06 January 2025

ජේසු බිළිඳුන් රජුන්ට ප්‍රත්‍යක්ෂ වීමේ මංගල්ලය

 " මොකෝ මේ නත්තල් ගහයි ගවලෙනයි අස් කලේ නැත්තේ ? " යැයි මා ආදරණීය මාමණ්ඩියගෙන් ඇසූ වේ නත්තලත් පසුවී ඉරිදාවක් ද පසු වූවාටත් පසු ය. 

මා කුඩා කළ නම් ජනවාරි පළමුවන දිනයෙන් පසුව එන දිනයකදී නත්තල් සැරසිලි සියල්ලම ඉවත් කර දමනු ලබයි. නමුත් මාමණ්ඩි නම් මේ සැරසිලි දැන්ම ඉවත් කරන බවක් නොපෙනුනි.

" ජනවාරි 6 වෙනිදායින් පස්සේ ම නත්තල් ගහ ගලවනවා"  ‍යයි ඔහුගේ පිළිතුර විය.

මොකද්ද මේ ජනවාරි 6 වෙනිදා ? ඇයි ඒ වෙනකන් මේ සැරසිලි තියාගෙන ඉන්නේ ?

අද බ්ලොග් සටහන ඒ වෙනුවෙනි.

05 January 2025

මග්ගොන

 මට සහෝදර සහෝදරියන් රාශියක් පිරිවරාගත් පවුලක අයෙකු නොවේ. සහෝදරියන්ටත් සහෝදරයන්ටත් සිටියේ මල්ලී පමණි. අප අතර ඇත්තේ වයසින් අවුරුද්දක පරතරයකි. බොහෝ සහෝදරයින් සේම අපද කුමන හෝ කරුණක් අරභයා රණ්ඩුවක් ඇති වූ කලෙක අපේ අම්මා හෝ තාත්තා විසින් අපව බිය ගැන්වීමට භාවිතා කරන ලද ග්‍රාම නාමයක් වූයේ මග්ගොන ය. 


“ ආයේ ගහ ගත්තොත් මග්ගොන ගිහින් දමනවා” යැයි බොහෝ දිනවල අපේ රණ්ඩු අවසන් කිරීමට භාවිත විය. 


“මොකද්ද මේ මග්ගොන තියෙන්නේ?” යන පැනය අප විසින් නැගූ විට බොහෝ විට අපට ලැබෙන්නේ එකම ආකාරයේ පිලිතුරකි.


01 January 2025

ආයුබෝවන් 2025 !

 අද 2025 අවුරුද්දේ ජනවාරි පළමුවෙනිදා. තවත් එක අවුරුද්දක ආරම්භයක්. ඉතින් ගොඩක් අය මේ වෙනකොට මේ අවුරුද්දේ අරම කරනවා මෙහෙම කරනවා මේ වගේ ඉන්න උත්සහ කරනවා කියලා නා නා ප්‍රකාර ඉලක්ක තියාගෙන ඉන්නවා වෙන්න ඇති.

සමහර වෙලාවට ගිය අවුරුද්දේ කරනවමයි කියලා හිතාගෙන ඉඳලා ඉවර කරගන්න බැරි වෙච්ච ඉලක්ක වල පොඩි පොඩි කොටස් ටික මේ අවුරුද්දේ සම්පූර්ණ කරගන්නවයි කියලා හිතාගෙන ඉන්නවා වෙන්ඩ පුලුවන්.

ඉතින් මේ කොයි එක උනත් තම තමන්ගේ ඉදිරි දියුණුවට හේතු කාරණා වෙන සියළුම ඉලක්ක සම්පූර්ණ කර ගන්න පුලුවන් වෙන්ඩයි කියලා එක හිතින්ම ප්‍රාර්තනා කරනවා.... !

24 December 2024

සුබ නත්තලක් වේවා

 ලක් වාසි කිතුණු බැතිමතුන්ට සාමය සතුට පිරි සුබ නත්තලක් වේවා !



15 November 2024

මුළු රටම එක මිටට

 අද නොවැම්බර් මස 15 වෙනි සිකුරාදා දිනයකි. එසේම වප් පුන් පොහෝ දිනයත් යෙදී ඇත්තේ අදට ම ය. ඊටත් දෙවෙනි නොවන මැතිවරණ උණුසුමකින් රටම වෙලාගත් සිකුරාදා දිනයකි අද. පෙරදින එනම් නොවැම්බර් මස 14 වනදා පැවැත්වූ මහ මැතිවරණයේ ප්‍රථිපල එකින් එකට මහජනතාව ඉදිරියේ පෙළහර පාන දිනය අදයි.

මමද නිවාඩු දින උදේ පටන්ම පරිගණක තිරය දිහාවට ඇහැ යොමාගෙන සිටියේ පෙරදින මා දැමූ ඡණ්දයේ ප්‍රථිපළ කෙසේ වේදැයි දැනගනු රිසියෙනි.එකදු ඡන්ද ප්‍රථිඵලයක්වත් මගහැරෙන්නට නොදී බලා සිටියේ අවසන් ප්‍රථිඵලය දැනගනු රිසියෙනි. මා සිතා සිටි පරිදිම එක මිටට මුළු රටම මාලිමාවට එසේත් නැතිනම් ජනතා විමුක්ති පෙරමුණ ඉදිරියෙන් ඡන්දය භාවිතා කර තිබිණ.

ඉතින් මෙවැනි ජයග්‍රාහි දිනයක බ්ලොග් අඩවියේ සටහනක් නොදමා සිටීමට මට සිත එකඟ කරගත නොහැකි විය. වසර 40කට ආසන්න කාළයක් තිස්සේ මැතිවරණ තරඟ බිමේ සටන්කොට ලබා ගතහැකි වූ එකම ජයග්‍රහණය මේ යැයි මා සිතමි. 

අදින් ආපස්සට බලනවිට ජනතා විමුක්ති පෙරමුණට මෙවැනි ජයග්‍රාහී වූ දිනයක් හොයාගැනීමට අසීරුය.

 මෙය ජනතා විමුක්ති පෙරමුණ ලබාගත් ජයග්‍රහණයකට වඩා මා දකින්නේ වසර 76ක මජර දේශපාළනයෙන් බැට කෑ ජනතාව විසින් ස්වකීය ඡන්ද අයිතිය භාවිතා කර ඉහත කී මජර දේශපාළනයට උර දුන් මැති නඩය එක පෙළට පරාජය කර ලබා ගත් ජයග්‍රහනයක් ලෙස ය.