10 June 2016

ඉඩමේ සැලැස්ම අනුමත කර ගැනීම

තමන්ගෙම කියලා ඉඩමක් ගත්තහම එක පාරටම ගේ හදන්න බෑ.. ගේ හදන්න කලින් කරන්ඩ ඕන වැඩ කටයුතු ටිකක් තියෙනවා. ඒ ටික කලාට පස්සෙයි ගේ හදන්න පුලුවන් වෙන්නේ.

මේ ටික ලියලා තියෙන එක කාට උනත් අනාගතේදි වටියි කියලා හිතුන නිසා බ්ලොග් එකේ සටහනක් පොඩිවට දානවා.

දාහකුත් එකක් කරුණු කාරණා බලලා බලලා තමන් හොදයි කියලා ඉඩමක් තෝරා ගන්නවා නෙහ්.. ඉඩම ගත්තට පස්සේ මුලින්ම කරන්න තියෙන්නේ බිම් කට්ටි සැලැස්ම අනුමත කර ගැනීම.

බිම් කට්ටි සැලැස්ම කියන්නේ සර්වේ ප්ලෑන් එක. ඒ කියන්නේ ඉඩමේ පිඹුර අනුමත කරගන්න එක.

ඒක තමා මුලින්ම කරන්න ඕන.

මුලින්ම කරන්න ඕන ඉඩම අයිති ප්‍රාදේශීය සභාවට හරි එහෙමත් නැත්නම් නගර සභාවට හරි ගිහින් බිම් කට්ටි අයදුම්පතක් ගේන්න ඕන. ඒකටම ඒටී ෆොර්ම් කියලත් කියනවා.

ඒටි ෆොර්ම් එකක් සාමාන්‍යයෙන් රුපියල් 25ක් විතර වෙනවා. ඒක ගෙවලා ගන්න පුලුවන්.

ඒක පුරවලා පහත ලියකියවිලිත් එක්ක භාර දෙන්න ඕන.

1. ඉඩමේ සැලැස්මේ මුල් පිටපත ඉඩමේ ප්ලෑන් එකේ මුල් පිටපත.

2. මිනින්දෝරුවා විසින් අදින ලද සැලැස්මේ පිටපත් දෙකක්.

3. ඔප්පුවේ පිටපතක්. මේක ප්‍රාදේශීය ලේකම් විසින් සහතික කරවාගන්න ඕන.

4. වරිපනම් ගෙවන ප්‍රදේශයක තියෙන ඉඩමක් නම් වරිපනම් ගෙවපු ලදු පතක පිටපතක්.

5. නිසි පරිදි සම්පූර්ණ කරන ලද බිම් කට්ටි අයදුම්පත

ඔය ටික සම්පූර්ණ කරලා ප්‍රාදේශිය සභාවට හරි අදාල නගර සභාවට හරි භාර දෙන්න ඕන.

මේ ටික භාර දුන්නට පස්සෙ සති තුනක් හතරක් විතර යනකොට ඔයලගේ බිම් කට්ටි අයදුම්පත අනුමත වෙලා හරි අවාසනාවන්ත ලෙස ප්‍රතික්ෂේප වෙලා හරි තියේවි.

ගොඩක් වෙලාවට පහත්බිම් ගොඩ කරලා තියෙන ඉඩමක්, අනවසරයෙන් අල්ලාගත්ත ඉඩමක්, රක්ෂිත වනාන්තරයකට මායිම් වෙලා තියෙන ඉඩමක්, අධි බලැති විදුලි රැහැනක් යට තියෙන ඉඩමක් වගේ දේවල් නම් අනුමත වෙන්න තියෙන ඉඩකඩ අඩුයි..

ඒ ඇරෙන්න නම්  අදාල ලියකියවිලි අඩුපාඩු නැත්නම් කිසිම ප්‍රශ්නයක් නැතුව අයදුම්පත අනුමත වේවි.

ඊලඟ ලිපියෙන් කියන්නම් ඊලග පියවර ගැන...

සුබ දවසක් !!!

No comments:

කමෙන්ට් එකක් දාලම යමු ද ?

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.