28 August 2012

මෙහෙම ට්‍රේනින් නම් එපා

මේ දවස්වල මට වැඩට යන එක එපා වෙලා තියෙන්නේ. ඒකට ප්‍රධානම හේතුව වෙලා තියෙන්නේ මට අපේ වැඩපොලෙන් දීලා තියෙන ට්‍රේනින් එක !

උපන්තේකට අහලා නැති ප්‍රෝග්‍රැමින් ලැංවේජ් එකක් තමයි මේ දවස් වල ඉගෙන ගන්ඩ තියෙන්නේ. අළුත් දෙයක් ඉගෙන ගන්ඩ තියෙන එක හොද දෙයක් උනාට මේ ට්‍රේනින් එක දෙන්න ඇවිත් තියෙන්නේ රැජිනගේ රටේ කෙනෙක් !

රැජිනගේ රටේ මිනිස්සු ගැන ආයේ අමුතුවෙන් කියන්ඩ ඕනේ නැහැනේ. මෙවුන්ට තියෙන්නේ සුපිරිම කඩ්ඩක් ! කඩ්ඩ විතරක් යෑ... උච්ඡාරණයත් හෙනම අමුතුයි !

මට කඩ්ඩෙන් තියෙන මොනවහරි දෙයක් අහලා තේරුම් ගන්නවාට වඩා ඒ දේ කියවලා තේරුම් ගන්නකොට ඉක්මනින් ධාරණය වෙනවා.මොනවහරි අළුත් දෙයක් අහලා තේරුම් ගන්නවා නම් සරලව කියන්ඩ ඕනේ.

ඒත් ඉතින් මුන්ගේ සරල පැහැදිලි කිරීමක් උනත් උච්ඡාරණයේ තියෙන වෙනස් කම හන්දම සෑහෙන අමුතුවට ඇහෙන්නේ. ඒ හින්දා උගන්වන දේට අමතරව භාශාවත් එක්කත් සෑහෙන සටනක් දෙන්ඩ සිද්ධ වෙලා තියෙනවා.කොටින්ම මේකෑ කටින් පිටවෙන ඉංග්‍රීසි වචනයක් අල්ලගන්ඩ මම් සෑහෙන ගේමක් දෙනවා.

හොඳම වැඩේ තමයි කට්ටිය ටික දෙනෙක් විතරක් ඉන්න හන්දා එපා වෙච්ච වෙලාවට නිදි කිරා වැටෙන්ඩත් බෑ... අන්තර්ජාලය පාවිච්චි කරන්ඩත් බෑ. අතරින් පතර විවේක කාලයකුත් නෑ.. කෑම පැයත් වෙලාවට හම්බවෙන් නෑ...

කොටින්ම උදේ අටේ ඉදලා පහ වෙනකන්ම මෙලෝ හසරක් තේරුම් ගන්ඩ බැරි දේවල් අහගෙන ඉදලා හවස් වෙනකොට ඔලුව පුපුරන්ඩ තරම් රිදෙන්ඩ ගන්නවා. මේ දවස් ටික ඉක්මනට ඉවර වෙනවනම් දාහෙන් සම්පතයි !!!

ඔන්න ඕක තමයි මේ දවස්වල මට මුහුන දෙන්ඩ වෙලා තියෙන කරදරේ !!! ඉතින් වැඩට යන එක එපා වෙන එක අහන්ඩත් දෙයක් යෑ.. !!!

59 comments:

  1. පොරට මොකක් හරි ප්‍රෝග්රෑම් කරල ප්‍රනවුන්ස් වෙනස් කරපං

    ReplyDelete
  2. මාව අර හිගන්නට මාට්ටුවෙලා වෙච්ච වැඩේ අනිත් එකනේ ඔයාට වෙලා තියෙන්නේ

    ReplyDelete
  3. බෑ කියලා බැරිය මලේ කියනවනෙ. අනික ඉතින් ඉගෙන ගන්න නම් අමාරුවෙන් හරි ඉවසා වදාරන්ඩ වෙනවනෙ. ඔය සුද්දගෙ බාසාව ඉක්මනින් අල්ල ගන්න නම් බීබීසී රේඩියෝ වගේ ඒවා අහන්න වෙනවා. කට අරින්නේ නැතුව කට ඇතුලෙන් උච්චාරණය කරන හන්දා තේරෙනවා හොර වෙන්නෙ එතකොටලු.

    කම්මැලි කම පැත්තකට කරලා ට්‍රේනින් කට්ට කොලා නම් තමා හරි. ඉගෙන ගන්න දේ අපතේ යන්නෙ නෑලු

    ReplyDelete
  4. අපොයි.. මටත් ඔය ආනිසංසෙම තමා... කියන දේ නොතේරේ.. කියෙව්වම තේරේ...
    කොහොම හරි අල්ල ගමු නෙහ්..
    මං මේ සුදාගේ සිතුවිල්ලක් ලහින්

    ReplyDelete
  5. රැජිනගේ රටේ එවුංවනං මතක් කරන්න එපා...
    මටත් ඔය ගෝතයෙක් ලෙක්චස් කලා මෙලෝ මලදානයක් දේරෙන්නෑ..
    හච පච තමා..
    ලයිෆ් ඉංග්ලිස් ඇකඩමියට යවන්න හිතුනා මට ඌව..

    ReplyDelete
  6. විවේක වෙලාවක එයාට කිට්ටු කරලා එයාට කියන්ටකෝ තේරුම්ගන්ට අමාරු වචන හරි එයාගේ උච්චාරණය ගැන හරි. හෙමිහිට කතා කරන්ට පුලුවන්ද කියලත් අහන්ට. සමහර විට එයා මොනවා හරි කරයි.

    කිව්වත් වගේ මේ දවස්වල BBC News බැලුවානම් හරි.

    ReplyDelete
  7. :) කොහොම උනත් වැඩ ටික හොඳින් කරගන්න සහෝ :)

    ReplyDelete
  8. කුමාරිහාමි කියන උපදෙස මමත් අනුමත කරනවා. අනෙක ඔය උච්චාරණ විදිය අල්ල ගත්තට පස්සේ අවුලක් නැහැ.
    පස්සේ ඔයාට විවේක තියෙන විදිහට බ්‍රිතාන්‍ය කවුන්සිලේ පන්තියකට සම්බන්ධ වෙන්න. ඒ අය උගන්වන ක්‍රම බොහොම අලුත්, ඒ වගේම ප්‍රායෝගිකයි. සැප්තැම්බර් මාසේ අලුත් පන්ති ආරම්භ වෙනවා.

    ReplyDelete
  9. අප්පා ඔහොම බෑ පුතා... ඔව්වා තමා වැදගත්....

    ReplyDelete
  10. සුද්දගේ බාසාව සුද්ද කතාකරනකොට එකේ ඇදක් කියන්නත් බැහැ ඉතින්.. වවුලගේ මගුල්ගෙදර ගියා නම් එල්ලිලා හිටු !!

    ReplyDelete
  11. කරන්න දෙයක් නෑ මල්ලි...පැමිණි දුක් පැණි රසයි කියල හිතාගෙන අනාගතය ගැන හිතල වැඩ කරන්න

    ReplyDelete
  12. බ්‍රිටිෂ් කවුන්සිල් එක පැත්තේ රවුමක් ගැහුවා නං ඕක හරියනවා..ජය වේවා!!

    ReplyDelete
  13. ට්‍රේනින් එක ඉවර වුණා වගේ නෙවෙයි, ඒක implement කරන්න ගියා ම ඔන්න... ඒ නිසා හොඳට අහගෙන හිටිං!

    ReplyDelete
  14. ට්‍රේනින් = වහ

    ReplyDelete
  15. අප්පේ කොහොම හරි ගොඩ දාගනින් මලේ.

    ReplyDelete
  16. එයාට කියලා බැලුවානම් හරි ටිකක් හෙමිහිට කතා කරන්න කියලා. එතකොට ලේසි වෙයි මම හිතන්නේ.

    ReplyDelete
  17. මම මේ කල්පනා කලේ මම එහෙම ඔය වගේ තැනක හිටියොත් මොනා වෙයිද කියලා

    ReplyDelete
  18. උඹ සුද්දට සිංහල උගන්නපං.. ඊට පස්සෙ ඌ සිංහලෙන් ලෙක්චර්ස් දෙයි

    ReplyDelete
  19. අපෙත් ඔහොම ලෙචාල දෙතුන් දෙනෙක් ඉන්නවා.තේරෙන විදිහට කතාකරන්නැතුව සුද්දගෙ ආච්චි වගේ දෙන්ඩ හදනවා.මමනං එක්කෝ නොගිහිං ඉන්නවා, නැත්තං නිදා ගන්නවා.උඹටනං සොරිම තමයි මචං!!!

    ReplyDelete
  20. එහෙම වෙද්දි සිරාවට චාටර් \ඇති....පොඩි කාලෙ මට IT පීරියඩ් එක වගේ...

    ReplyDelete
  21. උඹේ කම්මැලිකම දාපන බල්ලට..

    ReplyDelete
  22. මල්ලි මෙහෙම කරන්න. සුද්දට කියන්න හෙමිහිට ලෙක්චර් එක කරන්න නැත්නම් තේරෙනවා මදි කියල. මිනිහ අහයි. ලජ්ජා වෙන්න එපා. උන් ප්‍රයෝගික මිනිස්සු.

    ReplyDelete
  23. mona karannada itin duka tama kiyala kohoma hari ahagena inna tiyenne ayya.ah...ayya ahala tibunane mama natum panti yanawada kiyala.....mama issaranam giya ayya dannam yanne ne a miss class nawaththuwa nisa.mama karanne deshiya narthanaya tama ayya....mepara kalapa taragen api 1st una nisa labana mase palath taraga walata yanna danma idan practis karanawa.eka nisa me dawas wala itin ude idan hawas wenakan nata nata innawa ayya....... :)

    ReplyDelete
  24. හික්ස්. මට උඹ ගැන අවංකවම දුකයි.

    ReplyDelete
  25. මධුෂානිAugust 29, 2012 at 3:26 PM

    අපි නොදන්න අරලියා :P එයා කොහොමත් හොඳ හොඳ නැටුම්, කස්තිරම් අල්ලල පුරුදු කෙනෙක් තමයි. (දන්නෝ දනිති)

    ReplyDelete
  26. ඔය උඹ ට්‍රේනින් එකකට ගිහින්.නිකමට හිතපන්කො උන්ගෙ IT ප්‍රශ්ණ විසඳන රස්සාව කරණ මම කන කට්ට ඒ යක්කු කියන ඒවා තේරුම් ගන්න.

    ReplyDelete
  27. madushani mamanam oya gana danne ne.mamanam danne oya mangana mona dannawada kiyala.anika mama danne oya meka mona adahasin kiwwada kiyala.oya antimata warahana athule dala tiyena de hari.mangana danna,mage lagin inna hamoma aya dannawa mama kohoma kenekda kiyala.aththatama madushani oyata mageth ekka mokak hari tarahak tiyenawada?habai mama danna widiyata mata taraha karayo ne.

    ReplyDelete
  28. හපොයි ඒ රටේ ඉංගිරීසි තේරුම් ගන්න අමාරුයි තමා... ඒ ගොල්ලන්ගේ කටින් වචන වෙනුවට එක එක සද්දනේ එළියට පනින්නේ.. හික්ස්.. අයියටත් වෙන වැඩ....

    ReplyDelete
  29. ජිවිතේ ඔහොම තමා අයියණ්ඩි :)

    ReplyDelete
  30. පොඩි කාලෙදි ඔහොම තමා මල්ලි, ටිකක් ලොකු වුණාම සුද්දොත් ඉතින් අපිට හපන් කියල තේරෙයි... උන් කෙලින බුල් උන්ට තේරෙන්නෙත් අපි කිව්වම... දැනට අල්ලගෙන යන්න..

    ඉස්සර මම වැඩ කරපු ප්‍රොජෙක්ට් එකකට ආපු යැන්කියෙක් ප්‍රින්සිපල් ඉස්කෝලෙ වටේ ඇවිද ඇවිද බලනවා වගේ උදේ ආපු වෙලාවේ ඉඳන් අපේ මේස වටේ කැරෙකෙන්න තියාගත්ත.. හික්.. මොනව කරන්නද කාගෙන හිටිය..

    හොඳම දේ තමා ඌ ඇනයක් කියල හිතන්නෙ නැතුව පොරව ආතල් එකක් ලෙස සලකන එක... එතකොට ඉන්න ලෙසියි.. අනිත් එක කෙලින් කතා කරල ඔයාලට ඕනේ දේ කියන්න.. ගොඩක් වෙලාවට ඒ මිනිස්සු එයාලගෙ අඩුපාඩු හදාගෙන වෙනස් වෙන්න කැමති අය..

    ReplyDelete
  31. අෆු මමත් ට්‍රේනින් දවස් වල දින ගැන ගැන හිටියේ කවද ඉවර වෙයිද කීලා.අල්ලගන ඉන්න මොනව කරන්නද?උනුත් යන දවසක් ඇතිනේ

    ReplyDelete
  32. බොට ඔහොම නොතේරෙනකොට මේ අපි ගැන කුමන කතාද?

    ReplyDelete
  33. බෙටා දෑන් දිස්...නව්ව් ඕර් ලේටාර්

    අපෝ රැජිනගේ රටේ ඉංග්‍රීසිද? කතා කරලා වැඩක් නෑ..අන්න ඒකට හඳ අල්ලපු රටේ ඉංග්‍රීසි...හික් හික්

    ReplyDelete
  34. රැජිනගේ රටේ ඉංග්‍රීසි තේරෙන්නම නෑ නම් තමා.. ඒ උනාට අයියේ ඉතාලි කාරයෝ කතා කරන ඒවා අහන් ඉන්න තිබ්බේ.. අනිවා ආයෙම අයියා ඉංග්‍රීසි කතා කරන්නේ නෑ..

    ReplyDelete
  35. මධුරංග අයියටත් වෙන වැඩ..මටත් උන්ගෙ කෑලි හැලුන ඉංග්‍රීසි පේන්න බෑ.....

    ReplyDelete
  36. දවස් දෙකක් යනකොට ඕක අල්ලගන්න පුළුවන් වේවි නැත්නම් සුද්දාට සිංහල උගන්වන්න.

    ReplyDelete
  37. අපරාදේ DeV ගියේ බං, උබට QA යන්න තිබුනේ. අනිත් එක Virtusa නම් sorry.com තමයි.

    ReplyDelete
  38. මටත් ඔය අවුල තිබුන. තව ටික දවසකින් ආයෙත් පටන් ගනී. අපෝ එපාම වෙනවා. අත්දැකීමෙන් කියන්නේ. ඒත් කාලයත් එක්ක ටිකක් හරි යනවා.

    ReplyDelete
  39. අපරාදේ බං උබ Dev ගියේ QA යන්නනේ තිබුනේ? අනික Virtusa නම් ඉතින් sorry.com තමයි.

    ReplyDelete
  40. හෆ්ෆා.. ප්‍රෝග්‍රැමින්!!! මට එපා වෙලා...:/

    ReplyDelete
  41. අපේ අයියත් කිව්වා ඔය කතාව...එයා නම් පස්සේ ආපහු අහගෙන තිබුනා..

    ReplyDelete
  42. ම්ම්ම්.... කඩ්ඩ ප්‍රශ්න.. :/

    ReplyDelete
  43. කඩ්ඩද....කෝ ඕකා....

    ReplyDelete
  44. මොකක්ද අප්පේ ඒ ලැංග්වේජ් එක?? සුද්දන්ගේ ඉංගිරිසිය අපහැදිලිය ඒ අතින් ලංකාවේ එවුන් සුද්දට වඩා පැහැදිලිව ඉංගිරීසිය කතා කරනවා.ඔය සුද්දට අඤ්ඤකොරොස් වගේ වචනයක් ඉංගිරිසියෙන් ලියන්න දුන්නනම් හරි අප්පා...

    ReplyDelete
  45. රැජිනගෙ රටේ උන් එක්ක තමයි ලේසියෙන්ම ඉංග්‍රීසි කථා කරන්න පුලුවන්... උන් පාවිච්චි කරන්නෙත් සරල වචන... උඹ බැරිවෙලාවත් ඇමරිකන් සුද්දෙක් එක්ක කථා කරලා බලපන්... වැඩිය ඕනෙ නෑ ඔබාමා කරන කථාවක් නිව්ස් වලින් දැක්කොත් බලපන්කො ඌ කියන වේගෙට අපිට කොච්චර තේරුම් ගන්න පුලුවන්ද කියලා...

    ReplyDelete
  46. මටත් එකපාරක් සෙට්වුනා ඔහොම එකෙක්.. නම ටෝනි වයිට් හවුස්.. අපේ එවුන් සුදුගෙදර මහත්තයා කියන්නේ..:) පොරට අපි කිව්වා කතන්දරේ.. අනේ පහුවදා ඉඳලා මු ලස්සනට හෙමීට වැඩේ කළා කාටවත් අවුලක් නොවෙන්න..

    ReplyDelete
  47. අයියේ මාත් පාට් ටයිම් එන්නද ට්‍රේනින්.. මමත් හෙල්ප් එකක් දෙන්නම්

    ReplyDelete
  48. මං නං ආසම උච්චාරණය තියෙන්නේ එංගලන්තේ උන්ට. ඇමරිකන් අයගේ එක තේරුම් ගන්න ලේසියි. ඔසියොන්ගේ එක තමයි අමාරු

    ReplyDelete
  49. @sAm (සෑම්) :
    එහෙම කරන්ඩ පුලුවන් නම් මෙලහට්ට කරලා..

    @අටම්පහුර :
    අප්පටසිරි එහෙම සීන් එකකුත් උනාද..

    @ළිහිණි :
    ඒකවත් කරලා බලමු ලිහිණි..
    ගොඩක් ස්තුතියි උපදෙස් ටිකට !!!

    @Anonymous :
    ඒක නෙමෙයි...

    @සුදා මල්ලි :
    ඔන්න දුක තේරෙන මල්ලි කෙනෙක්.. එල එල..

    @තරියා අබේ :
    මාත් කොහේට හරි මංගැච්චුවා නම් හරි...
    නැත්නම් කඩ්ඩෙන් කැපිලා මැරෙන්ඩ වෙන්නේ..

    @Podi Kumarihami :
    අන්න ඔවු අක්කේ. ඒක නම් කරන්ඩම වෙනවා.
    ඔයාගේ උපදෙස් ටිකටත් ස්තුතියි අක්කේ.. ඇත්තටම මට මේ ටිකේ එපාම වෙලාමයි හිටියේ..

    @හිරුහිමාවී :
    උත්සහ කරනවා අප්පා.... :)

    @පොත් ගුල්ලා :
    ස්තුතියි අයියා උපදෙස් වලට. ආත් ඒ පැත්තේ ගිහින් බලන්නම්...

    @prasanna86k :
    අපොයි අම්මේ.. වැදගත් කියලා මැරෙන්ඩ යෑ... :)

    ReplyDelete
  50. @සරත් ලංකාප්‍රිය :
    සරත් අයියෑ කතාව මසුරන් !!!
    ඒක තමා මටත් වෙලා තියෙන්නේ..

    @මුතුපබලු :
    එහෙම තමා අක්කේ කරන්ඩ වෙන්නේ.. කාගෙන ඉන්නවා ඇරෙන්ඩ වෙන කරන්ඩ දේකුත් නෑ..

    @Maal :
    ඒකත් කරලා බලමු මාල්යා...

    @ලහිරු :
    අහගෙන ඉගෙන ගන්න නම් වෙන්නේ නෑ මචං...
    පොත උඩ ඉදන් පහලටම කියවන්ඩ තමා වෙන්නේ..

    @දිනෙල්ක :
    මටත් එම මයි !

    @නිසුපා :
    ට්‍රයි කරමි අක්කේ... :)

    @සිතුවිලි සිතූ :
    ඒ වැඩේ නම් හරි ගියේ නෑ සිතු...

    @අකීකරු හිත :
    අපොයි ඒ අතින් නංගි වාසනාවන්තයි..

    @Mee Godayaa :
    එහෙනම් තව මාසයක්වත් ට්‍රේනින් එක ඉල්ලගන්ඩ වෙයි... හිකීස් :)

    @දිනුක :
    සොරිම තමයි නේන්නම්.....

    ReplyDelete
  51. @ඉන්ද්‍රජිත් :
    අපොයි ඒවා නම් මතක් කරන්ඩත් එපා.. :)

    @හරී :
    ඒ වැඩේ හරි යන්නේ නෑ හරී...

    @ධමිමික ස‍‍දරුවන් :
    ඒක නේන්නම් මචං... !!!

    @Anonymous :
    ඒක නම් හරි ගියේ නෑ අයියා. ඒකට ඕන උනේ ඉක්මනටම ට්‍රේනින් එක ඉවර කරලා තමන්ගේ රටට යන්ඩ !!!

    @araliya :
    එල එල... මොන දේ ඉගෙන ගත්තත් යන්ඩ පුලුවන් උපරිම දුරට ගෙන ගන්ඩ. අපේ අම්මා හමදාම වගේ මට ඕක කියනවා..
    ඉගෙන ගත්ත දෙයක් අහක යන්නේ නෑ නෙව... :)

    @පිණිබිඳු... :
    ඒ අර මොකෝ...

    @මධුෂානි :
    මම නම් දන්නේ නෑ ඔය කතා... හිකිස් :)

    @sithuwam :
    අම්බෝ ඒ අතින් මට නම් ඔය කේස් නෑ.. ට්‍රේනින් එකෙන් පස්සේ සුද්දෝ ටික යන්ඩ යයි. අපට නිදහස හම්බ වෙයි... :)

    @ප්‍රාර්ථනා :
    ඒක නේන්නම් මටත් වෙන වැඩ...

    @Hasitha :
    මොනා කරන්ඩද මල්ලි... කාගෙන ඉන්නවා.. :)

    ReplyDelete
  52. උගතමනා ශීල්පය මැයි මතු රැකෙනා.....:DDD

    ReplyDelete
  53. @Pathum Herath :
    මොනාකරන්ඩද ඉවසගෙන ඉන්නවා මිසක්කා.
    උඩ කට්ටිය කියලා තියෙනවා වගේ කෝස් එකක් කලා නම් හරි..

    @නදී :
    එතකන් තමයි ඉවසන් ඉන්නේ...

    @malmi :
    අනේ මන්දා..... මොනා කරන්නද කියලා

    @සයුරි :
    ඇයි එහේ ඉංග්‍රීසි ලේසි ද ?

    @Dinesh :
    ඒ මොකෝ ඒ ? ඒ තරමටම කඩ්ඩ සුපිරි ද

    @වින්චැට් කිරිල්ලි. :
    ඔයාටත් උන්ගේ කඩ්ඩ පෙන්නන්ඩ බැරි ද... :)

    @මල්සරා @ ≈ මගේ ජීවිතය ≈ :
    කඩ්ඩ මදිවට දෙමලත්....

    @දයානන්ද රත්නායක :
    ඊට කලින් ට්‍රේනින් ඉවර වෙයි :)

    @මධූ :
    එහෙම වෙනවා නම් මරු... නැත්නම් ඉවරයි !!

    @උදාරයා :
    මම ඔය දෙකම නෙමෙයි ඉන්නේ.. මම් ඉන්නේ සිස්ටම් !!!

    @අනූ :
    මට නම් ආපහු අහන්ඩ වෙන්නේ නැති පාටයි...

    @Red Riding Hood :
    ඒකනේ රෙඩ් මම කඩ්ඩ ලිපි කියවන්නේ නැත්තේ... :)

    ReplyDelete
  54. @තරුවා :
    හම්බ උනොත් මටත් කියන්ඩෝ... :)

    @ගැමියාගේ පත් ඉරුව :
    අපේ එවුන්ගේ ඉංග්‍රීසිය නම් පොඩ්ඩක් හරි තේරුම් ගන්ඩ තිබ්බා....

    @සිරාගේ කාමරේ :
    මට නම් තාම එක සුද්දෙක්ගේවත් කඩ්ඩ එච්චර හොඳට තේරුම් ගන්ඩ බෑ නෙව...

    @Alexander Cage :
    අඩේ මෙහේ එහෙම කියන්ඩ බෑ නේ.. මේ සුද්දට ඕන ඉක්මනටම ඉවර කරලා ගමරට බලා යන්ඩ...

    @....ජනියා....:
    මලයටත් කඩ්ඩ පුලුවන්දෑ... එහෙනම් මරු නේ..

    @මිස්ටර් හයිඩ් :
    මගේ ඔලුවත් කහන්ඩ ගත්තා....

    @priyantha :
    ඔබතුමා නම් කියයි... මමනේ අහන්ඩ ඕනේ.. :)

    ReplyDelete
  55. @කෝරලේ මහත්තයා :
    ඒක තමා කොරන්ඩ වෙන්නේ !

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.