13 July 2016

බොල්ගොඩ ගඟේ රුක්ගහ තොටුපොළ

කලින් ලියපු බ්ලොග් ලිපියක මම කියපු විදිහට පානදුර කියන්නේ මගේ ජීවිතේ ඉතුරු කාළය ගෙවන්න තෝරගත්තු නගරය කියලා. පානදුරේ කිව්වට පානදුරේ ටවුමෙම නෙමේ. පානදුරේ ටවුමේ ඉදලා හොරණ පානදුරේ පාරේ කිලෝ මීටර් 4ක් ගිය තැන කුරුස හන්දිය හම්බ වෙනවා.කුරුස හන්දියේ ඉදලා රුක්ගහ තොටුපොල පාරේ කුඩා අරුග්ගොඩ කියන ගමේ තමයි ඉදිරි කාලය මම ජීවත් වෙන්නේ.

මේ හන්දියට, කුරුස හන්දිය කියලා කියන්නේ පාර අයිනේ පිහිටවලා තියෙන කුරුසයක් නිසා. මේ කුරුසය පිහිටුවලා තියෙන්නේ තුම්මන් හන්දියක. මේ තුම්මන් හන්දියට සම්බන්ධ වෙන අනිත් පාර තමයි රුක් ගහ තොටුපොල පාර.


රුක්ගහ තොටුපොල පාරෙන් කිලෝ මීටරයක් විතර ගිය තැන හම්බ වෙනවා අරුග්ගොඩ පල්ලිය. මේ පල්ලියට යන පාර දන්වන්න තමා කුරුස හන්දියේ කුරුසය පිහිටුවලා තියෙන්නේ.


පල්ලිය පහු කරගෙන දිගටම ගියහම රුක් ගහ තොටුපොල පාරේ අවසානය දකින්න පුලුවන්. ඒ බොල්ගොඩ ගඟේ රුක් ගහ කියන තොටුපොලෙන්...

අපේ ගමේ මම ආස කරපු තැන තමයි බොල්ගොඩ ගඟේ රුක් ගහ තොටුපොල කියන්නේ. මෙහා පැත්තෙන් අරුග්ගොඩත් එහා ඉවුරෙන් අළුත්ගම තොටුපොලත් යා කරලා බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවෙන් දාලා දීලා තියෙන පලම් පාරුවේ යන්න මම සෑහෙන ආසයි.

මෝටර් බෝට්ටු වල, හංස බෝට්ටු වල ගිහින් තිබුනට පාලම් පාරුවක යන්න හම්බ උනේ අරුග්ගොඩට ආවයින් පස්සේ.


එහෙනං පින්තූරු ටික බලලා ඉම්මුකෝ..

අපි තොටුපොළට එනකොට පාලම් පාරුව තිබුනේ එහා ඉවුරේ.. ඒ කියන්නෙ අළුත්ගම තොටුපොළේ.


විනාඩි පහකට විතර පස්සේ මනුස්සයෙක් එහා ඉවුරේ ඉදලා මෙහා ඉවුරට පාලම් පාරුව පැදගෙන ආවා. නිවාඩු දවසක් නිසා තොටියා නෑ.
ඊට පස්සේ අපි පාලම් පාරුව පදගෙන එහා ඉවුරට ගියා. ඒකත් මරු අත්දැකීම. මුලදි මුලදි ඉවුරෙන් පාරුව දියත් කරනකොට අමාරු උනාට පස්සේ පස්සේ වැඩේඉ ලේසි උනා. ගඟ මැදදි නම් ආයේත් ටිකක් විතර වැඩේ අමාරුයි. ගඟේ මැදදි සැඩ පාර ටිකක් තියෙනවා නෙව.

ගඟ මැද ඉදන් බැලුවහම ලස්සන දර්ශනයක් අපේ ඇස් ඉදිරියේ මවනවා. ඉ දර්ශනය වැඩි වෙලාවක් බලන්න උනේ නෑ අපිට. ඒ මොකද දන්නවද ? එහා ඉවුරේ කට්ටියක් බලන් ඉන්නවා පාලම් පාරුවෙන් මෙගොඩහට එන්න. අපි ටිකක් ඉක්මන් කරලා පාලම් පාරුව මෙගොඩහට ඇද්දා.

ඒකත් නියම අත්දැකීමක් !!

මේ පාලම් පාරුව ගඟේ එහා මෙහා ගෙනියන්න තොටියෙක් ඉන්නවා. උන්දෑ ඉන්නේ සතියේ දවස් පහයි ලූ. සති අන්තයේ දවස් වල නෑ.

ඉතින් මාත් ආස සති අන්තයේ දවස් වලට. මොකද අපිටම පාලම් පාරුව පැදගෙන යන්න පුලුවන් නෙව.

පාලම් පාරුව පදිනකොට මට මතක් උනේ පුන්සිරි සොයිසා මහත්මයාගේ සිංදුවක්...

එගොඩත් මෙගොඩත් ගම් යා කරලා
පාලම සාදා බලා හිදින්නේ
ඔබ මා වෙත පිය නගන තුරා //


පුන්සිරි සොයිසා මහත්මයා එහෙම කිව්වට ගමේ සුන්දරත්වය නැති වේවි ය කියලා හිතෙන නිසා මම නම් ආස නෑ පාලමක් හැදෙනවට. නමුත් ලෝකය ඉදිරියට යනකොට අපිත් ඉස්සරහට යන්ඩ එපෑ. ඒ නිසා කවමදාකහරි රුක්ගහ තොටුපොලත් අළුත්ගම තොටුපොලත් යා වෙලා පාලමක් ඉදි වේවි. එදාට රුක්ගහ තොටුපොලේ පාලම් පාරුව ඉදිහාසයට එක් වේවි. පාලම් පාරුවේ මතකයන් අපේ හිත් වල විතරක්ම ඉතුරු වෙලා තියේවි.. !

18 comments:

  1. ඇත්ත. සමාජය දියුනු වෙද්දී පරිසරයේ සුන්දරත්වයත් රැකෙනවානම් කොච්චර හොදයිද? අපේ අදුරන පිරිසක් පානදුර ගගුලේ ඉන්නවා.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ඒ දෙකම එක වගේ ආරක්ෂා වෙන අවස්ථා ගොඩක් අඩුයි නෙව.

      Delete
  2. ලිපිය කියවද්දි මේ ගීතය මතක් වුණේ...

    කවුරුවත් නෑ... කවුරුවත් නෑ
    එගොඩට යන්නට ... එගොඩට යන්නට
    ඉරගල වැටිලා ඉවුර දෙපැත්තේ
    අඳුර ගලනවා පාරුව ඇතුළට
    ලන්තෑරුම කෝ..., ඔහෙ තිබුණා වේ
    කවුරුත් නෑ අද එගොඩට යන්නට

    දවසින් දවසට පාළම හැදුනා
    පාළම් මෝලේ හෙණ හඬ ඇසුණා
    කිරල කැලෑවේ කුරුළු කොබෙයියන්
    ගම හැරදා යන්න ගිහින්...

    දෑතේ අතැඟිලි හබලට ගෙවුනා
    ගෙනියන්නට බැරි බර පොදි තිබුණා
    මෙතුවක්‌ නොමගිය බර අද දවසේ
    මට හිනැහීගෙන යනවා වාගෙයි

    පදමාලාව - හේමසිරි ගුණතුංග
    තනුව - ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
    ගායනය - අමරසිරි පීරිස්‌

    ගීතය ලියවුණු හැටි මේ ලිපියෙ තියෙනවා... http://www.theerthaya.info/2016/06/blog-post.html

    ReplyDelete
    Replies
    1. ඔය ලිපියත් කියවලා ආවා

      Delete
  3. මගෙත් යාළුවෙක් ඉන්නවා අරුග්ගොඩ. එහෙ එන්න ඕන සති අන්තයක පාලම් පාරුවෙ යන්නත් එක්ක... අපි හමුවෙමු.

    ReplyDelete
    Replies
    1. වෙලාවක එන්න අපේ දිහෑ.

      Delete
  4. රුක්ගහ සහ හිරන තො‍ටුපල වලින් එගොඩ මෙගොඩ ගියා ඉස්සර කාලේ නම්,මගෙත් යාලුවෙක් හිටියා අරුග්ගොඩ.ඒ ගෙදර යන්නෙ රුක්ගහ තො‍ටුපලෙන් . බයිසිකලේ පානදුරේ යනකොට හිරන තො‍ටුපලෙන් යනවා. දැන්නම් හිරන පාලමක් දාලා.

    ReplyDelete
    Replies
    1. ඔවු.. හිරණ පාලමක් තියෙනවා දැන්.

      Delete
  5. දවසක අපි එන්නම්කො ඔය පැත්තේ පාලම් පාරුවයි මදුරංගගේ ගේ දොරයි බලලා යන්න. දැන් වත්තල පැත්තෙ එවෙන්නෙ නැද්ද?

    අපේ ගෙවල් පැත්තෙත් තියෙනවා ඔය වගේම කුරුසයක් තියෙන හන්දියක්. ඒකට කියලා තියෙන්නෙ කුරුස කනුව හන්දිය කියලා. දැන් නම් ඒ නම පාවිච්චි වෙන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. හරී, ඔය කියන්නේ ජාඇල කුරුස හන්දිය ගැනද.

      Delete
    2. ජා-ඇල කිට්ටුව තමයි. මම් කිව්වෙ දෙහියාගාත හන්දිය ගැන

      Delete
    3. වත්තල එනවා අඩුයි දැන්. ඒත් නො එන්නේම නෑ.. එනවා. මහ ගෙවල් එහෙ නෙහ්.

      Delete
  6. අර තොටිය නිවාඩු දවසට පාලම් පාරුව එක පැත්තක ඉදල අනික් පැත්තට පැදගෙන යන්න එකෙක් නැති උනොත් එහෙම ඒ පැත්තෙ ඉන්ට උංට සොරි තමයි.

    ReplyDelete
    Replies
    1. එතකොට තොටියටත් වෙන තොටියෙක් එනකන් බලන් ඉන්ඩ වෙනවා.. :)

      Delete
  7. ගොඩකාලෙකට පස්සෙ මේ පැත්තෙ ආවේ... දැන් නම එහෙමත් වෙනස් කරගෙන නේ

    ReplyDelete
  8. දිග්ගල තොටුපලෙත් තියෙනවා පාරුවක්. ඒ ගමන ඔය ගමනට වැඩිය දිගයි. විනාඩි 10ක් 12ක් විතර යනවා.

    ReplyDelete
  9. මගේ ගම❤️ උදේ ඉදං හවස් වෙනකල් ගගේ ගෙව්ව ජීවිතය...පුංචි කාලේ කොච්චර ලස්සනයි ද අපේ...මට මතකයි ඉස්සර තිබුනේ මේ පාලම් පාරුව වෙනුවල ලී පාලම් පාරුවක්...⁣පස්සෙ ඒක අබලං වෙද්දිම අලුත් පාලම් පාරුවක් අපිට ලැබුනා...පාරුවෙ ඉදං ගගට පැනල පීනපු හැටි අද වගේ මතකයි..පාරුවෙ බොලොක්කෙට යාලුවෙක්ගෙ මාපට ඇගිල්ල අහු වෙලා දෙකට කැඩුනා...කවුරුත් නැති වෙලාවට අපි පාරුව ඇදන් ගිහින් ගග මැද්දේ තියන් ඉන්නව...ඒක කියන්න වචන නෑ...රුක්ගහ ඉදන් අලුත්ගමට පාරුව අදිද්දි ඒ පැත්තේ ඉදන් තණකොළ කන්න මෙහාට පීනන මී හරක් රංචුව දිහා බලං ඉන්නත් ආසයි...කාලයත් එක්කම හිරන පාලම හැදුනා...මිනිස්සු කාර්‍යබහුල උනා...පාරුව මග හැරලා හිරන පාලමෙන් එගොඩ උනා...ඉදලා හිටලා ඇදදෙන ගිය මගියෙක් ඇරෙන්න පාරුව පාලු උනා...මේ වෙද්දි අපේ ගගේ පාලම් පාරුව නතර වෙලා...😓😓❤️❤️

    ReplyDelete
  10. මගේ ගම❤️ උදේ ඉදං හවස් වෙනකල් ගගේ ගෙව්ව ජීවිතය...පුංචි කාලේ කොච්චර ලස්සනයි ද අපේ...මට මතකයි ඉස්සර තිබුනේ මේ පාලම් පාරුව වෙනුවල ලී පාලම් පාරුවක්...⁣පස්සෙ ඒක අබලං වෙද්දිම අලුත් පාලම් පාරුවක් අපිට ලැබුනා...පාරුවෙ ඉදං ගගට පැනල පීනපු හැටි අද වගේ මතකයි..පාරුවෙ බොලොක්කෙට යාලුවෙක්ගෙ මාපට ඇගිල්ල අහු වෙලා දෙකට කැඩුනා...කවුරුත් නැති වෙලාවට අපි පාරුව ඇදන් ගිහින් ගග මැද්දේ තියන් ඉන්නව...ඒක කියන්න වචන නෑ...රුක්ගහ ඉදන් අලුත්ගමට පාරුව අදිද්දි ඒ පැත්තේ ඉදන් තණකොළ කන්න මෙහාට පීනන මී හරක් රංචුව දිහා බලං ඉන්නත් ආසයි...කාලයත් එක්කම හිරන පාලම හැදුනා...මිනිස්සු කාර්‍යබහුල උනා...පාරුව මග හැරලා හිරන පාලමෙන් එගොඩ උනා...ඉදලා හිටලා ඇදදෙන ගිය මගියෙක් ඇරෙන්න පාරුව පාලු උනා...මේ වෙද්දි අපේ ගගේ පාලම් පාරුව නතර වෙලා...😓😓❤️❤️

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.