09 April 2014

මාර්කටින් බුවෙක් සමග කුඩේ යටින් ගියෙමි

මේ දවස්වල අපට හවසට හවසට වහින හන්දා මගේ ගමන් මල්ලේ අනිවාර්ය දේවල් ගොඩට කුඩයකුත් එකතු කරගෙන ඉන්නවා. නැත්නම් මේ වහින වැහි වලට තෙමුනොත් හෙම්බිරිස්සා හැදෙන එක නවතින එකක් නෑ..

හෙම්බිරිස්සාව තමා මට තියෙන සුළභම අමාරුම ලෙඩේ... !

අද කියන්ඩ ආවේ හෙම්බිරිස්සාව ගැන නෙමේ. ඔහොම වහින දවසක මම් වැඩ ඇරිලා අපේ පාරේ බස් එකකට ගොඩ උනා ගෙදර යන්ඩ. කොහොමින් කොහොමහරි පෑ එකහමාරකට විතර පස්සේ කනත්ත හන්දියට බස් එක ආවා.

බස් එක  කනත්ත හන්දියෙන් නැවැත්තුවාට පස්සේ මම බැහැගත්තා.ඒත්තෙක්කම තව කීපදෙනෙකුත් බස් එකෙන් බැස්සා. මම බැහැපු හැටියෙම වාගේ කුඩේ දිගෑරගත්තා. ඒ වෙලාවෙම මං දැක්කා මට ටිකක් ඈතින් කොල්ලෙක් වැස්සේ තෙමීගෙන පාර පනින්ඩ බලාගෙන ඉන්නවා.

මම ඌ ගාවට ඇවිත්,

"තේවත්ත පැත්තට ද යන්නේ ?" කියලා ඇහුවා.

"ඔවු.." ඒකාත් උත්තර දුන්නා.

"එහෙනං තෙමෙන්ඩ ඕන නෑ... මේ කුඩේ යටිං යං. මාත් යන්නේ ඒ පැත්තට." මම කිව්වා.

ඔහොම ටික දුරක් පාර දිගේ ආවා. ඕං ඊට පස්සේ මූ දිගටම මාර්කටින් කතා ගොඩක් කියපි. මූ ක්‍රෙඩිට් කාඩ් මාර්කටින් කරන බුවෙක්. දැන් මේකා සෑහෙන ට්‍රයි එකක් දානවා ක්‍රෙඩිට් කාඩ් වල වාසි ගැන කියලා මාව නම්ම ගන්ඩ.

මම කලිනුත් කියලා තියෙනවා නෙහ්.. මට ක්‍රෙඩිට් කාඩ් වැඩක් නෑ කියලා.

මම කෙලින්ම කිව්වා මම නම් ඔය ක්‍රෙඩිට් කාඩ් සීන් වලට කැමති නෑ කියලා. මූ ඒත් අහන්නේ නෑ දිගටම දේශනාව. ගැලවීමක් නෑ.. මූව තෙමෙන්ඩ ඇරලා මං අහක බලාගෙන ආවා නං හරි කියලත් හිතුන වාර අනන්තයි.

ටික දුරක් ඇවිදගෙන එනකොට මට පොඩ්ඩක් ඉන්ඩ කියලා මේකා ෆෝන් එකට කාඩ් එකක් දාගන්ඩ කොමිනිකේශන් එකකට ගියා.

මම ඒක වෙලාව කරගෙන මූව එතන දාලා අඩිය ඉක්මන් කරලා ගෙදර ආවා.

ඊට පස්සෙත් කීප දවසක් මූව හම්බ උනත්  මම නෙමේ ඇහැක් ඇරලා මුගේ දිහෑ බැලුවේ. මේකාටත් වැඩේ තේරිලාද කොහෙද මගෙත්තෙක්ක කතාවට ආවේ නෑ.

 මේ වාගේ මිනිස්සුන්ට නං උදව්වක් කරන්ඩත් එපා වෙනවා. වෙලාවකට හිතෙනවා මමත් නිකන් අහක ඉන්න නයි ඇඟේ දාගත්තද කියලා.

24 comments:

  1. එක අතකට බලන් ගියාම මනුස්සයෙක්ට උදවු කරනත් බයයිනෙ පිස්සු මිනිස්සු.

    ReplyDelete
  2. මනුස්සයෙකුට උදව් කරන්නේ ඔහොමද ආ.. ඔටුවෝ...

    ReplyDelete
  3. පව් කියලා ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න හිතුණේ නැද්ද මධු අයියට? ඔහොම වෙලාවට නම් උදව් කරන්නත් එපා වෙනවා...

    මමත් ප්‍රතිපත්තියක් වශයෙන් කවදාවත් ක්‍රෙඩිට් කාඩ් එකක් පාවිච්චි කරන්නේ නැහැ කියලා හිතන් ඉන්නවා...

    ReplyDelete
  4. ඔහොම ටොපි කිහිපයක්ම සෙට් වෙලා තියන හන්දා මම නං දැන් කාවවත් බයික් එකට දාගන්නේ නැ අදුරන උන් ඇරෙන්ඩ

    ReplyDelete
  5. උඹට එපා නං ක්‍රෙඩිට් කාඩ එක අරං මට දීපං.

    ReplyDelete
  6. හය්යෝ මදැයි උදව් කරන්න ගියා...

    ReplyDelete
  7. බාගෙට උදව් කරල වෑඩක් නෑනේ මොනව උනත්...මාර්කටින් කියන්නෙත් කික් එකක් තියෙන සබ්ජෙක්ට් එකක්නේ... මට වගේ සෙට් උනා නම් ගෙදරටම ඈරලවලා එනවා.. :D

    ReplyDelete
  8. හි හි... ඇයි රක්ෂණකාරයෝ? ඒත් ඔය වගේ.

    ReplyDelete
  9. මමනම් හතුරෙකුට උනත් කියන්නේ credit card නම් ගන්න එපා කියල. Business කරන කෙනෙකුටනම් පොඩි රෝලක් ගහන්න පාවිච්චි කරන්න පුළුවන්.

    ReplyDelete
  10. හෙහ්, අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීම කියන්නේ ඔන්න ඕවට තමයි මධු අයියේ..

    ReplyDelete
  11. පිටරටවල ඇවිදිනකොට නම් ක්‍රෙඩිට් කාර්ඩ් එකක් ලඟ තියෙන එක හොඳයි. සල්ලි නාස්ති කරන්වද නැද්ද කියන එක තියෙන්නේ තමන් අතේනේ. ඒ හන්දා තියෙන පලියට පාවිච්චි නොකර ඉන්ට පුලුවනි.

    පව් අප්පා ක්‍රෙඩිට්කාර්ඩ්කාරයා...:)

    ReplyDelete
  12. එක පාරක් 'එපා' කිව්වම ආයෙ ආයෙ එක එක ඒවා ඇඟේ ගහන්න හදන ඔය වගේ මාර්කටිං කාරයෝ එක්ක නම් පුදුම වදයක් තමා අප්පා තියෙන්නේ....

    හැබැයි මට නම් ක්‍රෙඩිට් කාර්ඩ් පාවිච්චි කරද්දී වියදම් අඩුයි. මොකද වියදම කොහොමද, මොනාටද වැඩියෙන් වියදම් කරලා තියෙන්නේ කියල හොඳට මොනිටර් කරතහැකි නේ. මාසේ වියදමට ගැලපෙන්නේ අඩු ලිමිට් එකක් තියෙන කාඩ් එකක්.

    ReplyDelete
  13. අපේ ගම්පලාතේ මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයා මේ ලඟදි දවසක අපේ ගෙවල් පැත්තේ ආවා. මම හිතුවේ වෙනදා වගේ පරිසරය සුරැකීම පරීක්ෂා කරන්න ආවා කියලයි. මිනිහා මට ධර්ම දේශනාවක් කරන්න පටන් ගත්තා ජීවිත රක්ෂණයේ අගය ගැන. බලනකොට මිනිහා විශ්‍රාම ලබා රක්‍ෂණ සමාගමකට බැඳිලා.

    ReplyDelete
  14. මටනං පේන්නම බැරි ජාතිය තමයි ඉන්ෂුවරන්ස් කාරයො. එකපාරක් හරි කතාකළොත් ආයෙ ගැලවිල්ලක් නෑ.

    ReplyDelete
  15. මටත් ඔහොම් සීන් එකක් වුනා , එකෙක් ඔෆිස් එකට ඇවිත් මාම්කොච්ච්ර එපා කිවත් ක්‍රෙඩිට් කාඩ් එකක් ඇඟේ ගහන්නම හදනවා . එපා කියනවා කියනවා මේකා අහන්නෙම නෑ ..කට්ටිය ටිකක එහා මෙහා වෙනකම් ඉඳලා මම
    "මේ ________තෝ මට ඕවා එපා " කිව්වා විතරයි .තැනක් යූ සර් කිව්වා මිනිහා ගියා

    ReplyDelete
  16. චතුරංග ප්‍රියශාද් (ප්‍රියා) :
    ඒක නං එපා වෙනවා..

    දේශක යා :
    ඒ වගේ මිනිස්සුන්ට උදව් කරන්නේ කොහොමද අප්පා..

    සිතුවිලි සිතූ :
    එහෙනං නංගිත් මං වාගේ. මාත් කාඩ් ගන්නේ නෑ..

    ReplyDelete
  17. අටම්පහුර :
    අපොයි ඔවු.. මාත් ආයේ යන්නේ නෑ එහෙම උන්ට උදව් කරන්ඩ.

    පත්තර මල්ලි :
    උබ ගනියි මම ගෙවයි ! :)

    Miyuru :
    ඒකනේ... :)

    ReplyDelete
  18. සුසී :
    අපොයි ඔවු.. මාර්කටින් කියන්නේ පට්ට ට්‍රිකි ජොබ් එකක් මම හිතන්නේ. උන් දාන්නේ මාර ට්‍රික්ස් !

    කුරුටු ගෑ ගී පොත :
    රක්ෂණකාරයෝ නං තාම සෙට් වෙලා නෑ..

    Deeptha Samarasinghe :
    මම බිස්නස් කරන්නෙත් නෑ නේ...

    ReplyDelete
  19. Dinesh :
    ඒකනේ මල්ලි... උන් හදන්නෙම අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න..

    Podi Kumarihami :
    එතකොට මම පවු නැද්ද සුදා... :)

    ηiRσ :
    මට නං ඕවෑ ඒ හැටි පුරුද්දක් නෑ නිරෝ.. අනික ණය ගන්න එක මගේ ඩික්ෂනරියේ නෑ...
    ඒක නෙමේ ග්‍රීක් අකුරු වලින් ඔයාගෙ නම ලියලා තියෙන විදිහ මරු !

    ReplyDelete
  20. Wicharaka Asami Dakimi Soyami :
    හෙහ්... මාර වැඩ තමා විචාරක අයියටත් සැට් වෙන්නේ...

    දිනෙල්ක :
    ඒකනේ... :)

    Praසන්ன :
    තාම නම් මට එවුන්ගෙන් කරදරයක් වෙලා නෑ..

    ReplyDelete
  21. ඉවාන් පවුලූශා :
    ඌ අකුලගෙන යන්න ඇති නෙහ්.. වෙලාවකට හිතෙනවා උන් පවු කියලත්...

    ReplyDelete
  22. මාර්කටින් ජොබ් එක එයාට හොඳට ගැලපෙනවා ඇති...

    ReplyDelete
  23. මම වුණා නම් මෙලහට ක්‍රෙඩිට් කාඩ් එකක් අරන් අරු පව් කියල.. හෙහ් හෙහ් උගෙත් රස්සාවනේ ඉතින් ..

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.