කාර් එකක් ගන්නවා වගේ නෙමෙයි ඒවෑ එන නඩත්තු වියදම් දරන්න වෙනකොට. මගේ කාර් එකේ කාලයක ඉදන් ඒසී එක වැඩ කරන්නේ නැතුව තිබ්බා. A/C එක දැම්මහම කම්ප්‍රෙශර් එකෙන් මහ කඨෝර සද්දයක් ඇහෙනවා. ඒක නිකන් හරියට වී මෝලක් ස්ටාර්ට් කලා වගේ සද්දයක් ඇහෙන්නේ.
දවසක් නිවාඩු දාලා මම ඔටෝ A/C රෙපයාර් කරන තැනකට ගියා. එහෙන් වාහනේ බෆර් එක එහෙම ගලවලා බලලා කිව්වා කම්ප්‍රෙශර් එක ගන්නම දෙයක් නෑ. ඒක රිප්ලේස් කරන්න ඕන කියලා කිව්වා. ඒ විතරක් යෑ. කම්ප්‍රෙශර් එක කැපිලා කළුපාට කුඩක් කන්ඩෙන්සර් එකටත් ගිහින්. ඒකත් සුද්ද කරන්න ඕන කිව්වා.
මට ඉවෙන් වගේ තේරුනා සෑහෙන ගානකට කෙල වෙන පොටක් ය කියලා. මොකද මේ කාලේ වාහන වල ස්පෙයාර් පාර්ට්ස් හරිම ගණන්. පොඩි සර්විස් එකක් කලත් පන්දාහකින් මෙහා ගොඩ ඒමක් නෑ.
ඒ වෙලාවේ ලොකු මුදලක් අතේ තිබුනේ නැති නිසා මම සර්විස් එක නොකරම කාර් එක අරගෙන ආවා.
![]() |
පස්සේ දවසක මම රත්මලානේ ස්පෙයාර් පාර්ට්ස් කඩේකින් අළුත්ම කම්ප්‍රෙශර් එකකුයි කන්ඩෙන්සර් එකකුයි ගෙනාවා. දෙකටම රුපියල් 57,000ක් ගියා. කම්‍රෙශර් එක 40,000ක් !
ඉතින් හිතාගත්තෑකිනේ ස්පෙයාර් පාර්ට්ස් ගනන් ගිය හැටි ගැන !
No comments:
කමෙන්ට් එකක් දාලම යමු ද ?
ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.