10 January 2017

සීතාවක තෙත් බිම් උයනට ගිය ගමන

ගිය අවුරුද්දේ නොවැම්බර් මාසේ 25 වෙනිදා අපිට අපේ කන්තෝරුවෙන් නිවාඩුවක් ලැබුනා. ඒ නිවාඩු දවසේ කොහේ හරි යමු කියලා මාත්තෙක්ක එකට වැඩ කරන අපේ සගයෝ ටික කලින් කතිකා කරගෙන තිබුනා. මේ සැරේ කතා කරගෙන තිබ්බේ කොහේ හරි ළඟ පාතකට ගිහින් එමුයි කියලා.

මුලින්ම කතා උනේ මාදු ගඟේ බෝට්ටු සවාරියක් යමුයි කියලා. ඒ දවස්වල සෑහෙන්න වැස්ස නිසා ඒ ගමන කල් දාන්න සිද්ද උනා. ඒ වෙනුවට අපි සීතාවක පැත්තට හැරුනා.

සීතාවක කියන්නේ කොළඹ දිස්ත්‍රික්කයේම කොටසක් නිසාත් එක දවසේ චාරිකාවකට සුදුසුම පළාතක් වීම නිසාත් කට්ටියම එක පයින් ගමනට කැමති උනා.

අපේ කට්ටිය කතා කරගෙන තිබුනේ සීතාවක තෙත් බිම් උද්‍යානයට ගිහින් ඒක බලලා හවස් අතේ රන්මුදු ඇල්ලෙන් නාලා එන්ඩ කියලා.

සීතාවක තෙත් බිම් ද්‍යානය 2008 අවුරුද්දේ ජන සතු කෙරුණු , ශ්‍රී ලංකාවේ උද්භිද උද්‍යාන දාමයට අළුතින්ම එක්වුන පුරුකක් කිව්වොත් මම නිවැරදියි. මෙම උද්‍යානය හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහත්මයාගේ සංකල්පයකට අනුව නිර්මාණය කරන ලද්දක්.

තවම මේ උද්‍යාණයේ පළමු අදියර විතරයි අවසන් වෙලා තියෙන්නේ. දෙවන අදියරේ වැඩ තවමත් කෙරීගෙන යනවා.

හරි... ඒවයින් කමක් නෑ..අපි චාරිකා සටහන දිහෑට හැරෙමුකෝ.... !

එදා උදේ අපේ කට්ටිය කොටුව දුම්රිය පොලට උදේ 6 වෙනකොට එන්න කතා කරගෙන තිබුනේ. මායි අපේ උන්දැයි උදේ රැයින්ම ඇහැරිලා ගෙදර ඉදන් හොරණ පාරට පයින්ම ආවා. ඒ ඇවිත් හොරණ බස් එකක නැගලා පානදුරට ඇවිත් එතනින් කොළඹට ආවා.

ඒ එනකොට පෑ කාලක් විතර පමා වෙලා තිබුනේ. කට්ටියම ඇවිත් තිබුනා.

අපේ සේරම කට්ටිය රත්නපුරේ බස් එහෙක නැගලා පුවක්පිටිය හන්දියෙන් බැහැගත්තා. පුවක්පිටිය හන්දියේ ඉදලා සීතාවක තෙත්බිම් උද්‍යානය බලන්ඩ යන්ඩ වෙනම බස් එහෙක නගින්ඩෝන.

පුවක්පිටිය හන්දියේ ඉදලා අවිස්සාවේල්ල- පාදුක්ක, අවිස්සාවේල්ල- ලබුගම, අවිස්සවේල්ල - තුම්මෝදර වගේ බස් වලින් සීතාවකට එන්ඩ පුලුවන්.


අපි ඒ බස් එහෙක ආවයි කියමුකෝ. ඇවිත් බස් එකෙන් බැස්සා.බස් එකෙන් බැහැලා බලනකොට තමා දැක්කේ පේරාදෙණිය උද්භිද උද්‍යානය වාගේ ලස්සන උද්‍යානයක් තියෙනවයි කියලා. ඒ පැත්ත හරියටම කදුකරේක තියෙන පරිසර ලක්ෂණ තියෙන්නේ.  වටේටම කඳු වලල්ලක් පේනවා... ආස්සා...සේ බෑ... !
ඊට පස්සේ අපි පිවිසුම් දොරටුව ලඟට ගිහින් එතැනින් ටිකට් ගත්තා. හංස බෝට්ටු පදිනවා නම් ඒකටත් එතැනින්ම ටිකට් ගන්ඩ පුලුවන්. අපි ඒකටත් ටිකට් ගත්තා. ඊට පස්සේ අපේ කට්ටිය උදේ කෑම කෑවා.

අපි උදෙන්ම බස් එකේදි කාලා ආපු නිසා කෑවේ නෑ.

උදේ කෑමෙන් පස්සේ අපි මුලින්ම ගියේ හංස බෝට්ටු පදින්ඩ. මට නං හංස බෝට්ටු පැදලා හොඳ පණ ගියා. මොකද අපේ උන්දෑ කොට නිසා බෝට්ටුවේ පැඩලය වෙනකන් කකුල් දිග නෑ...

කොහොමහරි ටිකට් ගත්තු මෝඩකමට හංස බෝටු පැදලා ඉවර කලා.

ඊට පස්සේ අපි උද්‍යානය වටේ රවුමක් ඇවිද්දා. ලස්සන පරිසර පද්දතියක් රසවිඳමින්  ඇවිදින්න ලැබෙන එකත් සතුටක් නෙව.

උද්‍යානයේ එක පැත්තක නැරඹුම් වේදිකාවක් හදලා තියෙනවා. එතැනට ගියහම පලාතම ලස්සනට පේනවා. අපි එතැන ටික වෙලාවල් ඉදලා පින්තූර ටිකක් එහෙම ගත්තා.ඔය පල්ලෙහා තියෙන පින්තූරේ එතන ඉදන් ගත්තු එකක්.
පහලින් තවත් පින්තූරු ටිකක් දාන්නම්. මම වැඩිය පින්තූර දැම්මේ නෑ. මොකද බ්ලොග් එක ලෝඩ් වෙන්ඩ අමාරු වෙයි නිසා. මේ පින්තූර සේරම ගත්තේ මම නෙමේ. මගේ ටැබ් එකේ පින්තූර එච්චර ලස්සන නැති නිසා යාලුවන්ගේ පින්තූර ඉල්ලලා දැම්මේ. :)
පහල තියෙන්නේ කුඹුක් ගස් ගොඩක්. මේ ගස් බොහෝමයක්ම එහෙම් පිටින්ම ගලෝගෙන ඇවිත් හිටෝපු ගස්. පැළ ඉන්දලා ආපු ගස් නෙමේ. ලොකු ක්‍රේන් වලින් එහෙම ගස් උස්සගෙන ඇවිත් හිටෝපුවා ලූ...

ඊට පස්සේ අපි ගමනේ ඉතුරු ටික යන්ඩ පටන් ගත්තා. මේ යනකොට අපි දවල් දොලහත් පහු වෙලා. ඒ නිසාම අපි පය ඉක්මන් කරලා ඇවිද්දා. මොකද අපේ ඊලඟ නැරඹුම් ස්ථානය වෙච්ච රන්මුදු ඇල්ලට යන්ඩ එපෑ... !

එහෙනං රන්මුදු ඇල්ලෙදි හම්බ වෙමු.

2 comments:

  1. ආසාවෙන් කියෙව්ව. වෙලාවක යන්න ඕනෙ. ඊළඟ ලිපියත් එනකන් බලන් ඉන්නවා.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔවු ඔවු අනිවා....වෙලාවක ගිහින් බලන්න.

      Delete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.