21 March 2023

බිලියන 3ක්

 මගේ සත දෙකේ කතාව ලියලා ඉවර වෙනවත් එක්කම වගේ දැක්කේ බිලියන 3ක කතාවක්.

අද 2023 අවුරුද්දේ මාර්තු මාසයේ 21 වෙනි අඟහරුවාදා දිනයක්. අද වන විට ලංකාව වැටි ඇති ආර්ථික අර්බුධයෙන් ගොඩ ඒමට යම්කිසි සහනයක් වශයෙන් අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 3ක් ලැබීමට නියමිතයි.

එක අතකට මේ ප්‍රවෘත්තිය සතුටට කාරණයක් ද එහෙමත් නැත්නම් තවත් ණය ගොන්නක හිරවීමක් ද  යන්න අදහසක් මා තුල නම් නෑ.

ඒත් කොහොමින් කොහොමහරි ජන ජීවිතය යථා තත්වයට පත් වනවා නම් එයම අපේ සතුටට හේතු වනු ඇත.

මේ වන විට රටේ වත්මන් ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කරන්නේ රනිල් වික්‍රමසිංහ වේ.

මේ ටික ලියලා තියාගන්න එක පොඩ්ඩක් වටිනවයි කියලා හිතුන නිසා බ්ලොග් පෝස්ට් එකක් දැම්මේ. පස්සේ කාලෙක ඡන්ද වලදි තීරණ ගන්න පහසුවක් වෙන්නේ නැතෑ. :)

3 comments:

  1. රනිල්ගේ බෙට්ට උරණ සංකල්ප පොන්සියා

    ReplyDelete
    Replies
    1. මෙකෝ ට්‍රිගර් වෙලා....මම රනිල්ට හොඳක් කියලා නෑ නෙහ්.

      Delete
  2. මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ නය අරගෙන ඒවයෙන් බඩු බිල අඩු කරලා හරි , නිකන් දීල හරි මේ ප්‍රශ්නයෙන් ගොඩ එන්න පුළුවන් කියලා , ඊත් රටේ නිෂ්පාදනය වැඩි කලේ නැත්නම් හැමදාම නයට කන්ඩ වෙන්නේ,, දැන් තියෙන හොදම දේ වෙන රටකට පදිංචියට යන එක...

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.