11 January 2025

Squid Games Season 02

 ත්‍රිලර් ගණයට අයිති වෙන Squid Games ටීවී සීරීස් එකේ පළවෙනි සීරීස් එක මීට වසර තුනහට වගේ ඉහතදී නිකුත් උනා කියලා ඔයාලට මතක ඇතිනේ. ඒක නෙට්ෆ්ලික්ස් වල රිලීස් වෙච්ච කොරියන් කතා මාළාවක්. ඒකට සෑහෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර තිබ්බා.

ඔන්න ඒකෙම දෙවෙනි සීරිස් එක ගිය අවුරුද්දේ ඒ කියන්නේ 2024 අවුරුද්දේ දෙසැම්බර් මාසේ 26 වෙනිදා නිකුත් උනා. මේක ඉතාමත් කෙටි සීරීස් එකක්. කොටස් 7ක විතර කෙටි සීරීස් එකක් තමයි නිකුත් උනේ.


පරණ තිබ්බ ආසාවටයි කුතුහලයටයි මේ සීරීස් එක බැළුවට ඒකේ අවසානය නම් එච්චර හොඳ නෑ. කතාව නිකන් බාගෙට ඉවර උනා වගේ හැඟීමක් දැනෙනවා. ඒකට හේතුව විදිහට කියලා තියෙන්නේ තුන්වෙනි සීසන් එකත් ළඟදිම එනවයි කියලා. 

දැන් ඉතින් ඒකත් එනකන්ම බලාගෙන ඉඳපල්ලකෝ.

කියන්න තරම් ලොකු වරදක් නැති කතා සෙට් එකක්. මම නම් කොරියන් කතා වල ලොකු ෆෑන් කෙනෙක් නෙමෙයි. මට කොරියන් කතා වල ඉන්න නළු නිළියන්ගේ හැඩරුව පැටලෙනවා. ඔක්කොම එක වගේ කියලා හිතෙනවා. මේ කත වලත් පළවෙනි සීරීස් එකෙ ඉන්න සෙට් එකේම මුහුණු ටිකක් පැටලෙන ගතිය තියෙනවා. මේ නළුවා පළැවෙනි සීරීස් එකේ හිටියේ කොයි චරිතයටද කියලා හිතාගන්නත් සෑහෙන වෙලාවක් යනවා.

ඒ උනාට කමක් නෑ. ඔයාලත් හොයාගෙනම බලන්නකෝ ! එහෙනම් ජය වේවා !

4 comments:

  1. මම ඕක බලල නෑනේ .. බලන්න හිතෙන්නෙත් නැහැ .. අනේ මන්ද

    ReplyDelete
    Replies
    1. එක එක්කෙනාගේ රසාස්වාදය විවිධයි නේ

      Delete
  2. මටත් බලන්න හිතුණෙ නෑ. අදහස කොහොමත් අතහැරියා දැන්!

    ReplyDelete
    Replies
    1. හ්ම්....අනේ මන්දා ඉතින්

      Delete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.