10 July 2022

බයිසිකල් මිල

 මම කලින් බ්ලොග් ලිපි  දෙක තුනකම කියලා තියෙනවනේ ෆුට් බයිසිකලයක් ගත්තයි කියලා. ඊට පස්සේ මට තියෙන ලොකුම කරදරේ බයිසිකලය පදින එක නෙමේ. බයිසිකලය පැදගෙන යනකොට පාරේදි හම්බවෙන මිනිස්සු බයිසිකලයේ මිල කීයද කියලා අහන එක. එක්කෙනෙක් දෙන්නෙක් නම් කමක් නෑ කියමුකෝ. සමහර වෙලාවට හය හත්දෙනා අහන වෙලාවලුත් සෙට් වෙනවා. ඒක නම් මහ කරුමයක් අප්පා.

ඔන්න මම බයිසිකලයේ  මිල කිව්වා කියමුකෝ. ඊට පස්සේ ඒ මිනිස්සු සැහෙන්න විස්සෝප වෙලා එක එක  කමෙන්ට් දෙනවා.

"අම්මෝ සෑහෙන ගණන් නෙහ්  දැන්  බයික්."

"අපරාදේ  ගත්තේ. අහවල් කඩේ නම් අහවල් ගානට බයික් තියෙනවා."

"ඔය ගානට ගියර් තියෙන එකක් ගත්තා නම් තමා  වටින්නේ."

"ඕක ජපන් ද ? ජපන් එකක් නම් ඔය ගානට ගත්තට පාඩු නෑ."

ඔය වගේ අටෝරාසියක් කමෙන්ට් අහගන්න වෙනවා. හරියට මම එයාලගේ සල්ලි නාස්ති කරලා බයික් එකක් ගත්තා වගේ. සල්ලිත් මගේ නම් වියදම්  කලෙත් මම නම් බයිසිකලය පදින්නේත් මම නම් ඒ මිනිස්සු මොන මගුලකට විස්සෝප වෙනවද මන්දා.

මම බයිසිකලය ගත්තේ 52,000කට. ඒක ස්ටැලියන් ලේඩිස් ටයිප් සිංගල් ගියර්  බයිසිකලයක්. ටයර් සයිස් එක   26 වෙන්නේ. ලේඩිස් ටයිප් එකකට ගියේ මේ බයිසිකලය හදිසි වෙලාවට අපේ උන්දැත් පදිනවා. දැන් මගේ සුළු සුළු ගමන් බිමන්  බයිසිකලයෙන්. එක අතකට ඒකත් ලේසියි. තෙලුයි සල්ලියි දෙකම ඉතුරුයි. කාලය තමයි ඉතුරු නොවෙන එකම දේ.

අඩේ ඉතින්ම මාත් දන්නවා ඒ මිලට මේ බයිසිකලය පාඩුයි කියලා. ඊත් ඉතින් මම කියලා  කරන්නද ? උවමනාවක් තියෙනවා නම් කීය උනත් ගන්න එපෑ. ඔය නෙගටිව් කමෙන්ට් දෙන එක්කෙනෙක්වත් මේ දවස්වල බයිසිකල් මාර්කට් එක ගැන  කියලා ෂුවර්. තෙල් අර්බුධය නිසා මිනිස්සුන්ගේ බයිසිකල් ඉල්ලුම සෑහෙන විදිහට ඉහල ගිහින්. කොටින්ම ගෙදර දිරන්න දාල තිබ්බ ලඩියත් දැන් 40,000+ යන්නේ. ඒවගේ එකක් අරගෙන කෑලි දම දමා හදන්නේ ඕන නැති නිසයි මම අලුත් එකකට ගියේ. 

අධික ඉල්ලුම නිසාම පාවිච්චි කරපු ජපන් බයිසිකලයකුත් 80,000ට එහා පැත්තේ මිලකට තමයි අලෙවි වෙන්නේ. මේ නිසාම බයිසිකලයක් ලේසි පහසු මිලකට නම් ආයෙම ගන්න හම්බ වෙන එකක් නෑ. එදිනෙදා ගන්න බඩුත් සැහෙන මිල වැඩි වෙච්ච එකේ බයිසිකල් වල මිල වැඩි නොවී තියෙන්න විදිහක් ඇත්තෙම නෑ.

ඒ නිසාම මොනාහරි දෙයක් ගන්නවා නම් දැම්ම තියා අරගන්න එක තමා හොද. ලංකාවේ මිල වැඩි වෙච්ච දෙයක් ආයේ මිල අඩු උනා කියලා කොහෙවත් කියවෙලා නෑ. ඒ නිසා ඔයාලගේ හිතේ බයිසිකලයක් ගන්න අදහස තියෙනවා නම් නායක අරගෙන හරි කමන් නෑ බයිසිකලයක් අරන් දාන්න.  පස්සේ හූල්ල හූල්ල ඉන්නවට වඩා එක හොද වෙයි.

එහෙනම් ඉතින් මම ගියාවේ. ආයේ දවසක බ්ලොග් ලිපියකින් හම්බ වෙන්නම්කෝ.


7 comments:

  1. මේ සිරිලංකාවේ නැග්ගාම බහින්නේ දෙකයි. එකක් ඉර අනික අහවල් අවයවය. ඒ හින්දා නැග්ග බඩුමිල ඇතුලු කිසිවක් බහින්නේ නම් නැත.

    ReplyDelete
  2. අයියේ ප්‍රශ්නයක් තියනවා මීට අවුරුදු 8 විතර කලින් දාපු එකක් ගැන
    අහන්නද?
    Reply කරනවද?

    ReplyDelete
    Replies
    1. අහන්න.

      Delete
    2. පෝය පන්තිවල මුඛ සංසර්ගය වැරදියි කියල උගන්නනවද?

      Delete
    3. පිස්සුද ? ඕව කියලා දෙන්න එන්නේ මැදි වයසත් පැනපු කපල් එකක්. ඒ අය ඕව කියන්නේ නෑ. මුඛ සංසර්ගය, ගුද සංසර්ගය වගේ දේවල් කියන්නේ නෑ.

      හැබැයි මෙහෙම දෙයක් නම් කියනවා. මොන වැඩේ කලත් කොන්ඩම් පාවිච්චි කරන්ඩ එපා ය කියලා නම් කියනවා. ඒක ආගමට පටහැනියි කියලා කියනවා. (විකාර )

      Delete
  3. මිල සූත්‍ර කවද්ද පහල බැස්සෙ.....

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.