13 October 2025

රයිෂන්බාක් ඇල්ල

 මනඃ කල්පිත රහස් පරීක්ෂක චරිතයක් වෙච්ච ෂර්ලොක් හෝම්ස්ගේ කතාන්දර ස්ට්‍රැන්ඩ් සඟරාවට ලිය ලියා උන්නු සර් ආතර් කොනන් ඩොයිල්ට මේ රහස් පරීක්ෂක චරිතය නිසා සෑහෙන කරදරෙන් හිටියේ. ඒ ෂර්ලොක් හෝම්ස් කතා දිගින් දිගටම ලියන්න කියලා පාඨකයින්ගෙන් ආපු ඉල්ලීම් නිසා.

මේ වෙනකොට ෂර්ලොක් හෝම්ස් කතා 24ක් විතර සර් ආතර් කොනන් ඩොයිල් ලියා තිබුනා. ඉතින් තමන්ගේ වෛද්‍ය වෘත්තියයි ලේඛන කළාවයි දෙකම එකට කරගෙන යන්ඩ බැරි නිසා ඔහු මේ රහස් පරීක්ෂක  චරිතය මරන්න ක්‍රමයක් හෙව්වා.

12 October 2025

අද දවසේ ගණිත ගැටළුව

 අද ඉතින් ඉරිදා දවසේ කට්ටියම ගෙදරට වෙලා විවේකි සුවයෙන් ඉන්න ඇති කියලා හිතනවා. ඉරිදා දවස විවේකි සුවයෙන් ගතකරලා හවස් වෙනකොට තමයි ටික ටික මතක් වෙන්නේ හෙට සඳුදා නේද කියලා.

දුර බැහැර පලාත් වල ඉඳලා කොළඹට වැඩට එන අයට හෙට උදේම්ම ඇහැරිලා බස් වලට දුවන්ඩ ඕන කියලා මතක් වෙනකොට කේන්තිත් යනවැති. මොනවා කරන්නද ඉතින් ජීවත් වෙන්ඩ රස්සාවකුත් කරන්ඩ එපෑ.

සති අන්තයේ ගම්බිම් වල ගියපු අය උදෙම්ම වැඩට එන්න පිටත් වෙන නිසා වාහන තදබදයත් ටිකක් විතර වැඩි දවසක් තමයි හෙට....!

ඒවයින් කාරි නෑ...

11 October 2025

කෝපි

 අද උදේ සිට ම කඩින් කඩ වසින වැස්සක් පවතින දිනකි ය. වැස්සට මිතුරුව හමන සුළඟ නිසා ගස් වැල් ද ඇඹරීගෙන යන්නේය. ඒ මදිවට සිරුර විනිවිද යාමට තරම් සීතලද දැඩි ය.සුළඟ නිසා වැහි බිදු පොලවට ආනතව පතිත වේ. මේ ආනතිය නිසා ඉස්තෝප්පුව මුළු මනින්ම හිරිකඩ වලින් නැහැවී ගොස් ය.

වැස්ස පර යා සුපුරුඳු සුවඳකින් නැහැ පුඬු පිරී යයි. ඒ වෙන සුවඳක් නොවේ... උණු උණුවේම කබලේ බදින කෝපි ඇට වලින් එන සුවඳකි. කොච්චරවත් කෝපි ඇට වියලා බෝතල් කර තිබුණට ඒවා බැද කුඩු කිරීමට ගෙදර මිනිස්සුන්ට මතක නැත.

08 October 2025

මේස් දෙකක්

මේක මේ මුහුණුපොතේ මම දැක්ක ගැටළුවක්.

මේකයි කතාව.... !

අඳුරු කාමරයක ලාච්චුවක එක වර්ගයක මේස් දහයකුයි තවත් වර්ගයක මේස් දහයකුයි තියෙනවා. අපි අඳුරේම ලාච්චුව ඇරලා එක වර්ගයක මේස් කුට්ටමක් දාගෙන යන්න ඕන කියලා කියමු. 

06 October 2025

දස වසරක් !

 මේ දිනවල අන්තර්ජාලය පුරා පින්තූර කිහිපයක් ඉතාම සීග්‍රයෙන් හුවමාරු වෙයි. ඒ ඉන්දුනීසියාවේ ජීවත් වන වයස්ගත යුවලක් වන කාටෝ හා වර්සිනීගේ ය.

මේ ඡායාරූප පෙල මෙලෙස කා අතරත් ජනප්‍රිය වන්නේ එකම තැනකදී ගත් ගූගල් ස්ට්‍රීට් විව් ඡායාරූප පෙලක් ලෙසය.

පහලින් ඇත්තේ ඒ ඡායාරූප පෙළයි.

05 October 2025

ජේම්ස් මොරියාටි

 රහස් පරීක්ෂණ ශානරයේ පොත් කියවන කෙනෙක් නම් ජේම්ස් මොරියාටි එහෙම නැත්නම් ජිම් මොරියාටි. නිකන්ම නිකන් මොරියාටි නෙමේ. ඔහු මහාචාර්ය ජේම්ස් මොර්යාටි... !

ගණිත විෂයය සම්භන්ධ මහාචාර්යය කෙනෙක් විදිහට තමයි ජේම්ස් මොරියාටිව ලන්ඩනයේ ජනතාව හඳුනා ගන්නේ. එහෙත් රහස් පරීක්ෂක ෂර්ලොක් හෝම්ස්ට නම් ඔහු පාතාලයෙ සෑහෙන්න නමක් දිනාගෙන ඉන්න කුප්‍රකට අපරාධකරුවෙක්.

04 October 2025

හේන් පැලක රෑක් ගත කළෙමි - දෙවැනි කොටස

 කලින් ලියමන නවත්තපු තැනින් තමයි අද පටන් ගන්නේ. මම කලින් ලිපියේ කිව්වා නේ පැල් රකින්න යන්ඩ ඕන කරන කලමනා ටික මල්ලට දාගත්තයි කියලා. මම ඇත්තටම මල්ලට දාගත්තේ මේ ටික.

  1. කලින් දවසක චාර්ජ් කරපු ලයිට් එකක්.

  2. පොඩි බඩගින්නක් එහෙම ආවොත් කන්න කියලා බිස්කට් එකක්.

  3. රෑ සීතල මැකෙන්න කියලා ජැකට් එකක්.

  4. වතුර බෝතලයක්.

  5. පරණ මදුරු දැලක්.

  6. මදුරු කොයිල් ජෝඩුවක්.

  7. චාර්ජ් කරන්න පුළුවං ජාතියේ පොඩි රේඩියෝ එකක්.


ඔය වගේ පොඩි පොඩි දේවල් ටිකක් තමයි මගේ මල්ලේ තිබුනේ. මම ඔය ටිකත් දාගෙන ලැහැස්ති උනා. ඊට පස්සේ අපේ මලයා බයික් එකකින් හේන තිබ්බ හරියටම ඇරලවලා යන්ඩ ගියා. 


හේන තිබ්බ ඉසව්ව හරිම ලස්සනයි. එක පැත්තක බඩ ඉරිඟු හිටවලා තිබුණා. අනිත් පැත්තේ වම්බටු එහෙම දාලා තව පැත්තක ඔය වගේ වියළී කළාපයේ වැවෙන එළවලු ජාති කිහිපයක් තිබුණා. බඩ ඉරිඟු ටික නම් කිරි වදින කාලේ නිසා වල් ඌරන්ගෙන් එහෙම පරිස්සම් කරන්ඩ ඕන කියලා තමයි හේනේ අයිතිකාර මාමා කිව්වේ. හේන් බෝග ටික බලාගෙන අඩි පාර දිගේ මම පැල් කොටේ තිබ්බ හරියට ආවා. 

03 October 2025

හේන් පැලක රෑක් ගත කළෙමි

 ඉස්කෝලේ යන කාලේ සිංහල සාහිත්‍යය විශයයට ජන ගී එහෙම ඉගෙන ගන්නකොට අපිට නොයේක වර්ගවල ජන ගී හම්බ වෙලා තියෙනවා. පාරු කවි, පතල් කවි, කරත්ත කවි, ගොයම් කවි, පැල් කවි වගේ අටෝරාසියක් වර්ගවල කවි ඉගෙන ගෙන ඇති. ඒ කාලේ ඕවා උගන්නපු ටීචර් ඔය එකේක රාජකාරියේ තියෙන භයානක කමයි ඒ රාජකාරිය කරන කොට තියෙන කම්මැලිකම සාංකාව මග හැර ගන්න කවි කියන හැටි එහෙම පණ පිහිටුවලා රසට කියලා දුන්නා. ඔය හන්දම ඒ කාලේ මගේ හිතේ ලොකූ උණක් තිබුනා කවමදාක හරි ගහක් උඩ අටවපු පැලක රෑක් ගත කරලා ඒ අත්දැකීම කොහොමද කියලා රසවින්දනය කරන්ඩ ඕනයි කියලා.

ඒ දවස්වල මම ඕක අපේ තාත්තට කිව්වේ මේ පැති වල කුඹුරු තිබ්බට පැලක් අටවගෙන පරිස්සම් කරන්න ඕන තරම් සත්තුන්ගෙන් කරදර සිද්ද වෙන්නේ නැති හන්ද පැල් ගහගෙන ඉන්ඩ ඕන නෑයි කියලා. මේ පැති වල නම් රෑකට මීයෙක් දෙන්නෙක් පැනලා වක්කඩවල් වල ගුල් හාරන ඒවයි දවාලට මී හරක් පැනලා කුඹුරු කෑලි මඩ කරලා දාන ප්‍රශ්නයි ඇරුනහම වෙන සත්තුන්ගෙන් හාකි වෙනවා අඩුයි. අඩුයි කියන්නේ නැතිම තරම්.

මීයන්ට නියරවල් උඩින් අමු ගස්ලබු කෑල්ලක් හරි මීපාසානම් ටිකක් හරි තිබ්බොත් මී කරදරේ ඉවර කරගන්ඩ පුලුවන්. හරකුන්ගේ කරදරේට නම් හරක් අයිතිකාරයන්ට සද්දයක් දාලා ආවහම නිස්කාරනේ කුඹුරුවලට හරක් පනින කරදරේ අඩු කරගන්ඩ පුලුවන්.