03 December 2016

බස් වර්ජනය හා අද

දෙසැම්බර් දෙවෙනිදා පටන් ගත්තු බස් වර්ජනය තවමත් හරිහැටි නතර වෙලා නෑ වාගේ. පාරට බැස්සහම වෙනදා දුවන පුද්ගලික බස් දකින්න ලැබෙන්නේ නැති එකෙන්ම ඒ බව තේරුම් ගන්න පුලුවන්.

පුද්ගලික බස් අඩු උනාට ඒ අඩුව යාන්තමින් හරි පුරවන්න ලංගම බස් සේවක සංගමය ලොකු වෙහෙසක් දරනවා. පානදුර ඩිපෝවට අයිති දුර ගමන් සේවා බසුත් කෙටි දුර ධාවනයේ යොදවලා තියෙන්නේ.

ඒ කියන්නේ දුර ගමන් සේවාව නැවතිලා කියන එක නෙමේ. දුර ගමන් සේවා වාර දෙකක් අතර පවතින කාල පරතරය අතරතුර කෙටි දුර ධාවනයකුත් සිදු කරනවා.


ඒ අතින් බලාගෙන ගියහම ලංගමයේ සේවය ගැන කියන්න වචන නෑ.

පුද්ගලික බස් වර්ජනයක් සිදු කලත් ඒක ලොකු කාලයක් කරන්න නම් වෙන්නේ නෑ. මොකද බස් හිමියෝ බස් එකේ ලීසිං එක එහෙම ගෙවන්න එපෑ. තවත් සමහර බස් හිමියෝ එදා වේල හොයාගන්නෙත් මේ බස් එකෙන් නෙව. ඒ නිසා අනිවාර්යෙන්ම හෙට වෙනකොට ආයේ තිබ්බ තත්වයටම පත් වේවි !

ඒ උනත් රජය විසින් මේ ගත්තු තීරණය වෙනස් නොවී තියෙනවා නම් තමයි හොඳ. මොකද මේක හොඳ තීරණයක් නිසා.

හැබැයි මේ තීරණය හැමෝටම පොදුවේ එක විදිහටම බලපානවා නම් තවත් හොඳයි. නැත්නම් සාමාන්‍ය ජනතාවට එක නීතියකුත් ප්‍රභූ පැලැන්තියට තව නීතියකුත් ක්‍රියාත්මක වෙනවා නෙව.

1 comment:

  1. ඒක ඇත්ත. මමත් කියන්නේ මේ මගමරු ප්‍රවාහන සේවයට දාපු මේ දඩය වෙනස් නොකර තියෙනවා නම් හොඳයි කියලයි. ඔබ කීවා වගේම සියලු දෙනාම නීතිය ඉදිරියේ සමාන වෙන්නත් ඕන.

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.