අද උදේ සිට ම කඩින් කඩ වසින වැස්සක් පවතින දිනකි ය. වැස්සට මිතුරුව හමන සුළඟ නිසා ගස් වැල් ද ඇඹරීගෙන යන්නේය. ඒ මදිවට සිරුර විනිවිද යාමට තරම් සීතලද දැඩි ය.සුළඟ නිසා වැහි බිදු පොලවට ආනතව පතිත වේ. මේ ආනතිය නිසා ම ඉස්තෝප්පුව මුළු මනින්ම හිරිකඩ වලින් නැහැවී ගොස් ය.
වැස්ස පර යා සුපුරුඳු සුවඳකින් නැහැ පුඬු පිරී යයි. ඒ වෙන සුවඳක් නොවේ... උණු උණුවේම කබලේ බදින කෝපි ඇට වලින් එන සුවඳකි. කොච්චරවත් කෝපි ඇට වියලා බෝතල් කර තිබුණට ඒවා බැද කුඩු කිරීමට ගෙදර මිනිස්සුන්ට මතක නැත.