මං පහුගිය සතියක් තිස්සේ ලාහෙට කොල්ලෝ (ගෙම්බෝ නෙමේ) එකතු කලා... ඒ වෙන මොහොකටවත් නෙමේ අලගල්ල කන්ද නගින්ඩ යන්ඩ. අහන අහන එකා හා කියලා දින ලං උනාම බෑයි කිව්වා. මොනා උනත් කමන් නෑ කියලා අපේ මලයත් ගමනට එකතු උනා.
යාන්තං තව එකෙක් ආවා. දැන් තුන් දෙනයි !
අපි තුන් දෙනා කතා කරගත්තේ උදේ 5.55ට කොටුවෙන් තියෙන පොඩි මැණිකේ කෝච්චියෙන් යන්ඩ. මමයි අපේ මලයයි රාගමින් කෝච්චියේ එල්ලුනා. අනිත් කෙනා කොටුවේ ඉදන්ම කෝච්චියේ ආවා.
අලගල්ලට යනවා නං නුවර, බදුල්ල වගේ කෝච්චියකින් ඇවිත් ඉහලකෝට්ටේ ස්ටේශමෙන් බහින්ඩ ඕන. එහෙම නැත්තං පිලිමතලාවට ඇවිත් පිලිමතලාවෙන් පොත්තපිටිය-මහනුවර බස් එකක ඇවිත් පොත්තපිටිය හන්දියෙන් බැහැලා ඉතුරු ටික ත්‍රීවීල් එකකින් එන්ඩ ඕන.
අපි කට්ටිය කෝච්චියෙන් ආව නිසා ලේසියි. ස්ටේශන් එක ගාවින්ම පාර තියෙනවා කන්ද තියෙන තැනට යන්ඩ. කොයිකටත් කියලා අපි ස්ටේශන් එකේ වැඩ කරපු අයියා කෙනෙක්ගෙන් ඇහුවා. එතකොට උන්දැම අපට පාර පෙන්නුවා.
අපේ ගමනාරම්භය... ඉහල කෝට්ටේ දුම්රිය ස්ථානය
ඉහල කෝට්ටේ දුම්රිය ස්ථානයට අලගල්ල කන්ද පේන්නේ මෙන්න මෙහෙම. අලගල්ල දකින කොට හිතේ තිබ්බ ආසාව දෙගුණ තෙගුණ උනා.
ඉහල කෝට්ටේ ස්ටේෂමට අලගල්ල පෙනෙන හැටි..
අපි කෝච්චියෙන් ඇවිත් බහිනකොට 8.30ට කිට්ටු කරලා. ඒ නිසා උදේ කෑම ස්ටේශන් එකේදිම ගත්තා. උදේ කෑමෙන් පස්සේ කන්ද නඟින්ඩ පටන් ගත්තා. කන්ද නගින්ඩ ඉහල කෝට්ටේ ස්ටේශන් එකේ ඉදලා සෑහෙන දුරක් පයින් යන්ඩ තියෙනවා..
ස්ටේශන් එකේ ඉදලා කන්දට යන පාර
ඒක මරු ගමනක්.. ගල් උඩින් පැන පැන දිය පාරවල් පහු කරගෙන යන්ඩ තියෙන අපූරු ගමනක්. ඔය ගමන කෙලවර වෙන්නේ ගමට එන පාරකින්.
අත්වැටකුත් තිබ්බා...
පඩිපෙල් නගිමින්...
එතනින් එහාට්ට ගමන ලේසියි.පාර දිගේ කන්ද පාමුලට යන්ඩ තියෙන්නේ. ඒ යන ගමනෙන් ටික දුරක් යනකොට පහලින් වතුර කඳක් ගලාගෙන යන සද්දයක් ඇහෙනවා. ඒ තමා දෙකින්ද ඇල්ල පහලට කඩා හැලෙන සද්දේ !!
වතුර ගලන සද්දේ ඇහුනේ මේ හරියෙදි...
ඔය හරියෙන් ටික දුරක් යනකොට දෙකින්ඳ ඇල්ලට වතුර ගෙනියට ඇල පාර හම්බ උනා.පහල පින්තූරේ තියෙන්නේ ඒ ඇල පාර.
දෙකින්ඳ ඇල්ලට වතුර ගෙනියන ඇල පාරෙන් කොටසක්.
අපි වෙලාව ඉතුරු කරගන්න ඕන නිසා දෙකින්ද ඇල්ල දිහාට්ට ගියේ නෑ.. නමුත් දෙකින්ද ඇල්ලට වතුර ගෙනියන වතුර පාරේ ටික වෙලාවක් ගත කරන්න අමතක කලේ නෑ.
අපිට විඳින්න බැරි වෙච්ච දෙකින්ද ඇල්ලේ සුන්දරත්වය නඩේ ගුරා දැකලා තියෙනවා. මෙන්න නඩේ ගුරා කණ්ඩායමේ අය විඳගත්තු දෙකින්ද ඇල්ලේ සුන්දරත්වය. !
දෙකින්ද ඇල්ල පහු කරගෙන එනකොට තුම්මං හන්දියක් හම්බ උනා. බෝධීන් වහන්සේ කෙනෙක් මැදි කරගත් තුම්මං හන්දියක්. !
බෝධීන් වහන්සේ නමක් මැදි කරගත් තුම්මං හන්දිය...
ඒ කිට්ටුව උන්න මාමලා දෙන්නෙක්ගෙන් අපි පාර අහගෙන තවත් ඉස්සරහට ගියා. එතකොට තමයි අපට පොත්තපිටිය ඉදලා එන්ඩ තියෙන පාරයි ඉහල කෝට්ටේ ඉදලා අපි ආපු පාරයි එකතු වෙන්නේ. ඒ හරියේම තේ පැක්ටරියක් තියෙනවා !
ගමේ මිනිස්සු නං ඒකට කියන්නේ තේ ඉස්ටෝරුව කියලා... !
ඔන්න එතන ඉදන් තමා කන්ද නගින්ඩ තියෙන්නේ. ස්ටේශමේ ඉදලා කිලෝමීටර් 2ක් විතර එන්ඩ ඕන කන්ද නගින හරියටම... :)
දැනුයි කන්ද නගින්ඩ පටං ගන්නේ...
මේ හරියෙදි තමා පාරවල් දෙකෙන්ම ආපු කඳු නගින නඩ ටික එකතු උනේ.. ඒ වගේම අපිත් තෙක්ක කෝච්චියෙ ඇවිත් පිලිමතලාව පාරෙන් ආපු කට්ටියකුත් හම්බ උනා.
මෙහතින් එහාට්ට කන්ද නගින එක ටිකක් අමාරුයි. කන්දේ ආනතිය සෑහෙන වැඩියි. ඒ නිසා මහන්සි ඇර ඇර තමයි යන්ඩ තියෙන්නේ.
කන්ද නගින්ඩ තියෙන පාරක්...
තව පොඩ්ඩෙං කියන්ඩ අමතක වෙනවා..
1948 අවුරුද්දේ පෙබරවාරි 4 වෙනිදාට නිදහස හම්බ වෙනවයි කියන ආරංචිය හම්බ උන මේ ගමේ මිනිස්සු තමන්ට ලැබෙන්ඩ යන නිදහස පේනවද කියලා බලන්ඩ අලගල්ල කඳු මුදුනට නැගලා තියෙනවා. එදා ඒ අලගල්ල නැගීම තාමත් චාරිත්තරයක් විදිහට කරගෙන යන හන්දා ගමේ මිනිස්සු සෑහෙන ප්‍රමාණයක් අපට මේ කඳු නැග්මෙදි මුන ගැහුනා. !
ඉතිං අලගල්ල නගින්ඩ අදට වඩා හොඳ දවසක් තියේ යෑ.. !
ඒ අතර කන්ද අමාරුවෙන් නගින කෙස්ස පැහුණු අම්මලා තාත්තලා කිහිපපොලකුත් දකින්ඩ හම්බ උනා.. !
කන්දේ උස ගැන කතා කලොත් මුහුදු මට්ටමේ ඉදලා මිටර් 1148 විතර උසයිලූ.
කන්දේ ගස් තිබුනු හරිය පහු කරගෙන අපි ඊලඟට ආවේ මානා තිබුනු පැත්තකට. ඒ හරියේ තැනින් තැන හතරලියැද්ද මහජන බැංකුවෙන් ගහපු බෝඩ් ලෑලිත් තිබුනා. ඒ බෝඩ් ලෑලි වලින් අපි හිතාගත්තා අපි යන පාර හරියි කියලා.
මානා තීරුව මැදින් කන්ද මුදුනට....
ඔය හතරලියැද්ද කියන ගම ඒ කාලේ හැඳින්නුවේ තුම්පනේ කියලා.. තුම් + පනහා පස්සේ කාලෙක තුම්පනේ වෙලා.. !
පලවෙනි මානා තීරුව පහු කරගෙන එනකොට ගිමන් හරින්න ලොකු ගල් තලාවක් තියෙනවා. ඒ ගල් තලාවේ ඉදලා බලනකොට අලගල්ලේ අමාරුම හරිය මේ වගේ පේනවා.
ඔය තියෙන්නේ කන්දේ අමාරුම කොටස...
ගමේ අය ඔතනට කියන්නේ සිංහ කට කියලා ලූ. අලගල්ල නගිනවා නං සිංහ කටින්ම නගින්ඩ ඕන ය නැත්නං වැඩක් නෑ කියලයි අපිට හම්බ උනු ගමේ උන්දැලා කිව්වේ. අපිත් ඉතිං අමාරුවෙන්ම සිංහ කටින් එල්ලුනා. ටිකක් විතර අමරු ගමනක්... !
සිංහ කටින් නැග්ගට පස්සේ අවට බැලුවහම පේන්නේ කඳු වලින් වටවෙච්ච ලස්සන දර්ශනයක්... ඕං ඔය වෙලාවෙදි නුවර ඉදලා ආපු කෝච්චියක් ඉහල කෝට්ටේ ස්ටේශන් එකට එනවා පෙනුනා. කෝච්චිය බොහොම පුංචියටයි පෙනුනේ.. මෙන්න මෙහෙම...
අලගල්ලට පෙනෙන ඉහල කෝට්ටේ දුම්රිය ස්ථානය
ඔය වෙලාවෙම නුවරින් කෝච්චියකුත් අලගල්ල ස්ටේශමට ආවා. පහල පින්තූරේ බොහොම පුංචියට පේන්නේ නුවර ඉදලා ආපු කෝච්චිය.
නුවර ඉදලා ආපු කෝච්චිය...
සිංහ කටෙන් අලගල්ල නැගපු අපි නිදහස සැමරුවේ මෙහෙමයි. ඔය පහල පින්තූරේ ජාතික කොඩිය අල්ලගෙන ඉන්නේ අපේ මලයා.
ජාතික කොඩියත්තෙක්ක අපේ මලයා..
එතනින් අලගල්ල තරණය හමාර වෙනවා. අපි ඊලඟට කටුසු කොන්ද දිගේ පල්ලම් බැස්සා පූජාගල නගින්ඩ. ඒක ඊලඟ ලිපියෙන් කියවමු. !
ජය වේවා !
------------------------------------------------------------
ප.ලි. - අලගල්ල කන්ද ගැන වැඩි දුර විස්තර දැනගන්ඩ මෙතන ක්ලික් කරන්ඩ.
කකුල් රිදෙනවද තවම.
ReplyDeleteචාරිකා මතක සටහන් බෙදාගත්තට ඉස්තුති වේවා.... බදුලු කෝච්චියෙන්ද ගියේ??
ReplyDeletepini :
ReplyDeleteඅපොයි ඔවු.. තාම මස්පිඩු රිදෙනවා :)
වර්ෂා ( Rain_Girl ) :
ඔවු.. පොඩි මැණිකේ කියන්නේ බදුලු කෝච්චිය තමා. දැන් ඒක ඉහල කෝට්ටෙත් නවත්තනවා... ඉස්සර නැවැත්තුවේ නෑ.
මම හිතුවෙ ඒ දෙක දෙකක් කියලා.
Deleteඅර දෙකිඳ ඇල්ලටත් ගිහිං එන්න තිබ්බ නං තමා ගමන සම්පූර්ණ වෙන්නෙ.කොහොම උනත් අපට යන්න බැරි මෙහෙම ගමන් ඔබලාවත් ගිහිං විස්තර කියන එක ලොකු පිනක්.
ReplyDeleteExplorers club එකෙන් යන අලගල්ල හයික් එක ගිහිල්ලා නැද්ද?
ReplyDeleteහප්පේ අර කෝච්චිය පේන විදියෙන් හිතා ගත්තෑකි කන්දෙ තරම.
ReplyDeleteඅනේ මාමාල අමරුවෙන් නැලග තියෙන්නේ...
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteනියමයිනෙ. අර හැලපෙ කියල තියෙනව වගේ ඇල්ලත් බලාගෙනම ආවනං තමයි හොඳ.
ReplyDeleteසරත් ගේ බ්ලොග් එකේ කමෙන්ට් එක මේකට වැටුනානේ ..ඒකයි මකා දැම්මේ .
ReplyDelete...මාර ලස්සන ගමනක්නේ .ඔය වයසට තමා ඉතින්. අපි මේ ලඟදි කඳුකර පළාතකට ගියා .වැඩිය ඇවිදින්නේ කොහොමද ..කකුල් රිදෙන පුංචි ආච්චි කෙනෙක් එක්ක . අක්ක නම් දැන් ආසයි ඔය වගේ ගමන් වලට .
ඉතින් උබලා නිදහස දැක්කයි ....... ආසාවේ බෑ බන් දකින කොට
ReplyDeleteඇයි Explorers club එකෙන් කටුසුකොන්දෙත් යනවනේ .
ReplyDeleteනියමයි නියමයි...නිදහස් දවසේ ඔහොම වැඩක් කරපු එකනම් හොඳයි...අර වගේ සම්ප්‍රදායන් පවතින එකත් හරි සුන්දර දෙයක්
ReplyDeleteHelapa kade :
ReplyDeleteවෙලාව මදි වෙයි කියලා ගියේ නෑ.. තව බිංගේකුත් බලන්ඩ ගියා නෙව.
බෑයි කියලා හිතන්නේ නැතුව දෙතුන් දෙනෙකුත්තෙක්ක ගිහින් ආවා නං හොඳයි නෙහ් :)
කුරුටු ගෑ ගී පොතේ දිලිනි :
කොයි දෙක ද ? අලගල්ලයි කටුසු කොන්දයි ද ??
ඕ.. තව කටුසු කොන්දක් තියෙනවා හන්තානෙත්,, ගමේ මිනිස්සු අලගල්ලේ තිබ්බ අනෙත් පැත්තට කියන්නෙත් එහෙම. :)
කතන්දර කාරයා :
නෑ නේ.. ඒ දවස්වල නං ගියේ නෑ..
Chathuranga Priyashad :
හ්ම්ම්... ඒ උනාට මරු අත්දැකීම. තාම ඇඟපත රිදෙනවා :)
දවසක කට්ටියක් සෙට් කරගෙනම යමු !
Praසන්ன :
ReplyDeleteවෙලාව මදි උනා නෙහ්.... ආයේ ගිය වෙලාවක යන්ඩ ඕන :)
Bindi :
ඒක තමයි.. මම හිස්බඩම කමෙන්ට් එක කියෙව්වම හිතුනා මට දාපු කමෙන්ට් එකක් නෙමේ කියලා. :)
S. L. මැලේ රාළ :
දැක්ක.. දැක්කා.. ලංකාවට ආපු කාලෙක කියන්ඩ මම අනිවාර්යෙන්ම එනවා මේ ගමන යන්ඩ :)
ඉවාන් පවුලූශා :
ඒ හන්තාන ෆුල් රේන්ජ් එකේදි යන්නේ. හන්තානේ එක පැත්තක් නෙ ඔය කටුසු කොන්ද.
සයුරි :
ReplyDeleteඅනිවාර්යෙන්ම ඒ වගේ සම්ප්‍රදායයන් තියෙන එකත් එක අතකට මරු.. කන්ද නැගලා මාර සතුටක් වින්දේ :)
ඒකනම් නියම ගමනක් තමයි, කඩුගන්නවේ ඉන්න කලෙ අපේ කට්ටියත් ගිහින් තිබ්බ මම ගෙදර ගිහින් එදා මමත් යන්න ඔනා කවදහරි
ReplyDeleteSuperb.. I like very much read articles like these...
ReplyDeletehttp://masandumal.blogspot.com/
ඔය කන්තට අර ගම්පොල ගොන් තඩියගෙ තක්ගෙඩිය පේනවැයි අපෙ මලයා..
ReplyDeleteබතට කන්න බැරි අල ගල්ල ( ඕක ලියල තිබ්බෙ සුනිල් සරත් පෙරේර "මහත්තයගෙ" උඩරට පරිසර චාරිකාවට දුන්න අත් පොතේ ).අපිත් දවසක යන්න හිතං ඉන්න ගමනක්.
ReplyDeleteනියමයි නේ .ඉතුරු ටිකත් ඉක්මනට ලියල දaන්න අපිට බලන්න, කකුල් කෙඩිත්තුව තියනවද තාම
ReplyDeleteවෙද සිතක සිත්තම :
ReplyDeleteසති අන්තයක අනිවාර්යෙන්ම ගිහින් එන්න.. යන්න වටිනම තැනක් ඕක :)
Manosh Sandaruwan :
අනිවාර්යෙන්ම... මාත් ආසයි මෙහෙම තැන් වල ඇවිදින්න. මේ වාගේ ලිපි දිගටම ලියන්න :)
Anonymous :
කොයි....?? අම්බුළුවාව ද ? ඒක නං පෙනුනේ නෑ. කඩුගන්නාවට නං හොඳටම පේනවා ඒ කන්ද.
ඉන්දික උපශාන්ත :
ReplyDeleteඔහොම නෙමේ...
බතට කන්න බැරි බතලේගල කන්ද
අලට කන්න බැරි අලගල්ලේ කන්ද
හුනට කන්න බැරි හුන්නස්ගිරි කන්ද
මෙතුන් කන්දට නායක සමනොළ කන්ද
නදී :
දැන් නං සෑහෙන අඩුයි.අද හවස ඉතුරු ටික දාන්න ඉන්නේ. ලියලා තියෙන්නේ. පින්තූර ටික හදන්ඩ තියෙන්නේ.
පට්ට ගති මචන්...
ReplyDelete@මධුරංග ,
ReplyDeleteස්තූතියි කවියම ලිව්වට. මම කිව්වෙ ඔය පටලල කරපු ලියවිල්ල ඒ පොතේ තිබ්බ කියල :D
සුපිරි චාරිකාවක් සහෝ.... තාරුණ්‍යෙය් නියම විඳීම .........
ReplyDeleteපොස්ටුව ගැන කලින් ඉඟියක් දීලා තිබුන නිසා ඉඩක් ලැබුන ගමන්ම ඔන්න කියවන්න ආවා.. ශෝක් ගමන ...
ReplyDeleteගාලු කොල්ලා :
ReplyDeleteආයෙත් අහලා... ගති නේන්නම්.. :)
ඉන්දික උපශාන්ත :
ඔය සමහර පොත් වල නම් වැරදි එමටයි ! :)
කැම්පස් එකේ ඉන්නැද්දි පාසල් පෙලපොත් වල වැරදි නිවැරදි කරන්ඩෙයි කියලා අපි උද්ඝෝෂණත් කලා.
Naleen Dilruksha :
අනිවාර්යෙන්ම.. මේක තමා විඳීම :)
තුශානි :
ඒකනේ.. මම ඔයාට කලින් කියලා තිබ්බා නෙහ්.. :)
අලගල්ලෙ මගෙ හොඳම යාළුවෙක් හිටියා .. මධු දැක්කද පහලින් තියෙන ලස්සන වෙල්යාය ? අපි දෙන්න බයිසිකල් පදින්න පුරුදු උනේ ඒ වෙල් යාය මැද පාරෙ..
ReplyDeleteසරත් ලංකාප්‍රිය :
ReplyDeleteලස්සන වෙල් යායක් නම් දැක්කා..
ඒක නම් මරු අතීතයක් වාගේ. වෙලාවක මතු කරලා ගම්මු !
නියමයි නියමයි.. අපිට ඉතින් යන්න බැරි එකේ මෙහෙමවත් කියවන්න තියෙන එකම මදැයි..
ReplyDeleteවිස්තරය අපිත් එතනට ගියා වගේ
ReplyDeleteදැනෙන්න කරලා තියෙනවා. හරිම සර්ථකයි. ඒ වගේම රසවත්. තව ටිකක් වයසට යන්න කලින් යන්න නම් කොච්චර තැන් අපේ සුන්දර ලංකාවෙම තියෙනවද? හ්ම්.....
ජය මලේ!!!
Dinesh :
ReplyDeleteයන්න බැරි මොකෑ... ලංකාවට ආපු වෙලේක යමු !
ෂුවර් මාත් එනවා !
Chandana Gunasekera :
අනිවාර්යෙන්ම... අවසන් ගමන් යන්න කලින් මට යන්න ගොඩක් ගමන් තියෙනවා..එයින් බාගයක්වත් යාගන්න තමා මගේ උත්සහය :)
උඹලා අතර වෙලාවට බොක කාරයෝ නෑ..අපේ උන්ට මගදි උදෑසන ආහාරයක් ගත්තොත් පැයක් යනවා එතැනින් පිටත් වෙන්න...බොක මරුවො ඉන්නෙ...
ReplyDeleteකිව්වට විශ්වාස කරන්න අපිට ඔය අලගල්ලේ කන්ද පේනවා. හැබැයි ටිකක් ඈතින්. උදේට ඔකේ කොච්චි යන සද්දේ ගෙදරට ඇහෙනවා. (හතරලියද්ද කියන්නේ වැඩි ඈතක් නෙවේ අපිට). ඒත් හෙනේ කියන්නේ තාම ඕක නැගගන්න බැරි උණා නේ
ReplyDeleteකඳු නම් මතක් කොරන්න එපා...
ReplyDeleteමරු ඈ මොක වුනත්. මටත් ටිකක් ඔය කදු නගින පිස්සු ගතිය තාම තියෙනවා. කොයි තරම් අමාරු වුනත් මැරෙන්න කලින් යන්න තියෙන හැම තැනකම යන්නයි මගෙත් උත්සාහය. කාලෙකට කලින් අපි ඉන්න පළාතෙම කන්දකට නැග්ගා අපි කිහිප දෙනෙක්. මේ ලිපිය දැක්කම මට ඒකත් මතක්වුනා නෙව.
ReplyDeleteසිරාගෙ කාමරේ :
ReplyDeleteබොක කාරයෝ නැති එක නං වාසනාවක් !!
යක්ෂයා :
කොහොමහරි දෙන්නෙක්වත් සෙට් කරගෙන ගිහිං බලන්ඩ. ලඟ ඉදලාත් ගියේ නැත්තං වැඩක් නෑ අප්පා... :)
Amila Prabath Samarakkodi :
ඒ මොකෝ අප්පා ඒ.. ??
malmi :
//කොයි තරම් අමාරු වුනත් මැරෙන්න කලින් යන්න තියෙන හැම තැනකම //යන්නයි මගෙත් උත්සාහය.
ඔයත් මගේ ජාතියේ එක්කෙනෙක්. මගෙත් අදහස අවසන් ගමන් යන්න කලින් යන්න පුලුවන් හැම තැනම ගිහින් ඇස් පියවෙන්ඩ කලින් හැලීගේ ධූමකේතුව එකම එක වතාවක් බලාගන්ඩ !
කෝච්චියෙ නම් සෙනඟ නේද.. මමත් සිකුරාදාට මාරුවෙන්න බැරිවුණ දවස් වලට ඕකෙතමයි ගෙදර යන්නෙ... මමත් හිතාගත්තා ඉක්මනට ම යන්නෝනැ කියාලා ඔය කියන කන්ද නගින්න.
ReplyDeleteලහිරු :
ReplyDeleteඅපොයි ඔවු.. නිවාඩු දවස නිසා කෝච්චියේ සෑහෙන සෙනග.. කෝච්චියේ යන එක තමා එපා උනේ..
යන්න යන්න.. ගමන නං පට්ට ! ඉතුරු කොටසත් කියවලා බලන්න !