12 January 2017

හැරී පොටර් තුළින් මා දකින කුළ භේදයේ අරගලය - 2 වන කොටස

ලිපියේ පලමු කොටසට මෙතැනින් යන්න.

අද කතාව එතන් සිට...

මායාකරුවන් අතර පවතින මේ කුළ භේදය හොග්වර්ට්ස් පාසල තුළද ඇතිබව හොග්වර්ට්ස් පාසල් භාරකාරීත්වය දනී. හොග්වර්ට්ස් පාසලේ මුල්ගුරුවරයා වන මහාචාර්ය ඩම්බල්ඩෝර් ද සිතන්නේ මායාවන් කිරීමේ හැකියාව මිසා ඔවුන්ගේ කුළය පාසලට අනවශ්‍ය බවයි.

ඔහු සමවිටම සිතන්නේ කුලහීන කුළවත් සියල්ලන්ම මායා පාසලේ එකට අධ්‍යාපනය හැදෑරිය යුතු බවයි. ඔහු ඒ වෙනුවෙන් අරගලයක් කරයි. නමුත් මේ අරගලය ඔහුට තනිවම කළ නොහැකි බව කතුවරිය දනී.

වියපත් තැනැත්තෙක්ට ලොකු අරගලයක් තනිවම කළ නොහැකි බව කතුවරිය හොඳාකාරවම දන්නා නිසා  ඈ මේ අරගලයේ ප්‍රධානම අවිය ලෙස හැරී පොටර් ව යොදා ගනී.

තාරුණය තුළ ඇති විප්ලවීය අදහස්, විප්ලවකාරී හැසිරීම් හා නිර්භීතබව නො අඩුවම ඇති හැරී පොටර්ව මෙතැන් සිට ඈ  යොදා ගනු ලබන්නේ විප්ලවයේ නියමුවා ලෙසට ය.

නමුත් හැරී පොටර් ව මෙම විප්ලවයේ නියමුවා ලෙස යොදා ගැනීමට ප්‍රධානම හේතුව ලෙස මා දකින්නේ වෙන දෙයකි. ඒ හේතුව නම් මෙසේ ය.

මෙම කතා මාලාව තුළ අපිට රූපිකව දිස්වන හතුරා වොල්ඩර්මෝට් ය. නමුත් ඔහු රූපික හතුරෙක්ම පමණි. නියම හතුරා වන්නේ කුළ භේදය වේ. මන්දයත් වොල්ඩර්මෝට් ට වුවද අවශ්‍ය වන්නේ කුළහීනයින් හොග්වර්ට්ස් වලින් හා මායාකරුවන්ගේ ලෝකයෙන් අතුගා දැමිමයි.

ඔහු මායා බලයෙන් පරිපූර්ණ අයෙකි. බොහෝ දෙනා ඔහුගේ නමවත් කීමට මැලි වේ. ඒ ඔහු කෙරෙහි පවතින ප්‍රාණ හා සමාන බිය නිසා ය. නම කීමටවත් බියවන අයෙකු හා අරගල කර ඔහුව පරාජයට පත් කිරීමට නම් ඔහු කෙරෙහි වෛරයක් ඇති, අරගලය මගදී දමා නො යන අයෙක්ව මේ සදහා යෙදිය යුතු වේ.

ඔහු හා වෛරයක් හෝ පවතින අයෙකු ලෙස කතුවරිය දකින්නේ තරුණ වයසේ පසුවන හැරි පොටර් වය. !


හැරී පොටර් පළමු කතාවෙන්ම තම දෙමව්පියන්ගේ මිනිමරුවා වොල්ඩර්මෝට් බව කුඩා හැරීට පසක් කර දෙයි. හැරී පොටර් හා වොල්ඩ්මෝට් අතර, එසේත් නැත්නම් කුළහීන-කුළවත් අරගලයේ පළමු වෙඩි මුරය පත්තු වන්නේ මෙහිදී ය.

එතැනින් පසුව කතාව ගලා යන්නේ මායාලෝකය තුළ පවතින කුළ අරගලයක් ලෙසය. නමුත් කතාව මතුපිටින් ගලා යන මායා ලෝකයේ ක්‍රියාකාරකම් නිසා අපට එවැන්නක් බැලූ බැල්මට නොසිතේ.

ප්‍රධාන හතුරා වොල්ඩමෝට්, එසේත් නැත්නම් මායාවරුන් අතර ඇති පිරිසිදු ලේ - කුණු ලේ අරගලයේ නිමාව ලෙස වොල්ඩමෝට් මිය යෑම පෙන්වයි. වොල්ඩමෝට් යනු හුදෙක් සතුරෙක් පමණක් නොව මෙම අරගලයේ නියමුවා ය. අරගලයේ කොඳුනාරටිය ඔහු ය.

කතුවරිය හැරී පොටර් ව යොදා ගන්නා ලද්දේ මේ කොඳුනාරටිය සිදලීමට ය. ඔහු ඕනාවටත් වඩා හොඳින් ඒ සිදු කලේය. ඔහුගේ සහයට හමයිනි (කුණු ලේ තැනැත්තිය ) හා රොන් වීස්ලි ( පිරිසිදු ලේ ඇති තැනැත්තා) ඔහු හා සමග සිටියේ ය. මේ නිසා ඔහුගේ අරගලයට ලොකු සහයක් ලැබිණ.

මේ අරගලයේ නිමාවත් සමඟ දෙවන පරම්පරාව වන හැරී පොටර් හා සම වයසේ පසුවූ මායාකරුවන්ගේ දරුවන්ට පවා පිරිසිදු ලේ - කුණු ලේ භේදයකින් තොරව හොග්වර්ට්ස් හි අධ්‍යාපනේ දොරඟුලු හැරුණි... මෙයින් කතාව නිමා විය.

මේ ලිපිය ලියන මා ද පළමුවර මායාලෝකයේ සුන්දරත්වයට වශී වූවා මිසක කතුවරිය අපට පෙන්වන්නට උත්සහ කරන ලද අරගලයේ කතාව දකින්නට උත්සහ කළේ නැත.

හැරී පොටර් දෙවන වර කියවීමෙන් මා දුටුවේ හුදෙක් මායාකාරියන්ගේ හා මායාකරුවන්ගේ සුන්දර ක්‍රියාකාරකම් වලින් පූර්ණ ලෝකය පමණක් නොව ඒ කතාව තුළින් කතුවරිය ගෙන ගිය අරගලය බව මා අවසන් වශයෙන් පැවසිය යුතු ය.

යමෙකුගේ දක්ෂතාවයට තමා උපතින් ගෙනෙන ජාතිය, ආගම හෝ කුලය ප්‍රශ්නයක් නොවිය යුතු ය.

මේ බව ඈ සිතන්නට ඇත. හැරී පොටර් ෆැන්ටසිය තුළින් ඈ කියන්නට උත්සහ කරන ලද්දේ ද මේ බව මගේ මතය යි.

වෙලාවක් ලැබුනහොත් හැරී පොටර් නැවත වරක් රසවිඳින්න. එවිට ඔබට මා කියන්නට උත්සහ කළ කුළ භේදයේ අරගලය දකින්නට හැකි වේ වි.

ඔබට ජය හා සතුට... !

4 comments:

  1. හැරී පෝටර් බලලා නැත්තේ මම විතරද මන්දා. කවදහරි බලන්න ඔනේ කියලත් හිතා ගෙන ඉන්නේ. බලමුකෝ. ඒක නිකන්ම ෆැන්ටසියක් නෙමෙයි එහෙනම්...

    ReplyDelete
  2. Namuth Woldermote Samith Harry Potter wagema half blood kenek neda?

    ReplyDelete
  3. නියමයි. මේ මුලු කතා මාලාවම යටින් ඇදෙන නියම කතන්දරය හොඳටම පැහැදිලි කරල තියෙනවා. මරු.

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.