06 January 2025

ජේසු බිළිඳුන් රජුන්ට ප්‍රත්‍යක්ෂ වීමේ මංගල්ලය

 " මොකෝ මේ නත්තල් ගහයි ගවලෙනයි අස් කලේ නැත්තේ ? " යැයි මා ආදරණීය මාමණ්ඩියගෙන් ඇසූ වේ නත්තලත් පසුවී ඉරිදාවක් ද පසු වූවාටත් පසු ය. 

මා කුඩා කළ නම් ජනවාරි පළමුවන දිනයෙන් පසුව එන දිනයකදී නත්තල් සැරසිලි සියල්ලම ඉවත් කර දමනු ලබයි. නමුත් මාමණ්ඩි නම් මේ සැරසිලි දැන්ම ඉවත් කරන බවක් නොපෙනුනි.

" ජනවාරි 6 වෙනිදායින් පස්සේ ම නත්තල් ගහ ගලවනවා"  ‍යයි ඔහුගේ පිළිතුර විය.

මොකද්ද මේ ජනවාරි 6 වෙනිදා ? ඇයි ඒ වෙනකන් මේ සැරසිලි තියාගෙන ඉන්නේ ?

අද බ්ලොග් සටහන ඒ වෙනුවෙනි.


ජනවාරි 6 වෙනිදා කිතුණු බැතිමතුන්ට වැදගත් දිනයකි. ඒ ජේසු බිළිඳුන් රජුන්ට ප්‍රත්‍යක්ෂ වීමේ මංගල්ලය යෙදී ඇති නිසා ය. 

ජේසු බිළිඳුන් ඉපදුන දා ආකාශයේ වල්ගා තරුවක් පෑයූ බව බයිබලයේ සදහන් වේ. ඒ වල්ගා තරුව ඔස්සේ පෙරදිගින් රජවරු තිදෙනෙක් මේ ජේසු බිළිඳුන් බැහැදකින්නට පැමිණ තිබේ. ඒ පෙරදිග ආ රජවරුන් තිදෙන ජේසු බිළිඳුන් බැහැදකින ලද්දේ ජනවාරි 6 වෙනිදාවක බවයි පැවසෙන්නේ.



සාම්ප්‍රදායික කිතුණුවන්ගේ නත්තල් මංගල්ලයේ සියළු කටයුතු ජනවාරි 6 වෙනිදායි අවසන් කරන්නේ මෙම හේතුව පදනම් කරගෙන ය.

රජතුන් කට්ටුවක් ය කීවාට සමහරක් තැනෙක මේ පෙරදිගින් ආ සාස්තෲවරුන් තිදෙනෙක් බව ද සදහන් වේ. ජනවාරි 6 වෙනිදාට කිතුණු දේවස්ථාන වල දිව්‍ය පූජාවක් ද පැවැත්වේ. මෙම දිව්‍ය පූජාවේදී  ද මෙම කාරණාව සිහිපත් කෙරේ.

---------------------------------------------------------------------------

ප. ලි. - වැඩි විස්තර සදහා පහත සබැඳිය වෙත යන්න.

No comments:

කමෙන්ට් එකක් දාලම යමු ද ?

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.