10 January 2017

හිරු තනිවෙලා

දැන් වගේ නෙමේ අපි පොඩි කාලේ ටෙලි නාට්ටියක් ගියේ රෑ අටේ ප්‍රවෘත්ති වලින් පස්සේ. අටහමාරට... මායි අපේ මලයයි ඇරුනහම අපේ අම්මයි තාත්තයි සීයලා ආච්චිලා කෑම කෑවේ අටහමාරේ නාට්ටිය බලන ගමන්.(අපි දෙන්නා නං හත වෙද්දිම කෑම කනවා.) පස්සේ පස්සේ හතහාමාරටත් නාට්ටියක් විකාශනය වෙන්ඩ ගත්තා.

ඒ වගේම තමයි ඉස්සර නාට්ටි, දැන් තියෙන මෙගා නාට්ටි වගේ නෙමේ. සතියට එක පාරයි. සම්පූර්ණම නාට්ටිය මාස 5ක් 6ක් ඇතුලත ඉවරයි. උපරිම ඕන නම් කොටස් තිහක් තියේවි.

ඒ කාලේ නාට්ටි වලින් මම ගොඩක් ආසයි හර්බට් රංජිත් පීරිස් මහත්මයාගේ නාට්ටි බලන්ඩ. මොකද ඒවෑ විහිලු කෑලි එහෙම පිරෙන්ඩ තියෙනවා.

හර්බට් රංජිත් පීරිස් මහත්මයාගේ නාට්ටි වලින් ගොඩක්ම ප්‍රසිද්ධ වෙච්ච නාට්ටියක් තමා හිරුට මුවාවෙන් කියලා කියන්නේ. ඒ නාට්ටිය, ගොඩක් කට්ටිය හැදින්නුවේ ඉඳි ආප්ප නාට්ටිය කියලා. මතක විදිහට ඒ කතාවේ අම්මා ඉඳි ආප්ප තම්බන නිසා වෙන්ඩ ඕන.

ඒ කතාවේ කමල් අද්දරාඅරච්චිගේ වැඩේම චක බ්ලාස් සෙල්ලම් කරන එක ! චක බ්ලාස් කිව්වේ ... චෙකර් බ්ලාස්ට් කියන ක්‍රීඩාවට :)


හර්බර් රංජිත් පීරිස් මහත්මයාගේ ඔය නාට්ටියට වඩා මම ගොඩක්ම ආස කරන්නේ ඔහුගේ අන්තිම නාට්ටියට.. ඒකේ නම "හිරු තනිවෙලා" !

(හිරු තනිවෙලා කියලා අන්තර්ජාලයේ පීරලා බැලුවහම හම්බවෙන්නේ චතුරිකා පීරිස් රඟපාන ගොන් නාට්ටියක්.. මේ ඒක නෙමේ..... !)

ඒකත් අර වගේම විහිලු කෑලි වලින් පිරිච්ච නාට්ටියක්. මේ නාට්ටිය මුලින්ම විකාශනය උනේ ස්වර්ණවාහිණියේ. මායි අපේ මලයයි හරි ආසාවෙන් ඒ නාට්ටිය බැලුවා.

තාමත් මම ඒ නාට්ටියට සෑහෙන්න ආසයි. මට මේ නාට්ටියේ කතාව  කට පාඩමින් වාගේ මතකයි. ඒක වෙන ලිපියකින් ඉදිරිපත් කරන්නම්. මේ නාට්ටිය වාගේම නාට්ටියේ තේමා ගීතයත් ලස්සනයි...

හිරු ඉල්ලා හඬමින් උන් මගේ දෝතට හිරු වැඩියා....
විඳ ගන්නට බැරිව හිරුගේ තාපය මා හිත හැඬුවා....
එනමුදු ඒ තාපයේ මුදු සිසිලක් ඇති බව දැනුනා...
වඩිනු මැනවි හිරු කුමරෝ යළි මා හද කුටිය කරා....

සඳ ඉල්ලා හඬමින් උන් මගේ දෝතට සඳු ආවා..
සඳවතීව රඳව ගන්න මා හට පින් මද වූවා...
දෛවය අප එකතු කළද උපන් සෙනේ වැඩි හින්දා...
අප දෙදෙනා අපේම ලොව යළි නැසුවා සිත් පාරා...

හිරු ඉල්ලා හඬමින් උන් මගේ දෝතට හිරු වැඩියා....
හිරු දෙවියෝ රඳව ගන්න මා කල පින් මදි වූවා...
පසුගියාව ලුහු බැඳවිත් අනාගතය ගිල දැමුවා...
මතු බවයක හමුවෙමු අපි හිරු කුමරුණි වෙන්න සමා...

සම්පූර්ණ නාට්ටියේ කතාව සාරාංශ කරලා මේ ගීය පුරාම තියෙනවා. මේක අහන්න දෙන්න සබැඳියක් අන්තර්ජාලය පුරාම පීරුවත් හම්බ උනේම නෑ. ගීය ගායනා කරන්නේ ලක්ෂ්මන් විජේසේකර මහත්මයායි, දමයන්ති ජයසූරිය මහත්මියයි කොරින් අල්මේදා මහත්මියයි.

නාට්ටියේ කතාවටම ඔය කටහඬවල් තුනත් අපූරුවටම ගැලපෙනවා.

14 comments:

  1. "හිරු තනිවෙලා" නම් මතක නෑ. ඒත් පොඩි කාලේ ආසාවෙන් බලපු කතාවක් තමයි ඉඳිආප්ප කතාව.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. නෙට් එකේ පොඩ්ඩක් සර්ච් කලොත් ඒ කතාවේ ඩවුන්ලෝඩ් ලින්ක් ටිකක් හොයාගන්ඩ බැරිවෙන එකක් නෑ...

      Delete
    2. http://www.zoom.lk/forums/showthread.php?t=7029

      Delete
  2. ටොරානා එකෙන් ටෙලි නාට්‍ය ඩිවිඩි වලට ගැහැව්වා ටොරානා විඩියෝ මුවිස් නමින් සමහරවිට එයාලා ගාව ඇති. හිරුට මුවාවෙන් ඉදිආප්ප කතාව ටොරානා එකෙන් ඩිවිඩි එකක් ලෙසට නිකුත්වුනා.

    ReplyDelete
  3. ඔය හිරුට මුවාවෙන් එක මාත් ඒ කාලෙ ආසාවෙන් බලපු එකක් තමයි. ඒක රූගත කරල තියෙන්නෙත් මේ කිට්ටුව පැත්තක.

    ReplyDelete
    Replies
    1. බණ්ඩාරවෙල ටවුන් එක කිට්ටුවේ නේද ?

      Delete
    2. ඕකෙ ගොඩක් කෑලි අරන් ‍තියෙන්නෙ කෙටේතැන්න ටුවර් ඉන් එකේ.

      Delete
    3. කහවත්ත සහ පැල්මඩුල්ල අතර

      Delete
  4. හිරුට මුවාවෙන් මමත් ආසාවෙ බලපු නාට්ටිය. ඒකේ නැවත විකාශයක් රූපවාහිනියේ ගියාද කොහෙද.

    ඔබ දැනටත් ටෙලි නාට්‍යය බලනවානම් "බැද්දේ කුලවමිය" බලන්න. ඉරිදට විතරයි ස්වර්ණවාහිනියෙ. කොටස් 28ක් ඉවරයි. ඉන්ටනෙට් එකේ බලන්න. බොහොම හොඳ නාට්‍යයක්. රංගනයන් ෆස්ට් ක්ලාස්.

    ReplyDelete
  5. Hiru thaniwela teledrama eka download krgnn vdyk ndda.Indika upamali act krpu eka

    ReplyDelete
  6. අනේ ඇත්තටම මම මේක මෑතකදී බැලුවා.මේ මම ඒකෙ ඉන්ඳීවරී අමිත්තතාපා බුලන්කුලමෙගෙ ඇත්ත නම හොයන ගමං මේක දැක්කේ.

    ReplyDelete
  7. https://www.veoh.com/find/Hiru%20Thaniwela?randText=OkFTh40WyOeE&page=1

    ReplyDelete
  8. මේකෙ රොහාන්ගෙ (මහේන්ද්‍ර පෙරේරා) යාළුවට ඉන්න නළුවාගේ නම මොකද්ද?

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.