල පළමුවෙනි හා දෙවෙනි මාර්ග දෙක ප්‍රධාන මාර්ග දෙක වේ.
බොහෝ වන්දනාකරුවන් දෙවෙනි මාර්ගය එනම් හැටන් නල්ලතන්නිය මාර්ගය භාවිතා කරන්නේ ගමන් පහසුව සදහා ය. දැනට බොහෝ වන්දනාකරුවන් අතර හැටන් නල්ලතන්නිය මාර්ගය ජනප්‍රිමය මාර්ගය වන්නේ අඩුම කාළයකදී සිරිපා කරුණා කිරීමට හැකි නිසාවෙනි.
මේ නිසාම මාර්ගය දෙපස කඩවල් රාශියක් දැක ගත හැකි වන්නේ මේ මාර්ගයේ ඇති 'ජනප්‍රිය' බව නිසාම විය යුතු ය. මේ ජනප්‍රිය බව නිසාම සමනල අඩවි පරිසර දූෂණය වැඩියෙන්ම සිදුවන මාර්ගයත් මෙය බව පහන් සංවේගයෙන් යුතුව උවද පැවසිය යුතු ය. විටෙක මේ මාර්ගය වෙලෙන්දන්ගේ පාරාදීසයක් බවට පත්වී ඇතැයි කිවහොත් එය අතිශයෝක්තියක් නොවේ.
10 February 2018
සිරිපා කරුණාවේදී අප දකින සුන්දරත්වය
සංකල්පනා වර්ගය :
චාරිකා
10 January 2018
The Prestige නම් වූ චිත්‍රපටිය
ඕනෑම මැජික් එකක කොටස් තුනක් තියෙනවා.
1. The Pledge - මැජික්කරු ඔබට සාමාන්‍ය දෙයක් පෙන්වනවා. ඔබ ඒ දිහා හොඳට බලාගෙන ඉන්නවා.උදාහරණයක් විදිහට කුරුල්ලෙක්, කාඩ් එකක් හෝ මනුස්සයෙක්.
2. The Turn - ඊට පස්සේ ඔහු ඒ සාමාන්‍ය දෙයින් අසාමාන්‍ය දෙයක් බවට කරනවා. දැන් ඔබ හොයනවා ඒ සාමාන්‍යය දෙයට මොකද උනේ කියලා.නමුත් ඔබට හොයාගන්න බෑ. මොකද ඔබ උවමනාවෙන් බලන්නේ නෑ.
3. The Prestige - සාමාන්‍ය දෙයකින් අසාමාන්‍ය දෙයක් කිරීම පමණක් ප්‍රමාණවත් නෑ. උදාහරණයක් විදිහට කාඩ් එකක් අතුරුදහන් කිරීම පමණක් ප්‍රමාණවත් වෙන්නේ නෑ. මැජික්කරු එය ආපහු ගෙනවිත් පෙන්විය යුතුය. එවිටයි ඔබ මැජික් එකට අත්පොලසන් ලබා දෙන්නේ.

අනං මනං
මගේ ලයිසං ගැනිල්ල
මේකත් මේ ලයිසං කතාවක්ම තමයි. දැනට මාස තුනකට විතර උඩදි මාත් ලයිසං ගන්න කියලා ගම්පහ කච්චේරියට ගියා. මට ඕන උනේ සැහැල්ලු වාහන ලයිසං ගන්ඩ නෙමේ බයිසිකල් ලයිසං ගන්ඩ. සැහැල්ලු වාහන ලයිසං එක් පස්සේ ගන්නවා කියලා හිතලා වැඩේ කල් දැම්මා. ඒ වෙනුවට මම බයිසිකල් ලයිසං ගන්ඩ ඉල්ලුම් කලා.
මම ගියේ ලර්නර්ස් එකක් හරහා නෙමේ. ඒ නිසා මම ලයිසං ගන්න පාවිච්චි කරපු සහ මට කන්න සිද්ධ වෙච්ච කටු ගැන තමයි මේ ලිපියෙන් ලියවෙන්නේ.
ඊට කලින් කියන්ඩ ඕන ලයිසං ගන්න කවුරුහරි හිතාගෙන ඉන්නවා නම් ලර්නර්ස් එකක් හරහාම යන්න. එහෙම නැතුව ලයිසං ගන්න එක ටිකක් කේස්. මොකද අපේ සිස්ටම් එක හැදිලා තියෙන්නේ ලර්නර්ස් එකකින් කලොත් විතරක් ගොඩ යෑමේ සම්භාවිතාවක් තියෙන විදිහටයි.
ලයිසං ගන්න යන ඕනම කෙනෙක් මුලින්ම කරන්න ඕන මෙඩිකල් රිපෝට් එකක් ගන්න එක. ඒකට රථවාහන දෙපාර්තුමේන්තුවේ අනුමැතිය ඇතුව පිහිටවපු ආයතන පිහිටවලා තියෙනවා. අන්න ඒ ආයතනයකින් ගන්න මෙඩිකල් විතරයි රථවාහන දෙපාර්තුමේන්තුවෙන් පිලිගන්නේ.
එක දිස්ත්‍රික්කයකට එක ගානේ වගේ මෙඩිකල් ගන්ඩ පුලුවන් රජයේ ආයතන පිහිටවලා තියෙනවා. අන්න ඒ වගේ ආයතනයකින් මෙඩිකල් එකක් ගෙනාවා නම් හරි.

24 December 2017
සුබ නත්තලක් වේවා
ලක්වැසි සහ ලෝ වැසි සියළුම කිතුණු බැතිමතුන්ට සාමය සතුට සපිරි සුබ නත්තලක් වේවා... !!
ප. ලි. - මේ නත්තල අනිත් නත්තල් වලට වඩා මට ටිකක් විතර සුවිශේෂ නත්තලක්. ඒකට හේතුව තමයි අළුත් ගෙදරදී මම සමරන පළවෙනිම නත්තල මේ නත්තල වීම තමයි මට තියෙන සුවිශේෂීම කාරණාව.

සැමරුම්
05 December 2017
තාත්තගේ ලයිසොං ගැනිල්ල - 2 කොටස
තාත්තා පිට පිටම තුන් පාරක් රියදුරු ලිඛිත විභාගය ඇණගත්තු නිසා ලයිසං ගැනිල්ල ගැන සෑහෙන්ඩ කලකිරිලා උන්නේ. මේ දවස්වල තාත්තගේ මූහුණ කරත්ත රෝදයකට අහු වෙච්ච කජු ලෙල්ලක් වාගේ ඥාළු වෙලා තිබ්බේ. අපිටත් සෑහෙන දුකයි මේ වෙච්ච දේට. ඒත් අපි තාත්තව තව තවත් දිරිමත් කලා.
ආයෙම ඇප්ලිකේශන් දාන්න වෙනදට වඩා ටිකක් වැඩි කාලයක් ගත්තා. මොකද මානසිකව වැටිච්ච කෙනාගේ හිත හරියන්ඩත් ටික කාලයක් ඕන කරනවා නෙව.
හතරවෙනි වතාවට විභාගය ලියන දිනය ආවයි කියමු. මෙදා සැරේ කලින්ම කණ්ණාඩි දෙක බෑග් එකට දාලා තිබ්බා. ඒ නිසා දෙවෙනි හේතුව නැති කළා.
අළුතින් ඇප්ලිකේශන් දාපු නිසා අළුතින් අවස්ථා තුනක් හම්බ වෙනවා. මේ නිසා තුන්වෙනි හේතුවත් නැති වෙලා තියෙනවා.
මෙදාපාර අපි බයිසිකළයේ කඩවතට යන්ඩ දුන්නේ නෑ. ඒ නිසා හතරවෙනි හේතුවත් ඉබේම නිශේධනය වෙලා තිබ්බා.
හැබැයි අපිට පළවෙනි හේතුව නැති කරන්ඩ අමතක වෙලා තිබුනා. මමවත් මගේ ඉහේ ඉන්න උකුණාවත් හිතුවේ නෑ හතරවෙනි වතාවට ඇණගන්ඩ හේතුව කොටු පටලැවීම වේවි කියලා.
කරුමෙක මහත !

සංකල්පනා RSS සබැඳිය :
Comments (Atom)