02 February 2015

නිදහස් දවසේ සිරිපා කරුණාව

මේ අවුරුද්දේ නිවාඩු යෙදිලා තියෙන්නේ නියම විදිහට. සතියේ එක නිවාඩුවක් දැම්මා නං දවස් පහක නිවාඩුවක් ගත්තෑකි. ජනවාරි මාසෙත් එහෙමයි. මේ පෙබරවාරියෙත් එහෙමයි. ඔන්න ඔහොමනේ අවුරුදු තියෙන්ඩ ඕන. !!!

මේ මාසේ පටන් ගත්තු හැටියෙම තුන්වෙනිදා පෝය යෙදිලා තියෙනවා. හතර වෙනිදා නිදහස් දවස. ශා මරේ මරු.. එක ලඟ නිවාඩු දෙකක්. සඳුදා (අද ) නිවාඩුවක් දැම්මා නං දවස් පහක නිවාඩුවක්.. අද හදිස්සියේම අසනීප වෙච්ච අයත් සෑහෙන්න ඇති. ඒගොල්ලන්ට ඉක්මන් සුව පතමු... ! :)
මේ නිවාඩු යෙදිලා තියෙන විදිහ, ට්‍රිප් යන්ඩ නම් පංකාදු පහයි. ආයේ ඉතින් මට නම් කියාපුම නිවාඩු සෙට් එකක්.

ගිය පාර නිදහස් දවසේ අලගල්ලේ නැග්ගා. ඒ නිසා මේ පාර අලගල්ලේ යන්ඩ හිතුවේ නෑ. ඒ වෙනුවට දවස් දෙකම එකට එකතු කරගෙන සිරිපා කරුණා කරන්ඩ හිතාගෙන ඉන්නවා.

ගියපාර මම සිරිපා කරුණා කරලා පෝස්ට් 4ක්ම ලිව්වා මතකනේ. ඒ නිසා මේ පාර ලියන්ඩ හිතාගෙන නෑ. ගිය පාර වගේ රත්නපුරෙන් සිරිපා කරුණා කරන්ඩ හිතාගෙන ඉන්නවා. රත්නපුරෙන් කරුණා කරලා එරත්නෙන් බහින්ඩ තමා හිතේ තියාගෙන ඉන්නේ. කොහොම වේද දන්නේ නෑ. මොකද අපේ සෙට් එක කැමති පාරකින් එපැයි බහින්ඩ.
පහලින් තියෙන ලින්ක් වලින් කැමති කෙනෙක් කියවන්ඩ.

ලිපි 1 | ලිපි 2 | ලිපි 3 | ලිපි 4

මම හරි ආසවෙන් උන්නේ අපේ නෝනාත් මේ ගමනට අපිත්තෙක්ක එකතු වෙයි කියලා. ඒත් ඉතිං උන්දෑ කලින්ම කිව්වා මට ඔය කඳු නගින්ඩ අමාරුයි කියලා. අපරාදේ.. සුන්දර වන්දනා ගමනක් ඒයැයිට අහිමි වෙනවා.. :(

ගිය අවුරුද්දේ මැදදි අපි අවාරේ කරුණා කරන්න කතා උනාට ඒවා කරන්න උනේ නෑ. ගමනක් යන්ඩ කට්ටිය සෙට් කරගන්නවා කියන්නේ ලාහෙට ගෙම්බෝ එකතු කරගන්නවාට වඩා අමාරු වැඩක් නෙහ්. මුලදි හා කියන ඈයෝ පස්සේ පස්සේ පහු බහිනවා. අන්තිමේදි ගමන යන්ඩ දින ලං වෙනකොට මුලින් එන්නං කියපු අයගෙන් සීයේය පනහක්වත් නෑ..

ඒවයින් කාරි නෑ.. අපි එහෙනම් සමන් දෙයියන්ගේ පිහිටෙන් සිරිපා කරුණා කරලා එන්නංකෝ.

ලියන්ඩ දෙයක් නැති කමයි කම්මැලිකමයි හින්දා ඔහේ අකුරු ටිකක් ලියලා දැම්මා. ආයේ හොදද නරකද කියලා හිත හිතා හිටියේ නෑ. :)

13 comments:

  1. මේ වාරෙ යන්න ආසාවෙන් හිටියත් දැන් බැරිවෙන ලයින් එකක් වගේ තියෙන්නෙ. බලමු තව කල් තියෙනවනෙ.
    එහෙනං යන හැමෝටම සමන් දෙවි පිහිටයි !

    ReplyDelete
  2. ඉරිසියාවේ බෑ බොලව්..............

    ReplyDelete
  3. වදින්න යන මදුරන්ගට
    සුමන සමන් දෙවි පිහිටයි. .

    ReplyDelete
  4. එහෙනම් පරිස්සමින් ගිහින් වරෙන්කො බලන්න

    ReplyDelete
  5. යකඩෝ අපිට මෙහෙම නිවාඩු නැහැනේ...

    ReplyDelete
  6. අපිටත් දවස් 4 ක නිවාඩු 2ක් තියෙනවා .. වැඩේ කියන්නේ මෙහෙ ඔය වගේ යන්න හරි හමන් තැන් නෑ .. දුර ගමනක් යන්න සෙට් වුනොත් ඒකට යන වියදමින් ලංකාවට එන්න පුළුවන් වගේ .. මදුරංග පරිස්සමින් ගිහින් එන්න ..

    ReplyDelete
  7. එරත්න පාරෙන් අඩවිකන්ද හරහා සිරිපා මළුවට

    http://sirilakasarisara.blogspot.com/2014/05/pilgrimage-to-mt-samanala-via-erathna.html

    ReplyDelete
  8. කියන්නත් ලැජ්ජයි බොලං...මම තවම සිරීපාදෙ ගිහින් නෑ...හරිම ආශාවෙන් ඉන්නෙ යන්න...එ්ත් මම ලංකාවට එන කාලය වෙද්දි සිරිපා කරුණා කොරන කාලය අවසන්...ඉතිං මගේ සිරීපාද සිහිනය තව ඈතයි..

    ReplyDelete
  9. මමත් ගිහින් නෑ... :(

    ReplyDelete
  10. අයියෝ ..හාමිනේවත් උස්සාගෙන හරි යන්න එපායැ ?

    ReplyDelete
  11. මමත් සිරීපාදේ ගිහින් නෑ.. :(

    ReplyDelete
  12. අපි නම් සෙනසුරාදා ඉදලා දවස් 5 ක් නිවාඩු දැම්මාට අන්තිම දවස් දෙකම වතුරේ ගියා වැස්ස නිසා.... මුල් දවස් තුනනම් සුපිරි ගමනක් ගියා.............

    ReplyDelete
  13. අනේ අම්බෝ මම නං සිරිපාදෙ මලුවට ගියපු අන්තිම වතාවේ “මේ මාගේ අවසන් පැමිණීමයි“ යනුවෙන් කුංචනාද කොට පැමිණියෙමි. නැවත නොගියෙමි..

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.