අප බෙලිහුල් ඔය තානායමට එනවිට වේලාව හවස 4ට ආසන්න වී තිබුණද දිවා ආහාරය සඳහා සූදානම් ව තිබූ බුෆේ එක අවසන් වී තිබුණේ නැත. අප කුසගිනි නිව්‍ර්න තෙක් බුෆේ එකෙන් දිවා ආහාරය ගත්තෙමු. දිවා ආහාරය අවසන් වනවත් සමගම තානායමේ පිළිගැනීමේ නිළධාරි තැන අපට සූදානම් කර තිබූ කාමරයේ යතුර ලබා දුනි.
අප නැවතී සිටින කාමරයේ බැල්කනියට අසලින් ගලා යන බෙලිහුල් ඔයේ වතුර ගලන හඩ ද කදුකර දර්ශනයන් ද මනාව දිස් වේ. වතුර ගලායන හඩ මුලදි මුලදි ඝෝෂාකාරී ලෙස සිතුන ද අපේ කන් ඒ හඩට ඉතා ඉක්මනින් අනුවර්තනය වී ය.එය අපට මහත් අස්වැසුමකි. ගමනේ වෙහෙස නිසා අප කාමරයට වී මදක් විවේක ගත්තෙමු. හවස අප පහන්තුඩාවට යාමට කතිකා කර ගත්ත ද පුතුගේ බලවත් අකමැත්ත උඩ අප ඒ ගමන අමතක කර දැමී ය. ගමන් මහන්සිය නිසාම ඔහු ඒ ගමනට අකමැත්තක් දැක්වූ බව අපට සිතුණි.
පසු දින අළුයමින් අප අවදි වී උදෑසන ආහරයට තානායමින් ලබා ගෙන කළුපහන හන්දියට ආවෙමු. ඒ බඹරකන්ද ඇල්ල හා ඒ ආසන්නයේ වූ ලංකා ඇල්ල නැරඹීම සදහා ය. අප එහි යන විටත් බොහෝ සංචාරකයෝ එහි පැමිණ තිබිණ. අප ද ඔවුන් අතරට එක්ව බඹරකන්ද ඇල්ල නැරඹීමු. ඉන් අනතුරුව පයිනස් ගස් මැදින් ලංකා ඇල්ල වෙත ආවෙමු.
ලංකා ඇල්ලත් බඹරකන්ද ඇල්ලත් මා නරඹන්නේ දෙවැනි වතාවට ය. පළමුවෙනි ගමන මා මෙහි ආයේ මිතුරන් පිරිසක් සමග ය. ඒ යකාගේ පඩිපෙළ ගමනේදී ය. එයත් සුන්දර ගමනකි. සංචරණයට කැමති අයෙකු නම් යා යුතුම ගමනකි.
ලංකා ඇල්ලත් බඹරකන්ද ඇල්ලත් නැරඹීමෙන් පසු අප නැවතත් කළුපහන ඔස්සේ බෙලිහුල් ඔයට ආවෙමු. ඉන් පසු අප අපේ සියළුම බඩු බාහිරාදිය වාහනයට පටවා ආපිට ගමනට පිටත් වූවෙමු.
පෑ 5කට පමණ කාළයකදී අපට ගෙදරට ඒන්ගත හැකි විය. දින දෙකක සුන්දර ගමනක් එලෙස නිමා කළ අප, අපගේ මතක ගොන්නට ඒ ගමනත් ඇතුලත් කර ගත්තෙමු.
ජය හා සතුට !
No comments:
කමෙන්ට් එකක් දාලම යමු ද ?
ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.