10 March 2023

අපූරු පංකාවක්

 මාතර තානායමේදි අපි හරි අපූරු සුළං පංකාවක් දැක්කා. සාමාන්‍යයෙන්  අපි දැකලා තියෙන්නේ අවර පෙත්තක් විදුලි මෝටරයක ආධාරයෙන් කරකවලා සුළං ලබාගන්නා ආකාරයෙ විදුලි පංකා නෙහ්. මේක එහෙම එකක් නෙමෙයි.

මම කියනවට පොඩ්ඩක් මේ පහල වීඩියෝ එකේ තත්පර කිහිපය බලලා ඉන්ඩකෝ.


 මේක ටිකක් පැරණි තාලේ සුළං පංකාවක්. මේ පංකාව නිසාම මාතර තානායමේ තියෙන පෞරාණික ගතිය සෑහෙන්න වැඩි කරන්න සමත් වෙනවා. (මට ඒක වීඩියෝ එකකට හරියටම රෙකෝර්ඩ් කරගන්න බැරි උනා. මේක අන්තර්ජාලයෙන් හොයාගත්තු වීඩියෝ එකක්)


දහඩිය දමන වේලාවට අපි පොතකින් හුළං ටිකක් ගහගෙන දහඩිය නිවා ගන්න ආකාරයට තමයි මේ පංකාවේ පෙත්ත චලනය වෙන්නේ. මෙතනින් එහාට මාතර ගමනේදි අපි ඇසූ දුටූ දේවල් ඉවරයි. එහෙනම් හැමෝටම ජය වේවා !

4 comments:

  1. වීඩියෝව පේන්නේ නෑ. ඕක ක්‍රියාත්මක වෙන්නේ විදුලි බලයෙන් නෙවෙයිද? දැන් ඕක බලන්නම මාතර රෙස්ට් හවුස් එකට යන්න වෙනවා.. 🤓🤭😁

    ReplyDelete
    Replies
    1. https://www.youtube.com/watch?v=_fUl194FggM

      Delete
  2. දැකලම නැහැ අර කීවා වගේ යන්නම වෙනවා බලන්න

    ReplyDelete
    Replies
    1. දවසක ගිහින් බලමු ඉතින්

      Delete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.