29 April 2014

අවසන් තීරණය

පහුගිය සති අන්තය අපේ ගෙදර අයට ගොඩක් කාර්ය බහුල සති අන්තයක්. ඒකට මූලිකම හේතුව උනේ මගේ නැන්දම්මයි මාමණ්ඩියයි අපේ දිහෑවේ එන නිසා. ඒ වෙන මොහොකටවත් නෙමේ අපේ කටයුත්ත ගැන කතා කරගන්ඩ.

ඒ දෙන්නා එනවයි කිව්ව සතියට කලින් සතියේ ඉදන් අපි ගේ අස්පස් කෙරුවා. මකුළු දැල් එහෙමත් කඩලා ගෙයි බිම පොලිෂ් කලා.ඒ විතරක් යෑ අපිලිවෙලට තිබුනු ගෙයි බඩු මුට්ටු ටික ගානට පිලිවෙලට හදලා කාමර හිටන් අස්පස් කලා.

ඔය සේරම ටික කරනකොට අපේ අම්මා සති පොලට ගිහින් උයන්ඩ ඕන කලමනා ටික ගෙනාවා. ඒ විතරක් යෑ.. අපේ මාමණ්ඩිට බොන්ඩ ගල් බාගෙකුත් ගේන්ඩ කියලා අපේ තාත්තට සල්ලිත් දුන්නා. ඒ දේවල් ටික කරලා ඔන්න නැන්දම්මලා එන දවස ආවයි කියමුකෝ.

එදා උදේ ඉදන් මගේ ෆෝන් එකට නිවනක් නෑ.. සුදු නෝනා විඩින් විඩේ මැසේජ් කරනවා අම්මලා ආවද ආවද කියලා අහලා. මම ඊට පස්සේ ඒයැයිගේ අම්මගේ ෆෝන් එකට කෝල් එකක් අරගෙන කිව්වා පෑලියගොඩ දිහෑවෙදි මට කෝල් කරලා කියන්ඩ මම කිරිබත්ගොඩට එන්නං කියල.

මොකද ඉතින් ඒ දෙන්නා අපේ ගෙවල් වලට එන පාර හරියට දන්න එකක් යෑ..

ඒගොල්ලෝ බොරැල්ල පහු කරලා පෑලියගොඩට ඇවිත් මට කෝල් එකක් දුන්නා. මම විජහට්ට ලෑස්ති වෙලා කිරිබත්ගොඩ ටවුමට දිව්වා. මම කිරිබත්ගොඩට එනකොටත් ඒ ගොල්ලො ඇවිදින් තිඋනේ නෑ. ඊට ටික වෙලාවකට පස්සේ තමා ආවේ.

ඒගොල්ලෝ ආවට පස්සේ මාත් ඒගොල්ලන්ගේ වෑන් එකට ගොඩ වෙලා අපේ ගෙදරට ආවා.

නැන්දම්මගේ අතේ කේක් ගෙඩියක් තිබුනා. මාමණ්ඩිගේ අතේ මොකද්ද මන්දා පාර්සල් කරපු දොන්ත පතන් පෙට්ටියක් තිබුනා. මට ඒක බලනකන් ඉවසුමක් තිබුනේ නෑ.

ඒ දෙන්නට අපේ ගෙදර අය උපරිමයෙන් සැලකුවාට පස්සේ ගෙදර කට්ටිය කතාවට වැටුනා. දෙගොල්ලොම කතා වෙලා මගෙයි සුදු නෝනගේ කසාදේ මේ අවුරුද්දේම ගන්ඩ තීරණය කර ගත්තා... කසාදෙට කලින් දිනේ කියන්ඩ හොඳ නැති නිසා දැන්ම කියන්නේ නෑ.... :)

ඔය දේවල් කතා උනාට පස්සේ අපි අපේ වත්තෙන් මඥ්ඥොක්කා ගහකුත් ගලවලා දීලා ගස්ලබු ගෙඩි ටිකකුත් කඩා දුන්නා. ආහ්.. කෙහෙල් ඇවරියකුත් දුන්නා. ඔය සේරම ටිකත්තෙක්ක අපේ උන්දැටයි නෑනා පොඩ්ඩටයි කන්ඩ බත් මුල් බෙදලා දුන්නා.

උන්දැත් ගෙදර ඉදන් බලන් ඉන්නවා නෙව මම මොනවද එව්වේ කියලා..

ඔය සේරමත් කරලා  ටිකක් හවස් වෙනකන් ඉදලා ඒ දෙන්න ගෙදර යන්ඩ හැරුනා. මම ඒ අයට වැන්දත්තෙක්ක..!

ඒ දෙන්නව වෑන් එකට ඇරලවලා මම විජහට්ට දුවගෙන ආවේ තෑග්ග මොකද්ද කියලා බලන්ඩ...

තෑග්ගට මොකද්ද දන්නවද තිබුනේ...???

ගෑස් කුකර් එකක් !

අපි දෙන්නට උයා පිහාගන්ඩ කියලා වෙන්ටෑ.. දුරදිග හිතන නැන්දම්මෙකුයි මාමණ්ඩියකුයි !
මම ඒකේ පැකින් එක පිටින්ම අරන් තිබ්බා. තව ටික කාලෙකින් ඕන වෙයි නෙහ්. :)

(අපේ එක්කෙනාත් කිව්වේ ඕක අපි දෙන්නට ගෙනත් දීපු එකක් ය කියලා)

ඔන්න ඕකයි පහුගිය සති අන්තයේ සිද්ධ උනේ... සතුට වැඩිකමට සති අන්තයේ තිබ්බ මහන්සියත් අමතක උනා. ඒ වගේම ලොකු සතුටක් හිත පුරාම රැඳිලා තිබුන සති අන්තයක් :)

ඉදිරි දවස් මගේ තනිකඩ ජීවිතයේ ලොකු වෙනසක් වෙන කාළයක් වේවි...

36 comments:

  1. එහෙනං පොස්ට් එහෙම අඩුවේවි ,හැබැයි වැඩ වැඩිවේවි ..

    ReplyDelete
  2. හරි හරි ... අවසන් තීරණේ හම්බුනානේ... අපෙනුත් සුබ පැතුම්... :)

    ReplyDelete
  3. ලඟදිම එහෙනම් මධූටත් මංගල සීනූ හැඬවෙයි.

    සුබ පැතුම්…!!!

    ReplyDelete
  4. උබ කිවුවට හිත කලබල කරගන්න එපා.ඔක නිකන් අමු අඹ කනව වගෙ සින් එකක් හොදේ.
    (උබ මාකෙල පැත්තෙද )

    ReplyDelete
  5. හේනම් උඹත් කරත්තේ බඳින්නයි යන්නේ ඈ . . එල එල සුභ මංගලම් කිව්වා ඈ . ..

    ReplyDelete
  6. එහෙනං ඩබල් මෙට්ටයක් අරං හෙලවෙනකොට "කිරි කිරි" ගාන්නැති ඇඳකුත් ගන්ඩ වෙයි.

    ReplyDelete
  7. හොඳයි.. හොඳයි.. පිළිගන්න මගේ උණුසුම් සුබපැතුම්..!

    ජය වේවා!

    ReplyDelete
  8. සුභ පැතුම් මධු මල්ලි ට! හම්බුනු ගෑස් ලිපෙන් ළඟදීම දවසක රස රස කෑම ගොඩා...ක් දෙන්න එක්ක හදලා කා ගෙන කා ගෙන යන්ඩ ලැබේවා!

    ReplyDelete
  9. මධුරංගටත් එහෙනං ජය සිරි මංගලම් කිව්වා ඔන්න. සටහන හෘදයංගමයි

    ReplyDelete
  10. හෙහ් හෙහ් තව ටික කාලෙකින් ජිවිතේ ගැන හර බර පෝස්ට් වැටෙයි.. සුබ පැතුම්..

    ReplyDelete
  11. හොඳා හොඳා පස්සෙ හොඳ ඩබල් ඇඳකුත් අරං දෙන්න කියපං,ඒක නෙවෙයි යකෝ මාමණ්ඩිට ගල් බාගයක් තියන්න ලැජ්ජ නැද්ද බ්ලැක් නැත්නං අඩුතරමින් රෙඩ් ලේබල් එකක්වත් තියන්න එපැයි බං.

    ReplyDelete
  12. නපුරු කලට සත හට පැමිණෙන වෙහෙස
    එදුරු නොවෙයි කල කම් පල දෙවා මිස ..

    විහිලුවට ලීවේ හොඳේ
    එහෙනම් එකත් ජයසිරි මංගලම් කිවලු

    ReplyDelete
  13. හෑ. මධුත් මේ අව්රුද්දෙ බදිනවා එහෙනම්. අගෝස්තු මාසේ වෙන්නැති අනිවාර්යයෙන්ම. එකත් ජයසිරි මංගලම් කිවලු එහෙනම්.

    ReplyDelete
  14. හා හා තෑගිත් ලැබිලා එහෙනම්... අපි නම් කලින්ම දන්නවා හැපී නිවුස් එක. අයියා කිවුවා නොවෑ ^_^

    ReplyDelete
  15. එ්කත් ජයසිරි මංගලම් කිව්වලු...

    ReplyDelete
  16. මරුනෙ කොල්ලෝ..

    ReplyDelete
  17. යකෝ අදත් මඤ්ඤොක්කා ඇරියද.. යවන්න තිබුනේ කොහෙන් හරි හොයලා දෙල් ගෙඩි දෙක තුනක්.. :D

    ReplyDelete
  18. හා හා, අපි නම් ඉතින් නිවුස් එක කලින්ම දන්නවනේ.. එහෙනම් සුබ වේවා කියලා තමයි කියන්න වෙන්නේ..

    ReplyDelete
  19. උණුසුම් සුබ පැතුම් මධුට...අර හරී කියන්නා වගේ ෂෝක්නේ. :D

    දැන් මෙතනට එන කට්ටිය එන අවුරුද්ද දිහාවට නැන්දිලා, මාමිලා වෙයි ඔන්න. ඒ වගේම වෙනත්ම මාතෘකා යටතේ පෝස්ට් ලියවෙයි. :)

    ReplyDelete
  20. ගල් බාගෙට මාමණ්ඩිය තනියම වග කිවුවද?

    ‍ඔන්න මගෙනුත් ඉදිරි කටයුතු සියල්ල සාර්ථක වෙන්න කියල සුබ පැතුම් !!

    ReplyDelete
  21. සුභ පැතුම් මධු... හෙනං ජයට මගුල් කමු අපි..

    ReplyDelete
  22. එහෙනං
    ඒකත් සිරි සුභ මංගලම්

    ReplyDelete
  23. මදෑ... මං හිතුවෙ මෙයා දැනටම බැදල කියල... හි හි....

    අපිත් තාම උයන්නෙ වෙඩිමට හම්බුන තනි ලිපේ ගෑස් කුකර් එකකින්... දැං නං එයා ටිකක් දැලි බැඳෙන්න පටං අරං නිසා වෙන එකකට මාරු වෙන්න කාලෙ හරි... හි හි

    ReplyDelete

  24. ඔන්න බෑණෝ අපේ කෙල්ල ලව්වා උයවනවා එහෙම නෙවෙයි.. දෙන්ම උයන්න ඉගෙනගන්නවා හොඳයි.. කියල තමයි ලිපක් කලින්ම එවල ඇත්තෙ,. නැත්නම් කොහොමද අරයා ඒක කියන්නෙ ? හ්ම්ම්
    අහෝ නිදහස !! ඔබ මාහැර යන්න ඇත්තේ කෙටි කලකි...

    ReplyDelete
  25. @ හිරූ, ඕක ගෙනාපු දවසෙ ඉඳලම සුද්ධ කළේ නැද්ද? :D

    ReplyDelete
  26. All :
    හැමෝගෙම සුබ පැතුම් වලට ගොඩක් ස්තූතියි.. !!

    ReplyDelete
  27. ආව් ආව් නියමයිනේ අයියා :D

    කිරිබත්ගොඩ පැත්තෙද ඉන්නේ අයියා ?

    ReplyDelete
  28. අපි ගානේ ගෑස් ටැංකියක් අරන් දෙන්නම් :)

    ReplyDelete
  29. අහෙනම් ඊලග පාර ගැස් ටන්කියකුත් ගෙනත් දේවි :-)

    ReplyDelete
  30. සුභ පැතුම් මලේ...

    ReplyDelete
  31. සුබ පැතුම් මධු...හරිම සරලව අවංකවම ලියපු පොස්ට් එකක්. ඔය විදියට බැන්ඳට පස්සේත් අපිට සේරම කියන්න ඕන හොඳේ :D :D

    ReplyDelete
  32. එහෙනම් ලගදීම අපිටත් වෙඩින් cake හම්බ වේවි.. සුබ පැතුම් ඈ :D

    ReplyDelete
  33. සුබ පැතුම් අයියා

    ReplyDelete
  34. අනේ ඉක්මනටම වැටියන් වලේ

    ReplyDelete
  35. අප්පේ හරිම සන්තෝසයි...කසාදෙ තීන්දු වෙච්ච හැටියේම අපේ උන්ද කියල කියන්න පටන් අරගෙන නේ...හොඳා හොඳා

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.