05 June 2022

නයනතාරාවත - 4 කොටස - විවාහයට දින නියම වේ

පළමු දිගහැරුම | දෙවන දිගහැරුමතෙවන දිගහැරුම

 

ඔහු කොළොම්තොට අහස යට ජීවත් වීමට හුරු වී පෝය දෙක තුනක් ගෙවී ගොසිනි.

ඒ ගත වූ හැම පෝය දිනකම නයනතාරා සිටියේ සිය නැන්දනියගේ නිවසේ ය. නැන්දනියත් නයනතාරා මෙන් අත්භූත එකියකි. ඈට වත්තේ ඕනම ගසකට නැගිය හැක. ඈ වඩාත්ම ප්‍රිය කරන්නේ කොස් ගසට හෝ දෙල් ගසට නැගීමට ය.

ගසට නගින නැන්දනිය ගසින් බසින්නේ කොස් හෝ දෙල් ගෙඩි අතින් කටින් එල්ලාගෙන ය.

04 June 2022

නයනතාරාවත - 3 කොටස - කොළොම්තොටින් සියනෑවට

පළමු දිගහැරුම | දෙවන දිගහැරුම

 උත්සහයන් යුග්මයක පරාජයෙන් උමතු වූ නයනතාරා මෙවර ගැඹුරින් කල්පනා කොට තම සැලැස්ම ක්‍රියාවෙහි යෙදෙවූ වා ය.

ඒශාන් කුඩා කළ පටන් ගුරු ගෝල සබඳතාවයන් දේවත්වයෙන් සැලකූවෙකි. ගුරුවරයෙකු යමක් කියන්නේ ද, ඔහු ඒ හා විවාද කරන්නේ නැත.  ගුරුවරයෙක් යමක් කියන්නේ තම ගෝලයින්ගේ අභිවෘද්ධිය උදෙසා බව ඔහු නිරන්තරයෙන්ම සිතයි.

මේ නිසා මෙවර නයනතාරාගේ සැලැස්ම ක්‍රියාවෙහි යෙදෙව්වේ සිය ගුරු දෙමාපියන් ය.

ඈ සිය මවු දෙමාපියන් ඉදිරියේ තම සිතැඟි ඉදිරිපත් කළා ය.

03 June 2022

නයනතාරාවත - 2 කොටස - ඒශාන්

පළමු දිගහැරුම 


මේ කාළයේ  කැලණි ගඟින්  ගවු ගණනක් එතෙර ගම් පහක් එක්කොට සැදුම් ලද ගම්පහ නම් වූ ගමක අප්‍රකටව ජීවත් වූ තරුණයෙක් කොළොම්තොටට ආහ. ඔහු නමින් ඒශාන් නම් විය. 

දෙමාපියන් ඔහුට නම් තැබුවේ ශාන් කියා ය. එහෙත් පුද්ගල නාම ලේඛනගත කරන කරන නිළධාරී තැන, ඈතින් පියා සමඟ හුරතල් වන දරුවා දැක "අර කවුදැ යි ?" විචාලේ ය.

ඔහුගේ මව විසින් "ඒ ශාන් !" යැයි පෙරළා පිළිතුරු බැන්ඳා ය. ඔහුගේ මව පැවසූවේ ඒ ඈතීන් සිටින්නේ ශාන් බව ය. එහෙති නිලධාරි තැන සිතුවේ දරුවාගේ නම ඒශාන් බව ය. ඉනික්බිති ඔහු කටු පෑනෙන් එක හුස්මටම ඒශාන් යැයි නම ලියූ ලියවිල්ල මවගේ අතට දී ඒ පවුල පිටත් කලෝ ය.

එශාන්ගේ පියා නිවසේදි ලියවිල්ල කියවන විට දරුවාගේ නම ලියූ තැන දැක,  ඔහුගේ හිස වටා  හත්දින්නත් තරු පඞක්තියම බමන්නා සේ දැනෙන්නට විය.

02 June 2022

නයනතාරාවත - 1 කොටස - උත්පත්තිය

අදින් වසර ගණනාවකට පෙර අතීතයේ ලඞකාද්වීපය පාළනය කළේ සතුරු උවදුරකින් එක් ඇසක් අහිමි වූ පාතරට රදල කුළ කාන්තාවක් විසින් ය. ඈ එවකට සියනෑ කෝරලය නම් වූ පාළන ප්‍රදේශයක වූ හොරගොල්ල නම් වලව්වක ජීවත් උනා ය. 

මා පාඨක ඔබව ඒ එකැස් රැජිනගේ පාළන කාළය දක්වා කාළයේ ආපස්සට ගෙන යාමට කැමැත්තෙමි. මා ඔබට පෙන්වන්නට යන කතාන්තරය සිදු වූයේ මේ එකැස් රැජිනගේ පාලන සමයේ දීය. කතාන්තරයක් කියවා රසවිඳිනවාට වඩා එය සිදුවූ කාළ වකවානුවේ සිට සියැසින් දැක ගැනීම වටී යැයි මා සිතමි. එසේ නම් මා සමග අතීතයට ගමන් කිරීමට ඔබට ඇරයුම් කරමි.

ඈ රට පාළනය කළ සමයේ  ලඞකාදීපයෙහි කොලොම්තොටින් සිව් ගවුවක් දුරින්, එතෙර මෙතෙර යන්නාවූ මඟීහු කල්ප වෘක්ශයක් බඳු නුග ගසක් අසලින් එගොඩ මෙගොඩ වූ ග්‍රාමයක් වූහ. ලඹ නුග මුලෙහි වාරුවෙන් දිය කඳුරු වලින් එගොඩ වූ නිසා එ ගම නුගේගොඩ යැයි නම් ලදහ. නුගේගොඩින් තුන් හූවක් දුරින් විජයාරාමය නම් ග්‍රාම නාම ලත් කුඩා ගමක ගුරු කුළයක දෙමාපිය හට දා ව දුවණියක උපන්නා හ.

01 June 2022

නයනතාරාවත පූර්වාරම්භය

නයනතාරාවත යනු හුදෙක් ආදර අන්දරයක්ම නොවේ. මේ කතාන්තරය තුලින් ලාංකීය යුවතියකගේ ජීවිතයේ හරස්කඩක් විද්‍යාමාන වන කතා පුවතකි. ඇඟේ ජීවිතය තුල විඳි දුක් ගැහැට හා ඒවාට ඈ ගන්නා ලද උපායමාර්ග යනාදිය මේ කතාව තුලින් පාඨකයාට විද්‍යාමාන කරවයි.


එකල ඇසතු බෝ මුල හිඳගත් සිද්ධාර්ථ ගෞතමයෝ, "බුදු වූවොත් මිස නොනැගිටිමියි" යන පරිද්දෙන් අධිශ්ඨාන කලාක් මෙන් නයනතාරා ද කෙසේ කෝ ආල දිනා ගනිමියි යන්න අධිශ්ඨාන කලාය.