ඔය දෙල් මඤ්ඤොක්කා කතාව පටන් ගන්නේ මෙහෙමයි.
අපේ ගෙදර කට්ටියට සුදු නෝනලාගේ ගෙදරින් ආරාධනාවක් ආවා. ඒ ආරාධනාව ආවේ අපේ කටයුත්ත ගැන කතා කරගන්ඩ ගෙදරට එන්ඩෙයි කියලා. ඉස්ස ඉස්සෙල්ලම ඒයැයිලෑ ගෙදර යන දවස නෙ. ඒ නිසා තෑගි බෝග එහෙමත් අරන් යන්ඩ එපෑ.
අපට උදේ කෑමටයි දවල් කෑමටයි එන්ඩ කිව්ව නිසා කේක් එකක් විතරක් හරි යන්නේ නෑ කියලා හිතුන නිසා මම කල්පනා කර කර හිටියා මොනවද තව ගෙනියන්නේ කියලා.
එතකොටම අපේ තාත්තා කිව්වා "අපි එහෙනං මංඤ්ඤොක්කා ගහක් ගලවගෙන යමු" කියලා.
මමත් ඒ යෝජනාව ස්ථිර කරගෙන වත්තේ වවලා තිබුනු මඤ්ඤොක්කා පදුරක් උගුල්ලගෙන මල්ලකට දාගත්තා.ඒක එසේ මෙසේ මඤ්ඤොක්කා වර්ගයක් නෙමේ. ඒක කිරිකවඩි කියන මඤ්ඤොක්කා ජාතිය ! මී ඉටි ටික වාගේ තැම්බෙනවා !
මඤ්ඤොක්කා මල්ලයි කේක් එකයි ඉස්සර කරගෙන අපි වෑන් එකේ ඒයැයිලෑ ගෙදර ගියා.කේක් එක මේසෙන් තියලා මඤ්ඤොක්කා මල්ල එයාලෑ අම්මා අතට දුන්නා.
අපේ එක්කෙනා ඒ මල්ල ඇතුල බලලා ඇස් නළලේ තියාගත්තා.
මටත් ඒක ඒ හැටි ගානක් උනේ නෑ.. පස්සේ ගෙදර ආවහම තමා ඇයි උඩගිය කතාව තේරුනේ... !
"මොකද්ද අනේ ඔයාලා මඤ්ඤොක්කා ගොඩක් අරගෙන ආවේ ???"
"ඇයි මොකද්ද ඒකේ තියෙන වැරැද්ද ?" මම ඇහුවා.
"වැරැද්දක් නෑ.. ඒ උනාට මට ගෙදර ඉදලා හමාරයි."
"ඒ මොකෝ ඒ...???" මම ආයෙම ඇහුවා.
"ඒක ටිකක් දිග කතාවක් !"
"දිග උනාට කමන් නෑ. කෙටියෙන් කියන්ඩකෝ !" මම පෙරැත්ත කලා.
"මෙහෙමයි.... අපේ තාත්තා අම්මව බලන්ඩ ආපු පලවෙනි දවසේ ගෙනල්ලා තිබුනේ දෙල් ගෙඩි දහයක්... අපේ තාත්තා දෙල් ගෙනාපු එක අල්ලගෙන අපේ අම්මා සෑහෙන කාළයක් තාත්තට විහිලු කරලා තියෙනවා. අපිත් තාත්තට විහිලු කළා ගෑල්ලමයෙක් බලන්ඩ යනකොට දෙල් ගෙනියනවද කියලා. අද ඔයා මාව බලන්ඩ එද්දි මඤ්ඤොක්කා ගෙනාවහම තාත්තා කියනවා 'එදා මම දෙල් ගෙනාවට මොකෝ අද ඒ පුතා මඤ්ඤොක්කා ගෙනත් තියෙන්නේ... !!' කියලා. මට ඉතිං ගෙදර ඉදලා හමරයි. ! "
ඔන්න එහෙමයි ඒ දුරකතන ඇමතුම කෙලවර උනේ... !
ආයේ ඉතිං අපි ඔය කතාවක් දන්නවා යෑ.. කටවහරෙටත් කියන්නේ තෑගිබෝග කියලනේ.. තෑගියි බෝග ජාතියි ! අපි තෑග්ගට කේක් එකක් අරගෙන බෝගයට මඤ්ඤොක්කා ගෙනිච්චා !
හැබැයි අපරාදේ කියන්ඩ බෑ ගෙදර කට්ටිය විහිලු කර කර උන්නට වේල් දෙකක්ම මඤ්ඤොක්කා තම්බගෙන කාලා තිබුනා.
මම ඉතින් මේ කතාව අමතක නොවෙන්ඩ බ්ලොග් එකේ කොටලා දැම්මා... කවදාහරි දවසක මේ කතාව මතක් කරගත්තෑකි නෙහ්. :)
මේකනං අපූරු කතාව තමා... කොහොම උනත් මාමණ්ඩියා උඹට පණ වගේ ආදරේ කරයි කියලා මට බුදු ෂුවර්.. මොකද අවුරුදු ගානකට පස්සේ හරි මෑන්ගේ ජාම බේරලා දුන්න බෑනා පොඩ්ඩ නෙව.. :D
ReplyDeleteඅනික ඔක්කොම සුදුසුකම් යට ගිහින්, මාමා උඩින්ම කැමති උනාලු. මං කල්පනා කරේ මේගොල්ලන්ගෙ ගෙදර දෙල් ගහක් එහෙම තිබ්බ නම් මොනායින් මොනා වෙයිද කියලා, එහෙනම් මාම එවෙලෙම බදාගෙන ඉඹිනව ආයෙ දෙකක් නෑ
ReplyDeleteහරී අක්කා
මාමටම හරියන බෑනෙක් . අපිටත් දැනගන්න මේක කිව්ව එකනම් වටිනවා .
ReplyDeleteකොයිකත් වෙන්නේ හොඳට හා හා මරු මාමයි බෑනයි
ReplyDeleteමරැ තෑග්ගක්නේ මලේ. මාමන්ඩිට හරි සතුටු ඇති ගැලපෙන බෑනෙක් ලැබුණට. ජය!
ReplyDeleteඋඹ මඤ්ඤාක්ක අරං ගියෙ දෙල් කතාව දැනගෙනම වෙන්න ඇති නේද.
ReplyDeleteමංඥොක්ක එක්ක ගල බෝතලේකුත් ගෙනියන්ඩෙපෑ !!!
ReplyDeleteකාරි නෑ ඊලඟ පාර අරං පලයන් ඈ .
මාමාගෙම බෑණා. තව අවුරුදු බර කාලෙකට පස්සෙ මධූගෙ බෑණා මොනවා ගෙනෙයිද කියලා මම මේ කල්පනා කරන්නෙ.
ReplyDeleteඋපදින උපදින ආත්මයක් ආත්මයක් පාසා මගේම බෑනාම වෙලා ඉපදියන් කියලා මමා ප්‍රාර්ථනා කරනව ඇති..
ReplyDeleteජය වේවා!!!
හෙහ් හෙහ්......... නරක්වෙලා තියෙයි මඤ්ඤොක්කා තම්බලා සැර කට්ට සම්බෝලෙකුත් හදලා තව ඉතිං ලෙයිය පෙයිය ටිකකුත් එකතු කරගත්තා නම්.
ReplyDeleteකොහොම වුණත් මධු අයියාගේ මාමා නම් ගොඩක් සතුටු වෙන්න ඇති මාමටම ගැළපෙන බෑනෙක් ලැබිලා ඉන්නවා කියලා..
ReplyDeleteඅපරාදේ කියන්න බෑ මාමටම හරි යන බෑනා..
ReplyDeleteIn case of an emergency, you are able to also monitor
ReplyDeleteARES (Amateur Radio Emergency Services) to know local activity within
the area and precisely what is being reported.
Keep in mind the fact that a service dog have to be trained to
complete specific tasks to mitigate your disability.
Treat these fish well and they will help stop working any debris inside aquarium
before it causes the ammonia levels to rise excessive.
my page :: ownbusinessnews
එහෙම තමා මාමලා බෑනලා. ජාඩියට මූඩිය වගේ ඉන්න ඕනා.
ReplyDeleteඔය ජාති දෙකටම මම නම් හරි පෙරේතයි.
ReplyDeleteඅපේ එක්කෙනාත් බඳින්න කලින් එද්දී කොස් දෙල් ගෙනාව අපි කන්න ආස නිසා. :D
තෑගි බෝග කියන වචනේ හරි තේරුම දැන ගත්තේ අදනේ.. මිට පස්සේ කොහෙ හරි යනකොට බෝගයක් අරන් යන්න ඕනේ... හෙහ් හෙහ් දෙල් මාමයි මඤ්ඤොක්කා බෑනයි.. මරු ජෝඩුව..
ReplyDeleteමාමන්ඩිටම ගැලපෙන බෑනා...
ReplyDeleteසිරා කතාව ඒක. එතකොට මෙච්චර කල්, වැඩි දෙනෙක් ගෙනියන්න ඕන ඒවයින් බාගයයි අරන් ගිහින් තියන්නෙ. :D
ReplyDeleteහෙහ්... මාමණ්ඩිය මඤ්ඤොක්ක වලින් බයිට් එකක් හදාගෙන අනුමත වෙන ගමං බෑනගෙ ගුන ගායනා කළා කියල ආරංචි උනේ නැද්ද?
ReplyDeleteමරු කතාව.. මාමගේ හෙවනැලි බෑනා... හැක්..
ReplyDelete@චතුරංග ප්‍රියශාද් (ප්‍රියා)...
ReplyDeleteමොනවද ඉතිං මමා දෙල් ගෙනාවා.. මේ බෑනා මඤ්ඥොක්කා ගෙනාවා.. බෑනගේ බෑනා කොස් තමා ගේන්නේ...
බෝගයත් සමග බාගයකුත් ගෙනයාම සුදුසුය
ReplyDeleteඊලඟ පාර නොවැරදීම දෙල් ගෙනියන්ට හොඳේ...ඒ බෝගලුනේ...තෑගි වලට ඉතින් චොක්ලට් උණත් කමක් නෑ.
ReplyDeleteමාරයාගේ හෝරාව :
ReplyDeleteමාරයා අයියෑ කටට මසුරන් දාන්ඩ ඕන. ඔහොම්මම නැතත් ඔය කතාව මට උන්දැම කිව්වා..
Anonymous :
වෙලාවට අපේ දෙල් ගහ කපලා දාලා ගොඩක් කල්...නැත්නං දෙල් තමා අරන් යන්නේ :)
Gimhani :
ඒකනේ... මම බ්ලොග් එකේ ලියලා දැම්මේ..
Bindi :
ReplyDeleteඔවු.. ඔක්කොම වෙන්නේ හොඳට !
Chandana Gunasekera :
ඔක්කෝටම වඩා සතුටුයි ලැජ්ජාවෙන් බේර ගත්තට..
Helapa kade :
අපෝ නෑ.. මම ඒ කතාව දැනගෙනම හිටියේ නෑ.. මම මඤ්ඤොක්කා ගේනවා කියලා දන්නවා නං ගේන්න එපාම කියනවා කියලා තමා සුදු නෝනා කිව්වේ.
පත්තර මල්ලි :
ReplyDeleteඅම්මටසිරි.. මගේ කටට කෙලත් ඉනුවා. මොකෝ කියන්නේ ලංකාවට ආපු දවසක සෙට් වෙමුද ? උබ නං පට්ට කොල්ලෙක් !
චතුරංග ප්‍රියශාද් (ප්‍රියා) :
ඊට කලින් නෑනෑ පොඩ්ඩ බලන්ඩ එන එකා මොනවා ගෙනෙයිද කියලා බලන් ඉන්නේ..
සී.ජේ. විදානේ. :
අනේද කියන්නේ... එහෙම කියනව ඇති.. !
Wicharaka Asami Dakimi Soyami :
ReplyDeleteකිලෝ එකක් විතර කතහැකියි.. !
අම්මෝ මරු කෑමක්නේ.
සිතුවිලි සිතූ :
සතුටුයි නේන්නම්.. උන්දැව දැක්කහම මට හිනා.. මව දැක්කහම උන්දැට හිනා !
Dinesh :
ඒකනේ මල්ලි !
සයුරි :
ReplyDeleteඅනේද කියන්නේ... :)
ηiRσ :
ඔය කියන්නේ.. ඒ කියන්නේ මම විතරක් නෙමේ ඔය ජාති ගෙනාවේ.. :)
Pathum Herath :
ඒකනේ අයියා.. කතාවටත් කියන්නේ තෑගි බෝග කියලනේ.. ගෙනියන්ඩ ගෙනියන්ඩ.. තෑග්ගක් ගත්තොත් බෝගයක් ගන්ඩ
sAm (සෑම්) :
ReplyDeleteනැතුව නැතුව.. :)
Chandana :
ඒකනේ.. ගෙනියනකොට ෆුල්ම ගෙනියන්න ඕන.. තෑගි බෝග !
Praසන්ன :
මාමා අනුමත උනා කියලා නං ආරංචි උනා.. ගෙදර තිබ්බ කොටයක් හිමිහිට ඇද්දා ලූ..
දේශක යා :
ReplyDeleteහෙවනැලි බෑනා ?? ඒ මොකාද ඒ ?
මාරයාගේ හෝරාව :
කොස් ගේන්නේ නෑනෑ පොඩ්ඩ බලන්ඩ එන එකා ලූ.
Pra Jay :
අපොයි ඔවු.. අනිත් පාර ගෙනියන්ඩ ඕන.. උන්දෑ බාගෙම අදියි.
Podi Kumarihami :
ReplyDeleteහෙහ්... තෑග්ග පොඩි කරලා බෝගය ලොකු කලා නං හරි. අනිත් පාර එහෙම ට්‍රයි කරලා බලන්ඩෝන.
මේ කතාව කියවනකොට මතක් වෙන්නෙ රෝහණ මහත්තයගෙයි බන්දුල මහත්තගෙයි සිංදුව..
ReplyDelete