10 January 2017

පේලේ - පුරාවෘත්තයක උපත

පේලේ කියන්නේ පොඩි කාලේ ඉදන්ම පාපන්දු ක්‍රීඩාවට බොහොම ආස කරපු දරුවෙක්. ඔහුට ඒ ආභාෂය ලැබෙන්නේ තමන්ගේ පියාගෙන්. පියාත් කලක් පාපන්දු ක්‍රිඩකයෙ වෙලා හිටියා.

1950 අවුරුද්දේ පාපන්දු ලෝක කුසලානය තරඟාවලියේදී බ්‍රසීලය, උරුගුවේ රාජ්‍යයට එරෙහිව ක්‍රීඩා කරනවා. ඒ තරඟයෙන් බ්‍රසීලය අන්ත පරාජයට ලක් වෙනවා. එදා ප්ලේ හිතාගන්නවා ඔහුත් කවදාහරි තමන්ගේ රට දිනවලා රටට කීර්තියක් ගෙනෙන ක්‍රීඩකයෙක් වෙනවයි කියලා.

විවිධ බාධක මැද්දේ ඔහු පුහුණුවීම් සිදු කරනවා. දිනක් එක් තරඟයකදී ඔහුගේ ක්‍රීඩා විලාශය දුටු පුහුණුකරුවෙක් ඔහුව නගරයේ පාපන්දු සමාජයකට යොමු කරනවා. එතනදී ඔහු තමන්ගේම ආරකින් ක්‍රීඩා කරනවා.


ඔහු ඔහුගේ ආරට කිව්වේ "ජින්ගා"  ක්‍රමය කියලා.ඔය පල්ලෙහා පින්තූරේ තියෙන්නේ ඔහුගේ ජින්ගා ආරට අනුව එල්ල කරපු පහරක්.

ඔහුව පසු කාලීනව ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ බ්‍රසීල කණ්ඩායමට තේරී පත් වෙනවා. ඒ වෙනකොට ඔහුට වයස අවුරුදු 16යි. ඔහු තමා ඒ කණ්ඩායමේ හිටපු ලාබාලතම ක්‍රීඩකයා.

ඔහු තේරී පත් වූවායින් පස්සේ එක් පුහුණු තරඟාවලියකදී ඔහුගේ දනහිස ආබාධයකට ගොදුරු වෙනවා. මේ නිසාම බ්‍රසීල කණ්ඩායම කිසියම් පසුබෑමකට ලක් වෙනවා. නමුත් ඔහුගේ පුහුණු කරුවා ඔහුවත් කණ්ඩායමත් දිරිමත් කරවලා තරඟයට යවනවා.

1958 වසරේ ලෝක කුසලන තරඟාවලිය ජයග්‍රහණය කරලා කුසලානය තමන්ගේ රටට කුසලාන්නය ගෙනෙනවා.

ඉහතින් මම කියපු කතාව පෙලේ නම් ක්‍රීඩකයාගේ ජීවිත කතාවයි. ඒ කතාව බර්ත් ඔෆ් අ ලෙජන්ඩ් නමින් සිනමාවට නගලා තියෙනවා. වෙලාවක් තියෙනවා නම් බලන්න. පේලේගේ උත්සහයයි ධෛර්යයයි කොහොමද කියලා බලාගත්තෑකි.

මාත් මේ කතාව ඊයේ බලලා ඉවර කලේ.

කතාවෙන් ගන්න තියෙන ආදර්ශ බොහෝමයි. මට මේ වගේ කතාවක් ගැන ඔත්තුව ලැබුනේ අපේ උන්දැගෙන්. අපේ උන්දෑ මේ දවස්වල කරන මානව සම්පත් කළමණාකරණ පාඨමාලාවේ දේශකවරයෙක් තමා මේ කතාව ගැන කියලා තියෙන්නේ. ඒ දේශකයා, පේලේගේ ජීවිත කතාවෙන් ගන්න පුලුවන් හරයන් ගැන කට්ටියටම කියලා දීලා තියෙනවා.

ඒ නිසාම තමා අපි මේ කතාව බලන්ඩ හිතුවේ...!

4 comments:

  1. හොඳ චිත්‍රපටියක් කියලා හිතෙනවා. වෙලාවක බලන්න ඕනේ.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. බලන්න.... ලස්සන කතාවක්

      Delete
  2. සති තුන හතරකට කලින් බැලුවා,ඔව් නියම ආදර්ශවත් ෆිල්ම් එකක්.

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.