31 January 2025

පානුයි පරිප්පුයි

පේරාදෙණියේ හොස්ටල් ජීවිතයේදී පාන් වලට හා පරිප්පුවට හිමි වූයේ අත්විතීය ස්ථානයකි. අද්විතීය යැයි මා සඳහන් කරන්නේ උදේ ආහාර වේලට පරිප්පු සමග පාන් නොවරදින දවසක් නැති තරම් වූ නිසා ය. එහෙමත් දවසක පරිප්පු හොද්ද වෙනුවට තක්කාලි හොද්දක් පරිප්පුවේ අද්විතීය තැන ගත්තද ඒ ඉතාමත් කලාතුරකිනි. ඒ අතේ ඇඟිලි ගණනටත් වඩා අඩු දින ගණනකි. 


එදවස පාන් බාගයක් හා පරිප්පු හොදි පිගානක මිල රුපියල් තිහකටත් අඩු ය. 


11 January 2025

Squid Games Season 02

 ත්‍රිලර් ගණයට අයිති වෙන Squid Games ටීවී සීරීස් එකේ පළවෙනි සීරීස් එක මීට වසර තුනහට වගේ ඉහතදී නිකුත් උනා කියලා ඔයාලට මතක ඇතිනේ. ඒක නෙට්ෆ්ලික්ස් වල රිලීස් වෙච්ච කොරියන් කතා මාළාවක්. ඒකට සෑහෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර තිබ්බා.

ඔන්න ඒකෙම දෙවෙනි සීරිස් එක ගිය අවුරුද්දේ ඒ කියන්නේ 2024 අවුරුද්දේ දෙසැම්බර් මාසේ 26 වෙනිදා නිකුත් උනා. මේක ඉතාමත් කෙටි සීරීස් එකක්. කොටස් 7ක විතර කෙටි සීරීස් එකක් තමයි නිකුත් උනේ.

06 January 2025

ජේසු බිළිඳුන් රජුන්ට ප්‍රත්‍යක්ෂ වීමේ මංගල්ලය

 " මොකෝ මේ නත්තල් ගහයි ගවලෙනයි අස් කලේ නැත්තේ ? " යැයි මා ආදරණීය මාමණ්ඩියගෙන් ඇසූ වේ නත්තලත් පසුවී ඉරිදාවක් ද පසු වූවාටත් පසු ය. 

මා කුඩා කළ නම් ජනවාරි පළමුවන දිනයෙන් පසුව එන දිනයකදී නත්තල් සැරසිලි සියල්ලම ඉවත් කර දමනු ලබයි. නමුත් මාමණ්ඩි නම් මේ සැරසිලි දැන්ම ඉවත් කරන බවක් නොපෙනුනි.

" ජනවාරි 6 වෙනිදායින් පස්සේ ම නත්තල් ගහ ගලවනවා"  ‍යයි ඔහුගේ පිළිතුර විය.

මොකද්ද මේ ජනවාරි 6 වෙනිදා ? ඇයි ඒ වෙනකන් මේ සැරසිලි තියාගෙන ඉන්නේ ?

අද බ්ලොග් සටහන ඒ වෙනුවෙනි.

05 January 2025

මග්ගොන

 මට සහෝදර සහෝදරියන් රාශියක් පිරිවරාගත් පවුලක අයෙකු නොවේ. සහෝදරියන්ටත් සහෝදරයන්ටත් සිටියේ මල්ලී පමණි. අප අතර ඇත්තේ වයසින් අවුරුද්දක පරතරයකි. බොහෝ සහෝදරයින් සේම අපද කුමන හෝ කරුණක් අරභයා රණ්ඩුවක් ඇති වූ කලෙක අපේ අම්මා හෝ තාත්තා විසින් අපව බිය ගැන්වීමට භාවිතා කරන ලද ග්‍රාම නාමයක් වූයේ මග්ගොන ය. 


ආයේ ගහ ගත්තොත් මග්ගොන ගිහින් දමනවා” යැයි බොහෝ දිනවල අපේ රණ්ඩු අවසන් කිරීමට භාවිත විය. 


මොකද්ද මේ මග්ගොන තියෙන්නේ?” යන පැනය අප විසින් නැගූ විට බොහෝ විට අපට ලැබෙන්නේ එකම ආකාරයේ පිලිතුරකි.


01 January 2025

ආයුබෝවන් 2025 !

 අද 2025 අවුරුද්දේ ජනවාරි පළමුවෙනිදා. තවත් එක අවුරුද්දක ආරම්භයක්. ඉතින් ගොඩක් අය මේ වෙනකොට මේ අවුරුද්දේ අරම කරනවා මෙහෙම කරනවා මේ වගේ ඉන්න උත්සහ කරනවා කියලා නා නා ප්‍රකාර ඉලක්ක තියාගෙන ඉන්නවා වෙන්න ඇති.

සමහර වෙලාවට ගිය අවුරුද්දේ කරනවමයි කියලා හිතාගෙන ඉඳලා ඉවර කරගන්න බැරි වෙච්ච ඉලක්ක වල පොඩි පොඩි කොටස් ටික මේ අවුරුද්දේ සම්පූර්ණ කරගන්නවයි කියලා හිතාගෙන ඉන්නවා වෙන්ඩ පුලුවන්.

ඉතින් මේ කොයි එක උනත් තම තමන්ගේ ඉදිරි දියුණුවට හේතු කාරණා වෙන සියළුම ඉලක්ක සම්පූර්ණ කර ගන්න පුලුවන් වෙන්ඩයි කියලා එක හිතින්ම ප්‍රාර්තනා කරනවා.... !