14 April 2025

සුබ අළුත් අවුරුද්දක් වේවා

 සිංහල අවුරුද්දත් අත ලඟටම ඇවිල්ලා. සමාජ මාධ්‍යය වල ගොඩක් අය කියන්නේ ඉස්සර පොඩි කාලේ තරම් දැන් සිංහල අවුරුද්ද දැනෙන්නේ නෑයි කියලා. 

ඉතින් ඒ කාලේට වඩා එන්න එන්න ලෝකය ඉස්සරහට ගිහින් නෙව. ඒ කාලේ තිබ්බ මිනිස්සුන්ගේ අවශ්‍යතා නෙමේ දැන් තියෙන්නේ. පරිසරයත් ඒ වගේම වෙනස් වෙලා. මිනිස්සුන්ගේ අවශ්‍යතා හා උවමනා ගොඩක් සංකීර්ණ වෙලා.

මේ අවශ්‍යතා සම්පූර්ණ කරගන්න මිනිස්සු වෙනදට වඩා මහන්සි වෙන නිසා නිදහස සීමා වෙලා. ඒ නිසයි මේ සේරම දේවල් වෙලා තියෙන්නේ.

කාලේ හැටියට මිනිස්සු වෙනස් වෙන්ඩ එපෑ. නේද ? ඕවා හිතන්නේ නැතිව අවුරුද්ද සමරලා නිදහසේ එන්ඩලා.

09 April 2025

දිස්පරයු

 මේ ළඟදි හොඳ පොතක් කියවන්න පුළුවන් උනා. මේ පොත නිකුත් වෙලා නම් සෑහෙන කාළයක් ගිහින් තියෙන්නේ. ඒත් මම කලින් පෝස්ට් එකේ කියලා තියෙන විදිහට පොත් වල ගණන් වැඩිකම නිසා කොච්චර හොඳයි කියලා කියන පොතක් උනත් ගන්න කලින් දෙපාරක් හිතන තත්වයට මම පත් වෙලා ඉන්නේ.

ඒකට ආසන්නතම උදාහරණය තමා මැයි මාර ප්‍රසංගය. ඒක කට්ටිය හොඳයි හොඳයි කියලා කියන නිසාත්, මේ කතුවරයාගේම සෙංකොට්ටං හා මානික්කවත කියන පොත් දෙක කියවලා තියෙන නිසාත් මම දෙපාරක් නොහිතා ඒ පොත ගත්තා.

අරගෙන කියවලා බලද්දි තමයි මට කිසි වැඩක් නැති කතාවක් කියලා හිතුනේ. හෙනම බොළඳ ලාමක කතාවක්. අපරාදේ පොතට වියදම් වෙච්ච සල්ලි.

04 April 2025

පොත් පොත් පොත්

 කාළයකට කලින් මම මාසයකට පොත් දෙක තුනක් විතර අරගෙන කියවන්න පුරුදු වෙලා හිටියා. ඊට පස්සේ ඩොලර් එක නහුතෙට නැග්ගට පස්සේ පොත් විතරක් නෙමේ හැම දේම ගණන් ගියා. ඒ නිසා පොත් ගන්න එක අඩු උනා. අඩු උනා නෙමෙයි. අඩු කලා කියලා කිව්වොත් තමයි වඩාත්ම නිවැරදි.

ඉස්සර රුපියල් දෙතුන් දාහක් අරගෙන ගියහම කොහොමහරි පොත් තුන හතරක් විතර අරගෙන එන්න පුලුවන්. ඒත්  දැන් ඒ ගානට ගන්න පුලුවන් එකම එක පොතක් හෝ වැඩිම උනොත් පොත් දෙකයි. 

30 March 2025

මල් සිංදු

කාලෙන් කාලේට නොයේක දේවල් කරලියට එන එක හැම කාලේම සිද්ද වෙච්ච දෙයක්. 2003 වගේ අවුරුද්දෙත් ඒක එහෙමයි කියලා කියන්න පුලුවන්. ඒ කාලේ කරලියට ආවේ මල් සිංදු. ඔය කියන 2002-2003 වගේ අවුරුදු වල ෆේස්බුක් ඒ තරම්ම ජනප්‍රිය නෑ. ජනප්‍රිය නෑ කියන්නේ ස්මාර්ට් ෆෝන් එහෙම මිනිස්සු අතරේ තිබුණෙත් නැති තරම්ම වගේ.

මේ කාලේ තමයි ෆ්ලෑශ්බෑක් සංගීත කණ්ඩායම පීක් එකේ හිටපු කාලේ.

25 March 2025

හතරයි හතරේ රූබික් කැටේ

කලින් වතාවක 3x3 රූබික් කැටය හදපු බ්ලොග් ලිපි ගණනාවක්ම මේ බ්ලොගයේ මම පළ කරලා තියෙනවා නෙව. ඒ දවස්වලම මම ඒ කැටය හදන්න පුරුදු වෙලා දැන් නම් හෝදටම අත හුරුයි. ඒ නිසා ඒ කැටය හදන එක ටිකක් විතර කම්මැලි වැඩක් වෙලයි තියෙන්නේ. ඔය අල්ල පනල්ලේ තමයි මට හිතුනේ හතරේ හතරේ කැටේ ගෙනැල්ලා පොඩ්ඩක් හක්කලං කරලා බලන්න ඕන ය කියලා හිතුනේ.


ඒ කැටෙත් මම ගෙනල්ලා දැන් මාස ගණනාවක් උනත් ඔන්න අද තමයි මම හරියාකාරවම හදාගන්න පුලුවන් උනේ. ඒකත් මේ යූ ටියුබ් එකේ තිබ්බ වීඩියෝ කෑල්ලකට පින් සිද්ද වෙන්ඩ තමයි.