03 December 2016

හඳුන්කූරු වෙළෙන්දා හා විනෝද සමය

පහුගිය සතියේ ඉරිදා දවසක මායි අපේ තාත්තයි කොළඹ එන්න පානදුරෙන් කෝච්චියට ගොඩ උනා. පානදුරේ ඉදලා මරදාන දක්වා යන මන්දගාමී දුම්රියකටයි අපි ගොඩ උනේ.

ඔන්න ටික වෙලාවකට පස්සේ හඳුන් කූරු විකුණන මනුස්සයෙක් ගොඩ උනා. වෙන මනුස්සයෝ වගේ නෙමේ. මේ මනුස්සයා හඳුන් කූරු විකුණන ගමන් පොඩි පොඩි විනෝද කතා එහෙමත් කියනවා.

සරලව කියනවා නම් ජොලි පොරක් !

මේ මනුස්සයා කියපු එක කතාවක් බ්ලොගයේ අමුණන්න හිතුවා. මෙන්න මේකයි කතාව.

දැන් වගේ නෙමේ, ඒ කාලේ ටැක්සි එහෙම හිඟයි. ඔන්න දවසක් තුන් දෙනෙක් පාරට වෙලා ඉන්නවා ටැක්සියක් එනකන්. ටික වෙලාවකින් ටැක්සියක් ආවා. මේ තුන් දෙනා ටැක්සියට ගොඩ උනා.

ටික වෙලාවකින් ටැක්සි රියදුරාට ඇහෙනවා ලූ.

"මූගේ බෙල්ලට පිහියෙන් ඇනපන් !" කියලා.

තවත් ටික වෙලාවකින්,

"මූ මැරුනේ නැත්තන් බෙල්ල මිරිකපන් !" කියලා.

ඊටත් ටික වෙලාවකට පස්සේ අනිත් එකා කියනවා ලූ,

"අපි මූගේ සල්ලි හොරකම් කරමු. " කියලා.
ආයේ ටික වෙලාවකින් අර තුන් දෙනා අර විදිහටම කිව්වා ලූ. මේක අහගෙන හිටපු ටැක්සි ඩ්‍රයිවර්ට හීන් දාඩිය දැම්මා ලු.

ඇයි යකෝ මුන් තුන් දෙනා හදන්නේ මාව මරන්න නෙහ් කියලා ඩ්‍රැයිවර්ට හිතුනා ලු. ඩ්‍රැයිවර් පාර අයිනට කරලා ටැක්සිය නවත්තලා පස්ස බල බල දුවනවාලු.

ඒත්තෙක්කම මේ තුන් දෙනාත් ඩ්‍රැයිවර් පස්සේ දුවනවාලු. මේ තුන්දෙනා දුවන ගමන්,

"ඇයි ඔයා දුවන්නේ ? අපිව පෑලියගොඩට එක්ක යන්නේ නැද්ද ?" කියලා ඇහුවලු.

"මං කොහොමද ඔයාලා එක්ක යන්නේ ඔයාලා හදන්නේ මාව මරන්න නේ !" කියලා ඩ්‍රැයිවර් දුවන ගමන් කිව්වාලු.

"නවතින්න නවතින්න ! අපි ඔයාව මරන්න නෙමේ හැදුවේ" කියලා අර තුන් දෙනා කිව්වාලු.

එහෙම කිව්ව නිසා ඩ්‍රැයිවර් ටිකක් නැවතුනාලු.

"අපි මේ නාට්ටියක් පුරුදු වෙනවා. ඒකේ දෙබස් පාඩම් කර කර ගියේ." කියලා ඒ තුන් දෙනාගෙන් එක්කෙනෙක් කිව්වාලු.

ඒ තුන් දෙනාගෙන් එක්කෙනෙක් ඇනස්ලි. අනිත් එක්කෙනා බර්ටි ලූ. තුන් වැන්නා සැමුවෙල් ලූ.

මේ තුන් දෙනා පෑලියගොඩට යනවලු නාට්‍ය සංදර්ශනයකට. මේ තුන් දෙනාව අඳුනගත්තු ඩ්‍රැයිවර් ඒ කට්ටියට තේ බොන්නත් අරන් දීල පෑලියගොඩින් බැස්සුවා ලු.

දන්නවානේ මේ තුන්දෙනා කවුද කියලා? මේ අය තමා ඒ දවස්වල රූපවාහිනියේ විනෝද සමය කරපු විකට නළුවෝ තුන්දෙනා !



ඔන්න ඕකයි කතාව !

හැබැයි ඒ මනුස්සයාගේ කතාව කට්ටිය අහගෙන හිටියට කවුරුවත් හඳුන් කුරු ගත්තු පාටක් පේන්න තිබුනේ නෑ.

1 comment:

  1. අළුතින් ටැක්සි රැකියාවට යොමු වුන කෙනෙක් හයර් එකක් යනවලු. මගියා සල්ලි දෙන්න ඩ්‍රැයිවර්ගෙ පිටට තට්ටු කලාම ඩ්‍රයිවර් බය වෙලා හීන් දාඩිය දාලා හූ තියලා නැවත්තුවාලු.

    ඩ්‍රයිවර්ගෙ පරණ රැකියාව මළමිනී ගෙනියන හර්ස් එකක් එලවන එකලු

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.