08 August 2012

ඇතීනා

ඔන්න එකෝමත් එක කාලෙක දෙවිවරුන්ගේ රජ්ජුරුවෝ විදිහට ඉන්න සියුස් දෙවියෝ මෙටිස් (Metis) කියලා කුමාරිකාවක් සරණ පාවා ගන්නවා. මෙටිස් කුමාරිය කියන්නේ සෑහෙන බුද්ධිමත් කුමාරිකාවක් !

ඉතින් මේ කුමාරියයි සියුස් රජතුමායි සතුටින් ජීවත් වෙනවා. ටික කාලයකට පස්සේ මේ කුමාරිය දරුවෙක් පිළිසිඳ ගන්නවා. මේ කුමාරිය දරුවෙක් පිලිසිඳ ගන්න ආරංචිය අහපු සියුස් රජතුමා ඒ තරම් සතුටු වෙන්නේ නෑ.රජතුමා කලබල වෙනවා.

එහෙම කලබල වෙන්නේ බැරිවෙලාවකවත් කුමාරිය පුතෙක් බිහි කලොත් සියුස් රජතුමාට පුතාගේ අතින් මැරුම් කන්න සිද්ධ වෙන්ඩ වෙන නිසා.නමුත් සියුස් රජතුමා දන්නේ නෑ තමන්ගේ ආදරනීය බිරින්දෑට දූ කුමාරියක් ලැබෙන්ඩ හිටපු විත්තිය.! ඉතින් මේ රජතුමා තමන්ගේ දේව බලය පාවිච්චි කරලා  මේ ආදරනීය බිරින්දෑව චූටි කෘමියෙක් බවට පත් කරනවා. ඊට පස්සේ මේ රජතුමා තමන්ගේ ආදර නීය බිරින්දෑව ගිලිනවා.

තමන්ගේ ආදරනීය බිරින්දෑව ගිල්ලට පස්සේ සියුස් රජතුමාට දරාගන්ඩ බැරි තරමේ දරුණු හිසේරදයක් හැදෙනවා. ග්‍රීසයේ හිටපු හැම වෙදෙක්වම ගෙන්නුවත් මේ හිසේ රදය හොද වෙන්නේ නෑ.. කොටින්ම වෙදකමට අධිපති ඇපලෝ කියන දෙවියන්ටවත් මේ හිසේරදය හොද කරන්ඩ නම් ලබෙන්නේ නෑ..

අන්තිමේදි සියුස් රජතුමාට කරකියා ගන්න දෙයක් නැතිවෙනවා.ඊට පස්සේ සියුස් රජතුමා, කම්මල්වැඩවලට අධිපති හිපාක්ටස් කියන දෙවියන්ව කැඳවනවා. ඊට පස්සේ හිපාක්ටස්ට අණ කරනවා එක පොරෝපාරකින් තමන්ගේ ඔළුව දෙපළු කරන්ඩ කියලා.

සියුස් දෙවියන්ගේ අණ පිළිපැදපු හිපාක්ටස්, තමන්ගේ පොරොවෙන් සියුස් රජතුමාගේ හිස දෙපළු කරනවා.හිස දෙපළු කලාට පස්සේ නළල පැළුන තැනින් යුධ ඇඳුම් වලින් සැරසුන කුමාරිකාවක් එලි‍යට එනවා.එහෙම එලියට එන කුමාරිය තමයි ඇතීනා දෙවඟන කියන්නේ.

නළල පැළුන තැනින් ඇතීනා දෙවගන පැමිණීම

මේ ඇතීනා දෙවඟනට තමන්ගේ අම්මගේ බුද්ධිමත් කම නො අඩුව ලැබෙනවා. මේ නිසාම කුමාරිය පසු කාලිනව බුද්ධියට අධිපති දෙවඟන බවට පත් වෙනවා. තව දෙයක් තමයි යුධ ඇඳුමින් සැරසිලා පැමිණි ඇතීනා දෙවඟන යුධ උපක්‍රමවලට අධිපති දෙවඟන කියලත් හඳුන්වනවා.කොටින්ම ඇතීනා දෙවඟන කියන්නේ රූ සම්පත්තියෙන් අගතැන්පත් දෙවඟනක් !
ඇතීනා දෙවඟන
ඒ වගේම සියුස් රජතුමාත් තමන්ගේ දූ කුමරියට සෑහෙන්ඩ ආදරේ කරනවා. කොටින්ම තමන්ගේ උපදේශිකාව හැටියට දූ කුමාරියව පත් කර ගන්නවා. :)

ඔන්න ඔහොම තමයි බුද්ධියට අධිපති ඇතීනා දෙවඟන උපදින්නේ..
---------------------------------------------------------------------
ප.ලි. - හිපාක්ටස් කියන නම පරිවර්ථනය කලා හරිද මන්දා. හරිම නම තිබ්බේ මේ විදිහට Hephaestus

41 comments:

  1. "එහෙම කලබල වෙන්නේ බැරිවෙලාවකවත් කුමාරිය පුතෙක් බිහි කලොත් සියුස් රජතුමාට පුතාගේ අතින් මැරුම් කන්න සිද්ධ වෙන්ඩ වෙන නිසා"

    මෙහෙම වෙනවා කියලා අනාවැකියක්වත් තිබුණාද ?

    ReplyDelete
  2. "ඇතීනා දෙවඟන යුද්ධයට අධිපති දේවතාවිය කියලත් හඳුන්වනවා"

    මම දන්න විදිහට නම් යුද්ධයට අධිපති දෙවියා "Ares". ඇතීනා යුධ උපක්‍රමවලට අධිපති දේවතාවිය....

    ඇතීනා ගැන කියද්දී ඇතැන්ස් පුරවරයත් අමතක කරන්න බැහැ... ඇතීනයි ඇප්ලෝයි මේ නගරයේ ආරක්ෂක දේවතාව වෙන්න සටන් කරලා අවසානයේදී ඇතීනා ඒකෙන් ජය අරගෙන නගරයේ ආරක්ෂක දේවතාව වුණු බවත් ඇයට ගරු කිරීමක් විදිහට නගරය ඇතැන්ස් කියලා නම් කළා කියලාත් කියවෙනවා..

    ReplyDelete
  3. ඔළුව පැළුනයිං පස්සෙත් සියුස් හිටපු එකනේ පුදුමේ..

    ReplyDelete
  4. ග්‍රීක කතා නම් නියමයි, :)

    ReplyDelete
  5. ග්‍රීක් කතා හරිම ලස්සනයි..ඒත් ඒවා ඇත්තද?

    ReplyDelete
  6. මේ දේව කතා අහන්න මම මාර කැමති..

    ReplyDelete
  7. මොකද දන්නේ නෑ රුවට අධිපති, බුද්ධියෙන් අගතැන්පත් ඇතීනාව මතකයට ඇවිත් තියෙන්නේ මේ දවස්වල....:D

    ReplyDelete
  8. මේක ඇත්තමයි අපූරුයි.මම කොහොමත් සුරංගනා කතා වගේ ඒවාට කැමතියි :)

    ReplyDelete
  9. අර හසිතයා කියලා තියෙනවා වගේ මාත් අහලනම් තියෙන්නේ ඇතීනා කියන්නේ යුධ උපක්‍රමවලට අධිපති දේවතාවිය කියලා

    ReplyDelete
  10. හොද ලිපියක් අයියෙ...

    ReplyDelete
  11. මේ වගෙ කතා අහන්න නම් මම ගොඩාක් කැමති. ස්තුතියි අයියට

    ReplyDelete
  12. @දිනේෂ් - මම ඒකෙ අනිත් පැත්ත..

    කොහෙන්ද බං මේ විස්තර සෙට් එක. මේ ලගදි ඉදලා උබ අමුතු ඒව දාන්නේ. දිව්‍යාංගනාවක් සෙට් වුනාද ?

    ReplyDelete
  13. ග්‍රික කතාවලට මමත් ආසයි, මට ලඟදි ගාල්ලෙදි ග්‍රීසියෙන් ආව ගෑනු ලමයෙක් හම්බුනා, මට හිතුනා ඉස්සර ඇතීනා දෙවඟනත් මෙවගෙම ලස්සන ඇති කියලා එච්චරටම ලස්සනයි,

    ReplyDelete
  14. ඇත්ත බොරු කොහොම වුනත් මාත් ග්‍රීක් කතා වලට හරිම ආසයි.අර අම්මට මොකද වුනේ එතකොට.සියුස්ගෙ බඩේම මැරුනද?

    ReplyDelete
  15. //සියුස් දෙවියන්ගේ අණ පිළිපැදපු හිපාක්ටස්, තමන්ගේ පොරොවෙන් සියුස් රජතුමාගේ හිස දෙපළු කරනවා//
    ...
    //ඒ වගේම සියුස් රජතුමාත් තමන්ගේ දූ කුමරියට සෑහෙන්ඩ ආදරේ කරනවා. කොටින්ම තමන්ගේ උපදේශිකාව හැටියට දූ කුමාරියව පත් කර ගන්නවා. :)//

    සුරංගනා කතාවල හිස දෙපළු කලාට පස්සෙත් මිනිස්සු ජීවත් වෙනවද?

    ReplyDelete
  16. මමත් ගොඩාක් ආසයි ග්‍රීක කතා කියවන්න... ශෲංගාරාත්මක රසයක් තියෙනවා ඒ කතා වල..ජය වේවා.. :)

    ReplyDelete
  17. Immortals චිත්‍රපටිය බැලුවනං මේ ඇතීනා ගැනයි සියුස් ඇතීනාට තියෙන ආදරේ ගැනයි පොඩ්ඩක් දැන ගන්න තිබ්බ..
    ඇතීනා ගැන ගොඩාක් කථා අහල තිබ්බට උත්පත්තිය ගැන දැන ගත්තේ අද.. ජය!!!

    ReplyDelete
  18. //හිස දෙපළු කලාට පස්සේ නළල පැළුන තැනින් යුධ ඇඳුම් වලින් සැරසුන කුමාරිකාවක් එලි‍යට එනවා.එහෙම එලියට එන කුමාරිය තමයි ඇතීනා දෙවඟන කියන්නේ.//
    //ඒ වගේම සියුස් රජතුමාත් තමන්ගේ දූ කුමරියට සෑහෙන්ඩ ආදරේ කරනවා. කොටින්ම තමන්ගේ උපදේශිකාව හැටියට දූ කුමාරියව පත් කර ගන්නවා. :)//
    එතකොට සියුස් රංතුමා මැරුනෙ නැද්ද...???

    ReplyDelete
  19. කොහොමටත් බුද්ධිය උපදින්නේ දෙවිවරු මරාගෙන තමයි..

    ReplyDelete
  20. ඒ වගේම සියුස් රජතුමාත් තමන්ගේ දූ කුමරියට සෑහෙන්ඩ ආදරේ කරනවා. කොටින්ම තමන්ගේ උපදේශිකාව හැටියට දූ කුමාරියව පත් කර ගන්නවා. :)

    ඔළුව දෙපළු කරලත් මලේ නැද්ද.....

    ReplyDelete
  21. ෆ=ගොඩක් ස්තුතියි මේ තොරතුරු බෙදා හදාගත්තට අයියේ....

    ReplyDelete
  22. යකඩො ඔළුව පලලා ඒකෙන් ළමේකුත් ආවට පස්සෙත් දෙයියෝ ජීවත් වෙනවද??

    ReplyDelete
  23. මිත්‍යා කතා විශ්වාස කරන්න අමාරුයි මට නම්!

    ReplyDelete
  24. මම කියවන්න ආසම ටයිප් එකේ කතා. සියුස් ගේ ඔලුව පැලුනම මැහුම් දැම්මේ කවුද දන්නේ නෑ :D

    ඒක නෙමෙයි මධුරංග අයියේ අර ඔලුව වටේ සරපයි ඉන්න කෙල්ල ගැනත් ලියන්නකෝ නම නම් දන්නේ නෑ. අර ඇස් දෙක දිහා කෙලින් බලපුහාම ගල් පිළිම වෙන්නේ.. මිනිස් ඔළුවයි සර්ප කඳකුයි තියෙන්නේ !!

    ReplyDelete
  25. ethakota a dewaganage ammata mokada une ayye.........?? tawa lassana kathawak liyamu ayya....... :)

    ReplyDelete
  26. කතාව ලස්සනයි එත ඒ දෙවඟට කැමති නැහැ. කැතයි නේ.

    ReplyDelete
  27. ලස්සන ග්‍රීක් දේව කතාවක් . හර්කියුලීස් ටත් මම කැමතියි

    ReplyDelete
  28. අහලා තිබ්බ කතාවක්, ඒත් ආයෙත් මතක් වුණා!

    ReplyDelete
  29. @Hasitha :
    අන්න එහෙම මතයක් දෙවිවරු අතර තියෙනවා ලූ. ඔන්න මල්ලි කතාව අප්ඩේට් කලා.

    @හරී :
    අර මක්කටද ස්තුති කලේ... :)

    @තරියා අබේ :
    ඔළුව පැලුනට මැරෙන්නෑ මේ රජතුමා. :)

    ReplyDelete
  30. @Pramudi :
    හ්ම්.. නියමයි නේන්නම්. ඔන්න ඔයාගේ කතාව කොටස් දෙකකින් ඉවර කරපු එකට හෙන අප්සට් !

    @වින්චැට් කිරිල්ලි. :
    ඇත්තද කියලා නම් දන්නේ නෑ කිරිල්ලි !

    @Dinesh :
    අම්බෝ දිගටම ලියන්ඩ නම් මාරුයි.. :)

    ReplyDelete
  31. @Podi Kumarihami :
    ලස්සන කෙනෙක් දිහෑ අපි බැලුවොත් නරකද ? හික්ස් :)
    පොඩ්ඩිත් ඇතීනා වගේ ලස්සනද.. :)

    @කනියා :
    හරි... ඒ අඩුව පිරෙව්වා.. හික්ස් :)

    @ඉන්ද්‍රජිත් :
    ස්තුතියි මලයෝ..

    ReplyDelete
  32. @අකීකරු හිත :
    කියවන්ඩ කට්ටිය ඉන්නවා නම් දිගටම ලියන්ඩ බැරුව යෑ.. හික්ස් :)

    @sAm (සෑම්):
    එහෙනම් බැරියෑ... අඩේ එහෙම ලස්සන කෑල්ලක් සෙට් උනා නම් ගමකට කන්ඩ දෙන්ඩ බැරි යෑ.. :)

    @Kushi :
    පට්ට නේ.. මම නම් ග්‍රීසයෙ මිනිස්සු දැකලම නෑ.. :)

    ReplyDelete
  33. @නිසුපා :
    ඒ ගැන නම් එතනින් එහාට්ට කතාවක් නෑ.. මම් හොයලා බලන්නම් :)

    @රූ.... :
    ෂ්......ෂ්... කට වරද්දගන්ඩ එපා. මේක දේව කතාවක්.. සුරංගනා කතාවක් නෙමේ.. :)

    @Red Riding Hood :
    ශෘංගාරාත්මක ???
    අයි ඩිඩින්ට් ගෙට් යූ මිස් !!!

    ReplyDelete
  34. @රස්තියාදුකාරයාගේ දිනපොත :
    ඔය චිත්‍රපටිය නම් බලලා නෑ.. හොයලා බලන්ඩ ඕනා ඔය චිත්‍රපටිය !

    @තරුවා :
    පිස්සුදෑ.. එහෙම මැරුනේ නෑ.. :)

    @සරත් ලංකාප්‍රිය :
    හෑ.. ඒ කොහොමදෑ.. :)

    ReplyDelete
  35. @ඔබ නොදු‍ටු ලොවක් :
    නෑ එහෙම මැරුනේ නෑ.. :)
    ඒත් ජීවත් වෙනවා

    @මකුළුවා..... :
    කියෙව්වා නම් ඒක සතුටක් ! :)

    @sithuwam :
    නැතුව නැතුව !!!

    ReplyDelete
  36. @මඩිස්සලේ නිශාන් :
    විශ්වාස කරන්ඩ එපා දරුවෝ... කියවන්න.. :)

    @පැතුම් [සිතුම් පැතුම්] :
    මෙඩූසා ගැන ඊලඟ ලිපියට පස්සේ ලිපියෙන් කියවෙයි.. එතකන්,
    රැඳී සිටින්න අප සමඟම !!!

    @araliya :
    ඒක ගැන නම් සඳහනක් නෑ.. මම් කියවපු ලිපි තුන හතරකම ඒ ගැන තිබ්බේ නෑ.. හොයලා බලන්නම්..
    මේ ටිකේ ෆ්‍රී නිසයි මෙහෙම කතා කියෙව්වේ. ඉදිරියේදිත් ලියන්ඩ බලමු :)

    ReplyDelete
  37. @අසරණයා :
    අපොයි... මම් ආසම දෙවඟන !

    @සයුරි :
    හර්කියුලිස් කිව්වම මට ස්වර්නේ ගියපු හර්කියුලිස් කතා සෙට් එක මතක් උනා. :)

    @ලහිරු :
    එලකිරි... :)
    මොකෝ මේ ටිකේ පේන්ඩ නැත්තේ ???

    ReplyDelete
  38. ග්‍රීක කතා බෙහෙවින්ම නිර්මාණාත්මකයි. ඒවායේ අත්ත බොරුව හිතාගන්න බැහැ. නමුත් කතන්දර විදියට පිළිගන්න පුලුවන්.

    ReplyDelete
  39. සියුස්ට ඔච්චර බලයක් තිබ්බ එකේ පොඩි ස්කෑන් එකක් කරලා බඩේ ඉන්නේ කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියලා බලාගන්ඩ තිබ්බ නෙව.අපරාදේ අච්චර කට්ටක් කෑවෙ

    ReplyDelete
  40. @දයානන්ද රත්නායක :
    කතන්දරයක් කියලා රසවිඳින්න විතරයි පුළුවන්. අනිත් ඒවා සෑහෙන්න මිත්‍යා කතා..

    @දිනුක :
    අනේද කියන්නේ මල්ලි. ඒ කාලේ ඒකාට මොලයක් තිබ්බා නම් අච්චර ආදරෙන් හිටපු බිරින්දෑව බේරගන්ඩ තිබ්බා !

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.