15 April 2020

කොරෝනා කාටූන්

මේ ටිකේම මුහුණු පොතේ කතාබහ ඇතිවෙලා තියෙන්නේ කෝරෝනා හා ඒ සම්බන්ධ නානාප්‍රකාර දේවල් ගැන. ඒ වගේම තමා කොරෝනා ගැන විවිධ කාටූන් ශිල්පීන් විව්ධාකාරයේ චිත්‍ර ඇදලා තියෙනවා. අද පෝස්ට් එකෙන් ගෙනෙන්නේ  විවිධ කාටූන් ශිල්පීන් ඇඳපු කාටූන් කිහිපයක්.


පළවෙනි කාටූනය
කොරෝනා කියන්නේ දොස්තර හා මාරයා අතර සිදුවන චෙස් ක්‍රීඩාවක් බවයි මේ කාටූන් ශිල්පියා විස්තර කරන්නේ.
දෙවෙනි කාටූනය
නිවසින් එළියට බහින්නේ නැතුව නිවස තුළම රැදී සිටිය යුතු බවයි. යම් හෙයකින් නිවසින් එළියට බහිනවා නම් කොරෝනා විසින් උගුලට අහු කරගන්නා බවයි මේ කාටූනයෙන් කියැවෙන්නේ.
තුන්වෙනි කාටූනය
කොරෝනා නිසා කාර්යාල වල වැඩ කරන අයවළුන්ට නිවසේ සිට වැඩ කිරීමට සිදුවෙලා තියෙනවා. නිවසේ සිට වැඩ කිරීමේඉදී ඔවුන් මුහුණපාන අසීරුකම් මෙම කාටූනයෙන් පෙන්වයි.
හතරවන කාටූනය
ලංකාවේ කොරෝනා රෝඑගීන් විසින් සිය රෝග ලක්ෂණ සඟවා වෛද්‍යවරුන්ට බොරු කීම නිසා වෛද්‍යවරුන්ට ඔවුන්ව හොදින් පරික්ෂා කිරීමට නොහැකි වීම මෙයින් පෙන්නුම් කරයි.
තව කාටූන් පින්තූර හම්බ උනොත් ආයෙම පෝස්ට් එකක් දාන්නම්.

2 comments:

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.