06 March 2023

මාතර යන ගමන් ගාළු කොටුවේදී

 සෑහෙන කාළයකට පස්සේ සති අන්තයේ දීර්ග නිවාඩුවක් ලැබුන නිසා පොඩි ට්‍රිප් එකක් යන්න ප්ලෑන් කලා. එක එක තැන් ටිකක් යෝජනා කරගෙන එයිනුත් අන්තිමේදි තීරණය කර ගත්තේ දකුණු රටට ගිහින් එනවයි කියලා. දකුණු රටේ මාතරට ගිහින් දවසක් එහේ ඉඳලා එන්න තමයි අන්තිම අදහස උනේ.

හයිවේ එකේ නිකන්ම මාතරට ගිහින් එනවට වඩා ගාල්ලේ ගිහින් ගාළු කොටුවත් බලලා එතනත් ටික වෙලාවක් ඉඳලා මාතර එමුයි කියලා මම යෝජනා කළා. ඒකට අපේ උන්දැත් කැමති උන නිසා අපි උදෙන්ම හයිවේ එකට දාලා පින්නදූවෙන් ගාල්ලට ආවා.

ඒ එනකොට උදේ හත හමාර වගේ උනා. ඒ වෙලාවට නම් අවුව අඩු නිසා ගාළු කොටුවේ ඇවිදින එකේ අමුතු ගතියකුත් තියෙනවා. ගාළු කොටු බැම්මේ ඉඳලා ඈත මුහුද බලාගෙන ඉන්න එකත් මරු හැබැයි. ඒත් ගාළු කොටුව ඇතුලේ තියෙන පාරවල් වල ඇවිදින කොට නම් හිතෙන්නේ වෙනම රටකට ගියා වගේ. හැම පාරකම තියෙන ගොඩනැගිලි පැරණි ඕලන්ද සම්ප්‍රදායට හදපුවා.

ඒ වගේම තමා පාරවලුත්  ඇතිරුම් ගල් අල්ලලා වෙනස්ම ක්‍රමයකට හදලා තියෙන්නේ. සාහිත්‍ය පොත් වල තියෙන විදිහේ අපූරු සැලැස්මක් තමයි ගාළු කොටුව ඇතුලේ තියෙන්නේ. මේ කාලෙට සංචාරකයෝ අඩුවෙන් එන කාළයක් නිසාද මන්දා ඒ තරම්ම කට්ටියක් අපිට දකින්න හම්බ උනේ නෑ.

එහෙනම් පින්තූර ටිකක් බලලා ඉම්මුකෝ.










ගාළු කොටුවේ ඇවිදින එක අපිට ෆන් එකක් උනාට අපේ පොඩි එක්කෙනාට එක එච්චරම සෙට් නෑ. මොකද කොල්ලා මූදට මාර බයයි. ඒ නිසා මූද තියෙන හරියටවත් යන්න කැමති නෑ. පොඩ්ඩා හිතන්නේ මුහුදේ රැල්ල පෙරලිලා ඒවා අපි ගාවට එයි කියලා.

ගාළු කොටුවේ ඇවිද්දට පස්සේ අපි ඊළඟට ගියේ ඒ කිට්ටුවම තිබ්බ පොඩි පාර්ක් එකකට. ඒකට කියන්නේ ධර්මපාල උද්‍යානය කියලා ලූ. ඒකට ඇතුලුවෙන්ඩ ඕනෑම කෙනෙක්ගෙන් රුපියල් 20ක මුදලක් අය කරනවා.

ඒකේ පොඩි අයට සෙල්ලම් කරන්න එක එක අයිටම් ගොඩක් තියෙනවා. ඒ නිසා පොඩි එක්කෙනා ඒකට නම් මාර කැමැත්තෙන් හිටියා. තුන්මුනින් දහඩිය දානකන්ම එහේ මෙහේ දුව දුවා සෙල්ලම් කරලා මහන්සි උනහම අපි ආයෙම වාහනේට ආවා. ඒ මාතර යන්න ඕන නිසා.

2 comments:

  1. ලස්සන , සරල චාරිකා සටහනක් . නියමයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝදරයා... !

      Delete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.