19 August 2012

මෙඩූසා

ඔන්න එකෝමත් එක කාලෙක දෙවිවරුයි යක්ෂයොයි මහපොලව උඩ ජීවත් උනා. මෙන්න මේ කාලයේදි මහපොලවට අධිපති දෙවියගේ දුවයි මුහුදු වලට අධිපතියා දෙවියගේ පුතයි කසද බැඳලා ඒ දෙන්නට ලස්සන දූ කුමාරියක් ලැබුනා.

ඒ දූ කුමාරියට මේ දෙන්නා 'මෙඩූසා' කියලා ලස්සන නමකුත් දැම්මා. මෙඩූසා කියන්නේ ගොඩාක්ම ලස්සන දූ කුමාරියක්..



දෙමවුපියනුත් මේ දූ කුමාරියගේ ලස්සන ගැන වර්ණනා කලා. ඒ තරම් මේ දූ කුමරියත් සෑහෙන්ඩ ලස්සනයි. ටික ටික කල් ගත වෙලා මේ කුමාරිය වැඩිවියට පත් වෙනවා. ඒත් එක්කම එයැයිගේ ලස්සනත් බලාගෙන ඉන්නැද්දිම වැඩිවෙනවා.

දන්නවනේ කාන්තාවන් ගොඩක් ලස්සන උනහම ආඩම්බරකම ඉබේටම වගේ එනවා කියලා. මේ දූ කුමාරියටත් ආඩම්බරකම ඕනාවටත් වඩා තිබ්බා. මේයැයි හැමතිස්සෙම තමන්ගේ ලස්සන ගැන ආඩම්බර උනා. තමන්ගේ ලස්සන වර්ණනා කරන්ඩත් මේ මෙඩූසා කුමාරිය අමතක කලේ නෑ..

දවසක් මේ දූ කුමාරිය "මම තමයි මේ ලෝකේ ලස්සනම කුමාරිය ! මම ඇප්‍රොඩයිට්ටත් වඩා ලස්සනයි !" කියලා පුරසාරම් දෙඩෙව්වා. ඇප්‍රොඩයිට් කියලා කියන්නේ සුන්දරත්වයේ හා ආදරයේ දෙව්දුව !

මෙඩූසාගේ පුරසාරම් දෙඩවිල්ල ඇප්‍රොඩයිට් දෙවඟනටත් ඇහුනා.

ඉතින් මේ ඇප්‍රොඩයිට් දෙවඟන, මෙඩූසා කුමාරියට යෝජනාවක් කරනවා.

"අපි දෙන්නා මේ ලෝකේ ඉන්න කඩවසම් ම ආදරවන්තයෝ එක්ක යාළුවෙමු. ගොඩක්ම කඩවසම් ආදරවන්තයෝ වැඩියෙන්ම ඉන්න කෙනාට දිනුම ලැබෙනවා. බැරිවෙලවකවත් ඔයා දින්නොත් ඔයා ආදරයේ දෙවඟන වෙන්න මම මරණයට පත් වෙන්නම්... හැබැයි මම දින්නොත් ඔයාට මැරෙන්ඩ සිද්ද වෙනවා !!!! "

ඇප්‍රොඩයිට් දෙවඟනගේ මේ යෝජනාවට  මෙඩූසා එකපයින්ම කැමති වෙනවා.

දෙන්නම එක වගේ ලස්සන නිසා තරඟය සෑහෙන්ඩ තියුණු වෙනවා. දෙන්නගේම පලවෙනි බැල්මට කසවසම් කුමාරවරු වශී වෙනවා. නමුත් මෙඩූසාගේ තියෙන අහංකාරකමත් එක්ක ජීවත් වෙන්ඩ කිසිම කුමාරයෙක් කැමති වෙන්නේ නෑ..

නමුත් ඇප්‍රොඩයිට් දෙවඟන ලස්සන වගේම ඒයැයිගේ ආදරේට වශී වෙච්ච කුමාරවරු ගනන දවසෙන් දවස වැඩි එනවා.

කොහොමහරි අන්තිමේදි තරඟය අවසාන දවසට ලං උනහම ඇප්‍රොඩයිට් කුමාරියට  කසවසම් ආදරවන්තයෝ සිය ගාණක් ඉන්නවා. ඒත් මෙඩුසට හිටියේ එකම එක ආදරවන්තයෙක් විතරයි.... (කවුද දන් නෑ ඒ මෝඩයා...)

 මේ තරඟයෙන් ඇප්‍රොඩයිට් දෙවඟන දිනන නිසා මෙඩූසට මැරෙන්ඩ සිද්ධ වෙනවා.... ඒත් ඇප්‍රොඩයිට් දෙවඟනගේ තියෙන හොඳ හිත නිසා මෙඩූසව මරණයට පත් කරන්නේ නෑ.. ඒ වෙනුවට ජීවිත කාළයටම බලපාන විදිහේ සාප කරනවා.

ඒ සාපය තමයි මෙඩූසා දිහා බලන හැම එකාම ගල්වෙලා යන එකයි මෙඩූසට තිබ්බ ලස්සන කොණ්ඩය විශඝෝර නයි බවට පත් කරන එක !!

ඔන්න ඔහොම තමයි මෙඩූසගේ කොණ්ඩේ නයි බවට පත් උනේ.පහල පින්තූරේ ඉන්නේ සාපයට අහු වෙච්ච මෙඩූසා...


 මෙඩූසා

 -------------------------------------------------------------------
ප.ලි. - මේ කතාවේම ඇතීනා දෙවඟන සම්බන්ධ වෙච්ච කතාවකුත් තියෙනවා. නමුත් මම ආස මේ කතාවට නිසා ඒක පරිවර්තනය කලා.

51 comments:

  1. ෂා.. මේ දවස් වල ලස්සන කතා ටිකක් කියවනානේ. මම ආසයි ඔය දෙවියන්ගේ කතා කියවන්න :D

    ReplyDelete
  2. /කවුද දන් නෑ ඒ මෝඩයා/ ඇයි කොල්ලො අර අරූනෙ. අර බොන එකා.

    ReplyDelete
  3. ලස්සන සුරංගනා කථාවක්...

    ReplyDelete
    Replies
    1. This is not princess story
      This is real story

      Delete
  4. මෙඩුසාගේ හිස කපන කතාවකුත් තියෙනවා නේද?.. ඒකත් කියමු බලන්ට..

    ReplyDelete
  5. මම නම් මේ වගේ කතන්දර වලට මාරම අසයි >>>>>>>>>>>>

    ReplyDelete
  6. මර්ලින් ටීවි සීරිස් එකෙත් මේ මෙඩූසා ගැන ගොඩක් විස්තර තියනවා..
    මේ දවස්වල මල්ලිට ග්‍රීක මිත්‍යා කතා පොතක් ලැබිලා වගේ..

    ReplyDelete
  7. ආ..මේ ලිපි පෙලට ලේබල් එකක් දාලා වෙනම බලන්න පුළුවන් වෙන විදිහට හදන්නකෝ..

    ReplyDelete
  8. ආදරවන්තයෝ සිය ගානක් ඉන්න කෙනා හොඳයි එක ආදරවන්තයෙක් එන්න කෙනා නරකයිද? මඟුලයි

    ReplyDelete
  9. මෙඩූස මෙඩූස...... :)

    ReplyDelete
  10. මටත් මෙඩූසා ගේ බෙල්ල කපලා නළලේ වත් හයිකරගන්න ඇත්තං කියලා හිතෙනවා වෙලාවකට!

    ReplyDelete
  11. ayyo........medusatath una wadak.ada kathawath shoi ayya.....eka tama neda maduranga ayye kiyanne lassa tibuna kiyala wadiya adambara wenna epa kiyala. :) adambara kamath tiyenna one ganu lamayekta,habai ganakata........ :)

    ReplyDelete
  12. හික්ස්ස්... මම පාර්ටි එහෙකට එකසැරයක් කොණ්ඩෙ කර්ල් කරලා කට්ටිය මට මෙඩූසා කියලා බයිට් කලා.. හික්ස්ස්.. කොණ්ඩෙ නයි වගේ කියලා.. ඒත් මේ කතාව දැනගෙන උන්නෙ නෑනෙ.. අද තමා දැනගත්තෙ..:D

    නියමයි අයියේ!!! අපරාදෙ මෙඩූසා ආඩම්බර වුනේ..

    ReplyDelete
  13. මේ විස්තරය අමු බොරුවකි. මා දන්නා මෙඩුසා පච්ච ගැසීමටත් මල් ගැසීමටත් ඉතා ප්‍රියය. කුනුහබ්බ කීමෙන් රැඩිකල් ගතිද පෙන්වයි. එම නිසා පාඨකයා නොමඟ නොයවා නිවැරදි විස්තර ලියන මෙන් ඉල්ලමි.

    ReplyDelete
  14. පට්ට හිනා..

    උබ සිරා දාපු පෝස්ටුවකට මහ පැලෙන්න හිනා යන්නෙ ඇයි බං ??

    ReplyDelete
  15. ලස්සන කථාවක් මෙඩූසා කියන්නේ සමස්ථ ආඩම්බර කාන්තා නියෝජනයක් කියලා මකල්ට හිකෙනවා. ඔන්න දැන් ඉතින් කාන්තා සංවිධාන මකල්ට විරුද්දන කැරලි ගහයි ද දන්නේ නෑ :D

    ReplyDelete
  16. Clash of the titans එකේද කොහෙද ඉන්නවා

    ReplyDelete
  17. මේ කතා ටිකනම් නියමයි මධුරංග අයියේ..:)

    ReplyDelete
  18. ආහ් මං මෙඩූසව දැකලා ති​යෙනවා... ලයිට්නින් තීෆ් මූවි එකෙන්...

    ReplyDelete
  19. මෙඩූසා පව් ඈ.....

    ReplyDelete
  20. ආ... මේ මෙඩූසානේ..

    අර අරයා.. :-)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  21. මතකැයි රංග අයියගෙ නොනත් මෙඩුසා ගැන ලියල තිබුනා..ඉතින් ඉතින් මදුරංග අයියේ කොමැයි ජිවිතේ...

    ReplyDelete
  22. එහෙනම් ඒකයි ඉතිහාස කතාව.. ඇත්තමයි අයියේ උඹට ඔය කියවන පොත හම්බුන එක අපිටත් සෑහෙන වටිනවා.. :)

    ReplyDelete
  23. හයියෝ...ඊට වඩා හොඳයිනේ මැරුවනම්...

    ReplyDelete
  24. ඇතීනා සම්බන්ධ කතාවත් මේ ගමන්ම කියලා දැම්මා නම් තමා වටින්නේ :)

    ReplyDelete
  25. ඕනෑවට වඩා අහංකාර වීමේ විපාක. ලස්සන කතාවක්

    ReplyDelete
  26. උඩගු කමට ලැබුණු අනර්ග තෑග්ගක් නොවැ...

    ReplyDelete
  27. කථාව අද තමයි ඉස්සෙල්ලා ඇහුවෙ... ලස්සනත් එක්කම ලස්සන හදවතකුත් තිබුනොත් ඒ ලස්සන ගැන කියලා වැඩක් නෑ...

    ReplyDelete
  28. percy Jackson ෆිල්ම් එකේ ඉන්නව මෙඩුසා.. එයාගේ මුන බලන්න නම් හරිම බයයි....

    ReplyDelete
  29. මේ බ්ලොග් එක දැන් ලියවෙන විදිහට නම් මම හරිම කැමතියි :)

    ReplyDelete
  30. හරිම ලස්සන කතාවක්... පව් අනේ මෙඩූසා.... :D

    ReplyDelete
  31. මෙඩූසා... නමනම් ලස්සනයි....

    ReplyDelete
  32. මේ වගේ කතා කියවන්න නම් මම කැමතියි ගොඩක්

    ReplyDelete
  33. කවුද දන් නෑ ඒ මෝඩයා...//
    ඒ මෝඩයා මගේ ලෝකය ලියන රංගයා මිසක් වෙන කවුද?

    ReplyDelete
  34. මරු කථාව මචං.මෙඩුසා වගේ අහංකාර මෝඩ ගෑනු ඔය ඕන තරම් බ්ලොග් අවකාශයෙත් ඉන්නවා.

    ReplyDelete
  35. ඒ කතාව නම් නියමයි.

    ReplyDelete
  36. මෙඩූසා... නියම කතාවක් මධූ අයියේ.. ජය වේවා!!

    ReplyDelete
  37. මේවා සුරංගනා කතා විතරනේ. ඇත්ත නොවෙන්න පුළුවන්. ඒත් එයින උගතයතු පාඩම නේ වැදගත් වෙන්නේ.

    මෙනවා යුරෝපීය සුරංගනා කතා හරි ලස්සනයි.

    ReplyDelete
  38. ලස්සන කතාවක්. ග්‍රීක මිත්‍යා කතා වලට මාත් හරිම කැමතියි.

    ReplyDelete
  39. මෙඩූසා කියන්නෙ ගාගන් සහෝදරියන් තුන්දෙනා අතරින් අමරනීය නොවන එකම එක්කෙනා. මුලදි මඩූසා ජීවත් උනේ ‍ගොඩාක් දුර උතුරෙ. ඒ කියන්නෙ හිරු දකින්න නැති පලාතෙ. ඉතිං මේ ලස්සල මෙඩූසා හිරු දකින්න කොච්චර ආස උනාද කිවුවොත් එයා ඇතීනා දෙවගනගෙන් අවසර ඉල්ලතව දකුනට ඇවිත් හිරු බලන්න. ඒත් ඇතීනා ඒකට කැමති වෙන්නෙ නෑ. ‍ඒ නිසා හොදටම තරහගන්න මෙඩූසා හැමෝම ඉස්සරහ ඇතීනට චෝදනා කරනව, ඇතීනා එහෙම කලේ එයා මෙඩූසගෙ ලස්සනට ඉරිසියා කරන නිසා කියල. ඒ චෝදනාවට හොදටම තරහගන්න ඇතීනා මෙඩූසාට ශාප කරනවා. මෙඩූසගෙ ලස්සන කොන්ඩෙ සර්පයෝ බවට පත් වෙන්නත්, මෙඩූසගෙ ඇස් දිහා බලන ඕනෙම කෙනෙක් ගල් වෙන තරමට ඩෙඩූසව කැත වෙන්නත්.

    ReplyDelete
  40. මේ දවස් වල ලස්සන කතා ටිකක් ලියනව ඔයා...මම එන්න පරක්කු උනා..මේ ටිකේ බිසි..

    ReplyDelete
  41. එහෙන් මෙහෙන් ටිකක් බලල තිබුණට මම වැඩිය ග්රීලක කතා බලල නැහැ.. ඒ නිසා දිගටම ලියන්න මල්ලී... මම ග්රීෙක නාට්යල පොත් නම් කියවල තියෙනවා... ඒවත් හරි ලස්සන කතා.... ඒ කතාවල ඇත්ත නැත්ත ගැන හිතනවට වඩා හරය ගැන හිතන එකයි වැදගත්....

    ReplyDelete
  42. මමත් මේ කතා වලට ආසයි.

    ReplyDelete
  43. අර වගේ සාපයක් කරලා ජීවත් වෙන්න දෙනවට වඩා මරල දැම්මනං හොඳයි.

    ReplyDelete
  44. @සුදු හංසි :
    මාත් මාර ආසයි මෙහෙම කතා කියවන්ඩ...
    කතාව කියවලා ආස හිතුනා නම් සතුටක් !!

    @Anonymous :
    මොකාද ඒ බොන එකා ?

    @මුතුපබලු :
    මමයි පරිවර්තනේ කලේ.. හික්ස් :)

    @හරී :
    ඒකත් හොයලා බලන්නම් හරි !

    @සචිත් :
    එහෙනම් දිගටම හොයල ලියන්නම්... :)

    @රූ.... :
    පොතක් නම් ලැබුනේ නෑ අක්කා. නෙට් එකෙන් කියවන්නේ .
    මම නම් මර්ලින් සීරිස් එක බලලා නෑ..

    හරි මම ලේබල් එකක් දාලා හදන්නම්

    @Anonymous :
    නෑ නෑ මේක තරඟයක්.. දෙන්නම හදන්නේ වැඩි ගානක් ආදරවන්තයෝ හොයාගන්ඩ !

    @රාජ් :
    හ්ම්..හ්ම්.. :)

    @ලහිරු :
    ඇයි කට්ටිය හැරි හැරි උබ දිහා බලනවැයි... හික්ස් :)

    @araliya :
    අන්න ඔයාට තේරුනා වැඩේ.. ලස්සන වගේම ආඩම්බර නොවී ඉන්ඩත් දූලා පුතාලා හිතට ගන්ඩ ඕන හරි ද.. :)

    ReplyDelete
  45. @හිතුවක්කාරි :
    ඒක තමා. ආඩම්බර උන එක තමා විනාසෙට මුල උනේ.. !
    ආඩම්බර නොවී හිටියා නම් තාමත් සතුටින් ජීවත් වෙනවා.

    @Anonymous :
    අපොයි මම නම් එහෙම එකෙක්ව දන්නේ නෑ නෙව.. හොයලා බලලා පෝස්ට් එකක් දාන්නම් :)

    @sAm (සෑම්) :
    උබ සුරංගනා කතා වලට ආස නැති හින්දා වෙන්ටෑ.. ඒකයි..

    @මකල් :
    එහෙම උනොත් අපිත් ගේමට බහිනවා ! :)

    @Thulitha Gurusinghe :
    ඇයි පර්සි ජැක්සන් ලයිට්නින් තීෆ් එකෙත් ඉන්නවා නෙව !

    @Pramudi :
    ස්තුතියි..
    පරිවර්තනය කලාට පාඩු නෑ වගේ.. :)

    @prasanna86k :
    මාත් ඒකෙන් තමා හරියටම දැක ගත්තේ..

    @දිනුක :
    හ්ම්... පවු !

    @තරියා අබේ :
    ඔවු ඔවු.. ඒකි තමා !

    @අඩවි රජ :
    ඔවු ඔවු ඒකි තමා. පරිස්සමින් ඉදහන් මලේ !

    ReplyDelete
  46. @පැන්ඩා :
    එයාගේ බ්ලොග් එක කියවලා නෑ මල්ලි..
    ජීවිතේ ජොලියෙන් ගෙවලා දානවා මං !

    @Dinesh :
    පොතක් හම්බ උනේ නෑ මලේ.. නෙට් එකෙන් කතා කියවන්නේ !

    @සයුරි :
    මටත් එහෙම හිතුනා..

    @Hasitha :
    ඔන්න ඒ කතව පහල එක්කෙනෙක් කියලා තියෙනවා. ඒ කමෙන්ට් එක බලන්ඩ මලයා !

    @ළිහිණි :
    ඒක තමා. ලස්සන උනාට කමන් නෑ අහංකාර වෙන්ඩ එපා කියලා තමා කියන්ඩ වෙන්නේ !

    @රොබින් :
    අනර්ඝම තෑග්ගක් !

    @සිරාගේ කාමරේ :
    ත්‍රීවිල් වල එහෙමත් ලියලා තියෙන්නේ මූනේ ලස්සන හදවතේ තිබුනා නම්... කියලා. :)

    @සුරංගනාවි :
    අන්න හරි ! අන්න හරි !
    ඒකෙත් ඉන්නවා තමා !

    @හිරුහිමාවී :
    එහෙනම් ඉදිරියේත් මේ වගේ කතා ලියවෙයි.
    ඔබේ සැප මගෙ සතුටයි !

    @Miyuru :
    හ්ම්... මොනා කරන්න ද ඉතින්.. !

    ReplyDelete
  47. @ඉන්ද්‍රජිත් :
    තෑන්ක්ස් මලයා !

    @නිසුපා :
    හ්ම්.. ලස්සන නමක් !

    @අකීකරු හිත :
    මාත් දිගටම ලියන්නම් නංගි !

    @Anonymous :
    ඒක නේන්නම්...හික්ස් :)

    @අභීත :
    උදාහරණයක් දෙකක් දෙන්ඩ පුලුවන් වේද ? :)

    @මඩිස්සලේ නිශාන් :
    ස්තුතියි මලේ !

    @Red Riding Hood :
    මාත් මාර ආසාවකින් කියවපු කතාවක් !

    @දයානන්ද රත්නායක :
    ඔවු අයියා. අර කිව්වත් වගේ කියවලා රසවිඳලා පාඩම ඉගෙන ගන්ඩ තමා තියෙන්නේ. :0

    @සිතුවිලි සිතූ :
    සෑහෙන කට්ටියක් ආසයි කියලා මටත් හිතුනා. :)

    @ටියුලිප් මල් කැකුලී :
    ස්තුතියි ටියුලිප් ඇතීන ඉන්න කතාව කමෙන්ට් කලාට.. ඔයාගේ කමෙන්ට් එක ගොඩක් අයට ප්‍රයෝජනවත් වේවි !

    ReplyDelete
  48. @වින්චැට් කිරිල්ලි. :
    ඒක තමා මාත් බැලුවෝ මොකද නැත්තේ කියලා.

    @තරුරසී :
    ඒක හරි අක්කේ. කියවන්ඩ කියවන්ඩ ආස හිතෙනවා මේ කතා නම්.. !

    @නදී :
    එහෙනම් මාත් මේ වගේ කතා හොයලා ලියන්නම් !

    @පොත් ගුල්ලා :
    අපොයි ඔවු සාපයක් එක්ක කීවත් වෙනවට වඩා හොඳයි මැරෙන එක !

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.