22 January 2023

ගරාජය

 මේ වන විට මා වාහනය මිලදීගෙන වසරකුත් ඉක්මව ගොස් ඇත. එහෙත් මාහට තවමත් වාහනය දැමීමට ගරාජයක් සාදාගත නොහැකි විය. එයට මූලිකම හේතුව වූයේ වාහනය ගැනීමට මා ගත් ණය මුදල ගෙවා නිම කිරීම පළමුව කළ යුතු වීමයි. ඒ සදහා මුදල් වියදම් වූ හෙයින් මා හට ගරාජයේ වැඩ කටයුතු පමා කිරීමට සිදු විය.

වාහණය ගැනීමට ගත් ණය මුදලින් වැඩි ප්‍රමාණයක් ගෙවා නිම කළ හෙයින් මා දැන් ගරාජය සෑදීමට පටන් ගත් යුතු ය. ගරාජය සෑදීමට මා තෝරාගත් ඉඩෙහි වූ ගස් සියල්ල කපා දමා එම ස්ථානය එලි පෙහෙළි කිරීම මා පළමුව කළ යුතු ය. ඒ සදහා මා කුලී කරුවෙකුගේ සහය ලබා ගත්තෙමි.

දිනක් ඔහු පැමිණ ගස් සියල්ල කපා දැමී ය.

ගස් සියල්ල කැපීමෙන් පසුව මා ඔහුට පොරොන්දු වූ මුදල ගෙවා දැමී ය. මුදල් ගෙවන අතරතුරෙහි ඔහු මාහට මෙහෙම කතාවක් කීවේ ය.

"මහත්තයා, ගරාජ් එක ගහනකොට වාහනය පස්සට අරගෙන ඉස්සරහට යන විදිහට ගහන්න. කෙලින්ම වාහනේ එළියට අරගෙන යන්න පුලුවන් විදිහට ගහන්න එපා. ඒක හොද නෑ.. ඉස්සරහට ගන්න පුලුවන් වෙන ගරාජ් වලත් වාහනේ පොඩ්ඩක් පස්සට අරගෙන තමයි ඉස්සරහට ගන්නේ. කෙලින්ම ඉස්සරහට ගන්නේ නෑ."

ඔහුගේ ඒ කතාව මට අරුමයක් විය. 

මා කිසිම දිනක එවැනි කතාවක් අසා නැත. වාහනය කෙලින්ම එලියට අරගෙන ගමන යන්නට ඇත්නම් එය මහත් පහසුවකි. වාහනය පසු පසට ගෙන නැවතත් හරවා ගමන යාම ටිකක් එපා කරවන කරුණකි.

මම නවතත් ඔහුගෙන් එසේ පැවසීමට හේතුව කුමක්දැයි විමසා සිටියත් ඔහුට ඒ සඳහා හරියාකාර පිළිතුරක් දීගත නොහැකි විය. මා ද වික්ෂිප්ත වූ සිතකින් සිටියා මිසක එයට හේතුවක් සිතා ගත නොහැකි විය.

මා බොහෝ තැන්වල නිවාස තුල වාහන නවතා තබන ගරාජ දැක ඇත්තෙමි. ඒ සියල්ලක්ම වාගේ වාහනය එලියට ගැනීමට රිවර්ස් ගියරය දමා පසුපසට ගත යුතු ය. කෙලින්ම එලියට ගෙන ගමන යා හැකි ගරාජ මා දැක තිබුණේ ඉතාම අල්පයකි.

මා මේ කාරණය මගේ යහළුවන්ට පැවසුවෙමි. ඔවුන් කීවේ "බැරි වෙලාවකවත් වාහනය හොරෙක් උස්සන්න හැදුවොත් එක සැරේම උන්ට වාහනය එළියට ගන්න බෑ නේ. රිවස් කරන්ඩ එපෑ." කියා ය.

එයත් පිළිගතහැකි උත්තරයකි. වාහනය කෙලින්ම එළියට ගත හැකි වුවහොත් හොරෙකුට වාහනය හොරකම් කර රැගෙන යාමට මහත් පහසුවකි.

මේ ඇරෙන්නට වෙන උත්තරයක් මට සොයාගත නොහැකි විය.

සමහර විට මෙය සම්ප්‍රදායිකව කටින් කට එන අදහසක් වන්නට ද බැරි නැත. 


-----------------------------------------------------------------------------------------------

ප. ලි. - ඔබේ අදහස් තිබේ නම් පහලින් කොමෙන්ට් කරන්න.


7 comments:

  1. හොරුන්ගෙන් ආරක්ශවීම වෙනම දෙයක්, එත් වාහනය පසු පසට ගෙන අනතුරුව ඉදිරියට ගැනීම සම්ප්‍රදායික රියදුරන් කරන්නේ නෑ , උදේම ඉදිරියට යන්න තමයි කැමති....

    ReplyDelete
    Replies
    1. ඒක හරි. කෙලින්ම ඉදිරියට යන්න තියෙනවා නම් ලේසියි.

      Delete
  2. ගස් කපන්නාගේ වාහනය කුමක්දැයි කියා කිව්වොත් සංකපාලගේ ගැටලුවට නිවැරදි උත්තරයක් දෙන්නං.

    ReplyDelete
  3. when you backup first you do it slowly and carefully and also you can see under your car any leak maybe you drop your wallet or something

    ReplyDelete
  4. වාහනය පණගැන්වූ විට සයිලන්සරයෙන් පිටවන කාබන්ඩයොක්සයිඩ් සහ මොනොක්සයිඩ් වැනි වායු නිවස දෙසට එන්න ඉඩ තියන්න එපා.

    එච්චරයි.

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.