11 June 2016

හොරොව්පොතානේ පළවෙනි ඩීයාරෝ

හරියටම කිව්වොත් 1973 අවුරුද්දේ ඔක්තෝම්බර් මාසයේ 1 වෙනිදා හොරොව්පොතානට අළුතින්ම ඩියාරෝ කෙනෙක් පත් වෙලා එනවා. ඩියාරෝ මහත්තයාගේ උපන් ගම වෙලා තියෙන්නේ අම්බලන්ගොඩ බලපිටිය පැත්තේ.

එහේ ඉදලා අනුරාධපුරේට කෝච්චියේ ඇවිදින් අනුරාධපුරේ කච්චේරියට මේ ඩියාරෝ මහත්තයා එනවා. එයත්තෙක්ක තව යාළුවෝ දෙන්නෙක්ට කාර්යාල වල පත්වීම් හම්බ උනා.

මේ ඩියාරෝ මහත්තයාත් හිතුවේ එයාටම කියලා වෙන් කරපු කාර්යාලයක වැඩ කටයුතු කරගෙන යන්න. නමුත් ඒ මහත්තයාගේ හීනේ බිඳිලා යනවා. ඒ හොරොව්පොතාන ප්‍රදේශයට ඩීයාරෝ කන්තෝරුවක් නැති වෙච්ච එක. අළුතින්ම වෙන් කරපු ප්‍රදේශයක් නිසා තාම ඒ පැත්තට ඩීයාරෝ කන්තෝරුවක් හදලා නෑ..

ඒ නිසා තාවකාලිකව කහටගස්දිගීලියේ කන්තෝරුවේ ඉදලා හොරොව්පොතාන ප්‍රදේශයේ වැඩ කටයුතු බලන්න මේ ඩීයාරෝ මහත්තයාට සිදු වෙනවා.



අන්න ඒ වගේ බොඳ වෙච්ච හීනත්තෙක්ක මේ ඩීයාරෝ මහත්තයා රාජකාරි කරන විදිහ ඔයාලට දැනගන්න පුලුවන්.. හොරොව්පොතානේ පළවෙනි ඩීයාරෝ කියන පොත කියෙව්වොත්...

සෑහෙන කාළයක ඉදලා කියවන්න ආසාවෙන් උන්නු පොතක් මට හම්බ උනා.. ඒ මගේ උපන්දිනේට තෑග්ගක් විදිහට... ඒ මගේ ආදරණීය බිරින්දෑගෙන්... !

මේ ඩීයාරෝ මහත්තයා රාජකාරි කාළයේදි මුහුනපාන්න සිද්ද වෙච්ච දේවල්... රාජකාරී කටයුතු වලදි ඔහුට ගන්න සිදු වෙච්ච සෘජු තීරණ එහෙම සදහන් වෙලා තියෙනවා.

වෙලාවක් හම්බ උනොත් කියවලා බලන්න.

ගොඩගේ ප්‍රකාශනයක්. කතෘ ඒ. පී. ඒ. ගුණසේකර
පොතේ මිල රු. 950ක් වෙනවා. ගොඩගේ එකෙන් ගන්නවා නම් 20% - 30%ක ඩිස්කවුන්ට් එකක් එක්ක මිලදී ගන්න පුලුවන්.

එහෙනං මම පොත කියවන්න යනවා.

9 comments:

  1. හොද ඔත්තුවක්.................

    ReplyDelete
  2. පොත් කඩයක් පැත්තෙ ගිය වෙලාවක බලමු.

    ReplyDelete
  3. කියවන්න ඕනෙ

    ReplyDelete
  4. ඔය වගේ දුෂ්කර පළාත්වල පත්වීම් ලැබිල ගිය සිවිල් සේවා නිළධාරීන් ලියපු ස්වයංලිඛිත චරිතාපදාන කිහිපයක්ම මම කියවල තියෙනවා. ඇත්තෙන්ම රසවත් අත්දැකීම් තියෙන, කියවන්න ආස හිතෙන පොත්. මේ පොත ගැන මීට කලින් දැනගෙන හිටියත් තවමත් මට කියවන්න පොතක් ගන්න බැරි වුනා. බලමු ලබන සැප්තැම්බරේවත්..

    ReplyDelete
  5. මමත් ආසාවෙන් කියවපු පොතක්

    ReplyDelete
  6. පොතේ නමේ හැටියට රසවත් අත්දැකීම් ගොඩාක් ලියවිලා ඇති කොලුවො..

    ReplyDelete
  7. කපීකේකිJune 15, 2016 at 2:45 PM

    කියවා ඇත.

    ReplyDelete
  8. පට්ටම පට්ට පොතක්..

    ReplyDelete
  9. ඕ.... ස්තුතියි . මේ පොතෙන් කොටස් කිහිපයක් අපේ සිංහල පොතක තිබුණා .

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.