13 December 2016

පරාවර්තන

අද පෝය දවසේ ගෙදරට වෙලා කම්මැලිකමේ උන්නා. එතකොට තමා මතක් උනේ කලින් දවසේ පෙන් එකට දාගෙන ආපු සිංහල චිත්‍රපටියක් තියෙනවා නේද කියලා. කම්මලිකම යන්නත්ත්තෙක්ක ඒක දාගෙන බලනකොට අපේ උන්දැත් සෙට් උනා ඒක බලන්ඩ.

දෙන්නත් එක්ක චිත්‍රපටිය බැලුවා.

කතාවේ නම තමයි "පරාවර්තන"!

කාලයකට උඩදී තිරගත වෙච්ච කතාවක්. මට ඊයේ පෙරේදා තමයි චිත්‍රපටිය හම්බ උනේ.

ගොඩක් සම්භාව්‍ය කතාවක් නොවුනට මේක කම්මැලිකමක් නැතුව බලන්ඩ පුලුවන් කතාවක්.


කතාව ටිකක් කෙටියෙන් කිව්වොත්... කුසුමා කියලා ගෑනු කෙනෙක් ඉන්නවා. එයාගේ මනුස්සයා හිරේට නියම වෙලා ඉන්නේ. කුසුමයි එයාගේ දුවයි ජීවත් වෙන්නේ කුසුමා හදන ආප්ප විකුණලා. මේ ගෑනු කෙනත්තෙක්ක සිරිපල කියලා හාදයෙක් යාලු වෙලා ඉන්නවා. සිරිපාලයා කියන්නේ කම්මැලියෙක් !

සිරිපාලයට ජයසේන අයියා කෙනෙක් ඉන්නවා. මිනිහා සිරිපාල වගේ නෙමේ. හරි කඩිසර මනුස්සයෙක්. කොටින්ම සිරිපාලලාගේ පවුලේ බර අදින්නේ මේ අයියා.

සිරිපාලයාට කුසුමත්තෙක්ක ජීවත් වෙන්න සල්ලි ඕන නිසා අම්මට කියලා කොහොමහරි කුලියට දීපු කඩ කෑල්ල ලියවා ගන්න හදනවා. අම්මා ඒකට කමති නෑ. මේ නිසාම සිරිපාල, එයාගේ අයියව මරණවා.

මේ මරණයට අහු වෙන්නේ සිරිපාලලාගේ ගේ ළඟම ඉන්න රත්නේ කියලා මනුස්සයෙක්ව. මිනිමැරුම නිසා රත්නපාල හිරේ යනවා.

කතාව නම් තව ටිකක් දිගයි. ඔක්කොම කිව්වොත් අගේ නැති වෙලා යනවා. විවේකයක් හම්බ උනොත් හොයාගෙන බලන්න. ලස්සන සරල කතාවක් !

කුසුමා විදිහට රඟපාන්නේ දුලානි අනුරාධා. මෙයාගේ රංගනය නම් මරු.. !

සිරිපාල විදිහට රඟපාන්නේ පුබුදු චතුරංග. රත්නේ අයියා සොමී රත්නායක. ජයසේන විදිහට රඟපාන්නේ නලීන් ප්‍රදීප් උඩුවෙල.

No comments:

කමෙන්ට් එකක් දාලම යමු ද ?

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.