28 April 2011

පාස්කු ඉරිදා


2011 අවුරුද්දේ පාස්කු ඉරිදා යෙදිලා තිබ්බේ හරියටම අප්‍රේල් 23 වෙනි ඉරිදා දවසේ. නමුත් එදා මට පෝස්ට් එකක් දාන්න බැරි උනා. මොකද මා ලග තිබ්බ කරුණු ප්‍රමාණවත් නැති හන්දා.ඒ නිසයි අද පෝස්ට් එක දාන්න හිතුවේ.

කවුරුත් දන්න විදිහට ජේසුස් වහන්සේ මහ සිකුරාදා දවසේ අපවත් වෙනවා. (උකුත් වෙනවා)ජේසු තුමා උකුත් උනාට පස්සේ අරිමාතියේ ජෝශප් කියන තරුණයා පිලාත් ආණ්ඩුකාරයාගෙන් ජේසුස් වහන්සේගේ මෘත දේහය කුරුසියෙන් බාගෙන ගල් ලෙනක තැන්පත් කරන්න අවසර ඉල්ලනවා. ඔහුට අවසර ලැබෙනවා.ඒ අවසරයෙන්, ඔහු ජේසුස් වහන්සේගේ මෘත ශරීරය නොඉදුල් ගල් ලෙනක(කිසිදු මෘත ශරීරයක් තැන්පත් නොකල) තැන්පත් කරනවා.

අන්තිමේදි පිලාත්ට මතක් වෙනවා ජේසු තුමා දවස් තුනකින් මරණින් නැගිටිනවා කියලා කිව්ව බව. බැරිවෙලාවක වත් ජේසුතුමාගේ ගෝලයෝ ජේසුගේ මෘත ශරීරය හොරෙන් අරන් ගිහින් ජේසුතුමා උත්ථාන උනා කියලා කියන්නත් බැරි නැති හින්දා මේ ගල්ලෙන මුරට සෙබලුන්ව යොදවනවා.මේ ගල්ලෙනේ දොර, ලොකු ගලකින් වහනවා.

මහ සිකුරාදා ඔහොම තැන්පත් කරපු ජේසුගේ මෘත ශරීරයට සුවද විලවුන් ගල්වන්න කියලා මග්දලා කියන ගමේ මරියා කියන ගෑනු කෙනාත් තවත් ජෙරුසලම් ස්ත්‍රීන් කිහිප දෙනෙක් එනවා. එහෙම එද්දි එයාලා දකිනවා ගල් ලෙන වහපු ගල ඉවත් කරලා කියලා. ඒ අය ඊට පස්සේ ගල්ලෙන ඇතුලට ගියාට පස්සේ ජේසු තුමාගේ මළ සිරුර දකින්න ලැබෙන්නේ නෑ.එතකොටම දේව දූතයෙක් මේ අයට කියනවා ජේසු තුමා මරණින් උත්ථාන උනා කියලා.

මෙ උත්ථාන වෙච්ච ජේසු තුමා තමන්ගේ ගෝලයන් වෙතට යනවා. ගෝලයන් බයවෙනවා හොල්මනක් ය කියලා. නමුත් ජේසු තුමා තමන්ගේ ගෝලයන්ට කතා කරලා කියනවා තමන්ගේ ඇගේ තියෙන වණ කැලල් දිහා බලන්න. විශ්වාස නැත්නම් තමන්ව ස්පර්ශ කරලා බලන්නැයි කියලා.අන්තිමේදි ගෝලයන් තේරුම් ගන්නවා මේ මරණින් නැගිට්ට ජේසු තුමාම තමයි කියලා.

ජෙරුසලම් ස්ත්‍රින් ජේසුගේ මෘත ශරීරයට බලන්නට ඒම හා ජේසුතුමා මරණින් නැගිටිම යන මේ කාරණා ටික තමයි පාස්කු ඉරිදට කිතුනු භක්තිකයෝ සිහි කරන්නේ. එදාටත් සුපුරුදු පරිදි පූජාවක් තියෙනවා. මේ පූජාවේදි ප්‍රසාද ස්නාපන පොරොන්දු ඒ කියන්නේ පුංචි දරුවෙක් හෝ වේවා වැඩිහිටියෙක් හෝ වේවා ඕනම කෙනෙක් කතෝලික ආගමට එනකොට ආගමික වශයෙන් පොරොන්දු වගයක් දෙනවා.(යක්ශයා හා උගේ පරීක්ශා දුරු කරනවා, ගෝලයන්ගෙන් පැවතගෙන එන කතෝලික දහම ගැන විශ්වාස කරනවා.... ඔයවගේ පොරොන්දු ටිකක්.) අන්න ඒ පොරොන්දු අලුත් කරනවා.

පුංචිම ළමයෙක් කතෝලික ආගමට ගනිද්දි එයාට ඔය පොරොන්දු ගැන අවබෝධයක් නෑ. අනිත් එක තමයි එයාලට කතා කරන්න බැරි හින්දා එයාලා වෙනුවට එයාලගේ ඥාන මව්පියෝ (අම්මයි අප්පච්චියි නැති කාලේ ඒ දරුවාව බලාගන්නවා ය කියලා දෙවියන් ඉදිරියේ පොරොන්දු වෙන නෑයෝ දෙන්නෙක්.ගෑනු කෙනෙකුයි පිරිමි කෙනෙකුයි. ) ඒ පොරොන්දු දෙනවා.ඊට පස්සේ ඒ දරුවා ලොකු මහත් උනාට පස්සේ ඒ පොරොන්දු ආයෙම අලුත් කිරීමක් සිද්ධ කරනවා.

පාස්කු ඉරිදායි පස්සේ චතාරික කාලයේ දින හතලිහ ගෙවිලා ඉවර වෙනවා. ඒ වගේම තමයි නත්තල් දවස ඇරෙන්නට තිබ්බ උතුම්ම මංගල්‍ය දවස් ටිකත් ගෙවිලා යනවා. එහෙනම් ගිහින් එන්නම්

ලෝ වැසි සියලුම කිතුනුවන්ට සුභම සුභ පාස්කු මංගල්‍යයක් වේවා !!!!!

27 comments:

  1. ඇත්තටම කියන්න අය්යේ මම වෙන එක ආගමක් ගැනවත් හරියකට දන්නේ නෑ. ඒ නිසා මම වගේ උන්ට මේ වගේ පොස්ට් ගොඩක් වටිනවා.
    මම මේ ටික පී.ඩී.ෆ් වලට සේව් කොර ගත්තට කමක් නෑ නේද...?

    ReplyDelete
  2. සුභ පාස්කු මංගල්‍යයක් වේවා ඔයාටත්!

    ReplyDelete
  3. අනේ මධුරංගයෝ බීටට දාන්න ගිය කමෙන්ට් එකක් උඹට වැටුනා. ඒක අයින් කරපන්.

    උඹේ පෝස්ට් එක නම් සෑහෙන වටිනවා. හැබැයි උඹ ඔය විදියට බයිබලෙත් ලියල තමයි නවතින්නෙ. හික්ස්...!

    ReplyDelete
  4. ඒ ඥාන මව මඤ්ඤාත් සහ ඥාන පියා පඤ්ඤාත් වෙනවා.

    ReplyDelete
  5. අප්‍රේල් 24 වෙනි ඉරිදා තමා ඔතෝඩොx පාස්කුව.... තව විස්තර ඔනේ නම් http://www.visitgeorgia.ge/index.php?option=com_content&view=article&id=230&Itemid=250&lang=en

    ReplyDelete
  6. මේ පාර විතරයි පාස්කුව එකම දවසේ යෙදිලා තියෙන්නේ නෑත්තම තියන දවස් වෙනස්
    Easter 2011

    Ash Wednesday is 09 March
    Palm Sunday is 17 April
    Good Friday is 22 April
    (Western) Easter Sunday is 24 April
    (Orthodox) Easter Sunday is 24 April


    Easter 2012

    Ash Wednesday is 22 February
    Palm Sunday is 01 April
    Good Friday is 06 April
    (Western) Easter Sunday is 08 April
    (Orthodox) Easter Sunday is 15 April


    Easter 2013

    Ash Wednesday is 13 February
    Palm Sunday is 24 March
    Good Friday is 29 March
    (Western) Easter Sunday is 31 March
    (Orthodox) Easter Sunday is 05 May

    ReplyDelete
  7. මාලයි ආ..... අපි දන්නෙ නැති කොච්චර දේවල් තියෙනවද කියල තේරෙන්නෙ මේ වගෙ එව්ව කියෙව්වාම තමා :)

    ReplyDelete
  8. මාත් ආවා ඕන් මේ පැත්තට.දිගටම ආවට කමක් නෑ නේද?

    ReplyDelete
  9. ඔය සම්බන්ද කරුණු ඕනෑ නම් මට ටුස් ගාලා මේල් එකක් දාන්න පුලුවන්....

    hareenlaks@gmail.com

    මම මෙහෙම කිව්වෙ දන්නවා කියලා පෙන්නන්න නෙමෙයි... ඕනෙ වෙලාවක උදව්වක් දෙන්න ලෑස්තියි කියන්න ....

    සාමාන්‍යයෙන් කතෝලික සභාව ඔය දේවමෙහෙය තියන්නෙ පාස්කු ඉරිදා නෙමෙයි. පාස්කු ඉරිදා උදෑසනත් දේව මෙහෙයක් තිබ්බත් ප්‍රධාන දේවමෙහෙය තියෙන්නේ ඊට ඉස්සරින්දා ඉර බැස්සට පස්සෙ....

    එදා දේව මෙහෙයේදී ගින්දරත් , ජලයත් ආශිර්වාද කරනවා..
    එදාට පාස්කු ඉටිපන්දම කියලා එකක් දෙනවා.. ඒක කතෝලික ගෙවල්වල තියන් ඉන්නවා.. අකුණු ගහන වෙලාවට වගේ පත්තු කරන්න...ඒකෙන් ආරක්ෂාවක් ලැබෙයි කියලා විශ්වාස කරනවා...

    ආශිර්වාද කරපු ජලයත් ඒවගේම ගෙවල් වල තියා ගන්නවා රෝගීන්ට එහෙම දෙන්න...

    කතෝලිකයො ඉහලින් සැමරුවේ නැතිවුනාට පාස්කු තමයි උතුම්ම මංගල්‍යය.. නත්තල් නෙමෙයි....

    ඉතාම වටිනවා මේ වගේ මහන්සියෙන් කරුණු හොයලා ලිපියක් ලිවීම....

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම ඇතැම් කතා්ලික රටවල ජනතාව කියන්නේ ජනාතාව අතරට දෙවියන් පැමිණි පාස්කු මංගල්‍යය වඩා උතුම් උවත් වෙළෙන්දො නත්තල මාකට් කරනවා කියලා

      Delete
  10. ගොඩාක් ස්තුතියි යාළුවා..
    මට මේ ගැන දැන ගන්න ඕන උන නිසයි එදා දාන්න කියලා ඉල්ලිමක් කලේ..

    ReplyDelete
  11. @බීටා :
    ඔයාලා මේ ලිපි ටිකෙන් නොදන්න මොනවහරි දැනගත්තනම් ඒක තමයි මගේ සතුට.

    @නදී... :
    සුබ පැතුම් වලට තුති. ඔන්න අක්කා ඉල්ලෞ ඉල්ලිමත් ඉටු කලා එහෙනම්.

    @Kasun :
    හරි හරි ඒ කමෙන්ට් එක ඩිලීට් කලා.

    නෑ නෑ. මම මුලු බයිබලයම දාන්නේ නෑ. මෙච්චරයි ලියන්නේ.

    ReplyDelete
  12. @පිණිබිඳු... :
    බොහොම ස්තූතියි අඩුපාඩු ටික නිවැරදි කලාට. වෙන්ඩ මහත්තයා හින්දා දැන් පිණිබිදුත් යමක් කමක් දන්න පාටයි. හොදා හොදා.

    @සූර සරදියල් :
    බොහොම ස්තූතියි මල්ලි විස්තර වලට.

    @කුක්කු පැටියා :
    ඔව් පොඩි උනාට මේ දේවල් දැනගෙන ඉන්න එක වටිනවා.

    ReplyDelete
  13. @rajith :
    කමක් නෑ සහෝ. මමත් එන්නම් ඒ පැත්තේ.

    @හරී :
    මොකද්ද බං කලින් කියන්න එපයි. මමනේ දන්නේ හරිම විස්තර ටිකක් හොයන්න ගත්ත මහන්සිය. හරීගේ විස්තර ටිකට බොහොම ස්තූතියි.

    @Dinesh :
    නදී අක්කත් ඔය ඉල්ලීම කරලා තිබ්බා. මට කරුණු හොයන්න තමයි කල් ගියේ.නැත්නම් මෙලහකටත් ඔය පෝස්ට් එක දාලා.

    ReplyDelete
  14. අදත් වෙනදා වෙගේම කියනවා මේක තවත් වැදගත් ලිපියක් . ඇත්තටම මධුරංග අයියේ ඔයා කොහෙන්ද මේවා දැනකියාගත්තේ ඔන්න ප්‍රශ්නෙන් පිට පයින්න එපා .

    ඔයාට කියන්න ඔයා මේලියපු විශේෂ දින එකක්වත් ගැන මම හරියට දැනගෙන හිටියේ නෑ ඉතින් මචං අයියේ බොහොම ස්තූතියි අපිව දැනුවත් කරාට

    ReplyDelete
  15. @හිස් අහස :
    යාලුවන්ගෙන් අහලා තමයි දැන ගත්තේ කියලා කිව්වනේ මලේ. අනිත් එක තමයි මම ගියේ කතෝලික ඉස්කෝලෙකට.

    ReplyDelete
  16. නැතුව නැතුව. එයා පඤ්ඤා කෙනෙක් උනා ලඟදි.

    ReplyDelete
  17. @පිණිබිඳු... :
    කියන්න හිටියේ. ඔයයි ඔයාගේ වෙන්ඩ මහත්තයයි මාරම වාසනාවන්තයි ආගම් දෙකක ඉදලත් ගෙදරින් කැමැත්ත ලැබුන එකට. අපේ ගෙවල් පැත්තේ ඔහොම පවුල් දෙකක් මරා ගත්තා. ආගම් දෙකක දෙන්නෙක් යාලු වෙච්චි එකට. පුදුම මිනිස්සු ජාතියක් !!!!

    ඔය දෙන්නට සුබ පතමි !!!!

    ReplyDelete
  18. හුඟක් ස්තූතියි මධුරංග..

    ReplyDelete
  19. @ මධුරංග : හරි හරි ඉස්සරහට අහමුකො....

    @ සූර සරදියල්: මම දැනගෙන හිටියෙ නෑ ඔහොම දින දෙකක් තියෙනවා කියලා..

    ජේසු උත්ථාන උනෙ උකුත්වෙලා දින තුනකට පස්සෙනෙ ... ඉතින් ඔයා දන්නවාද ඇයි ඕතොඩොxලා පස්සෙ පාස්කුව සමරන්නෙ කියලා.....

    මට බැරිවුනා එක එක අවුරුදු වල සමරපු දවස් අතර සමානකම් හොයා ගන්න...

    ReplyDelete
  20. @හරී :
    සරදියෙල් මල්ලි ජෝර්ජියාවේ තියෙන ඕතොඩෝx ආගම ගැන කියන විස්තර වගේම හරී කියන මේ විස්තර ටිකත් ගොඩක් වටිනවා.

    සමානකම් ටික හොයා ගත්තොත් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. මෙතන කමෙන්ට් කලේ නැතත් හරීගේ බ්ලොග් එකේ හරි පෝස්ට් එකක් දාන්න. මම කියවන්න එන එක එනවමයි.

    ReplyDelete
  21. බොහොම කාලෙකින් කොමෙන්ට් එකක් දාන්නේ... පොස්ට් එක නියමයි!!!

    ReplyDelete
  22. මම ඕකට උත්තරයක් හොයන්න ගියා...

    හුඟක් තැන්වල කියලා තියෙන්නෙ සභාවල් දෙක කැලැන්ඩර් දෙකක් පාවිච්චි කරන නිසා දින දෙකක් ආවා කියලා

    එහෙම උනොත් අනිත් දිනත් වෙනස් වෙන්න ඕනනෙ...

    එතකොට සරදියෙල් කිව්වා වගේ අනිත් දවස් ඔක්කොම එකට ඇවිල්ලා පාස්කු දවස විතරක් වෙනස් වෙන්න බෑනෙ.

    ඒත් මෙතැන තියෙන්නේ සරදියෙල් කිව්ව විදිහටම තමයි...

    http://easter.fundootimes.com/when-is-easter.html

    ඒත් විකිපීඩියාවෙ තියෙන්නෙ අනිත් විදිහට මම බැලුවා ගොක් ඉරිදා සමරන දවස්...

    http://en.wikipedia.org/wiki/Palm_Sunday

    ප්‍රශ්නය තාම විවෘතයි...

    ඒ ගැන හොයන්න ගිහින් Easter Monday කියලා එකකුත් හම්බවුනා... ලංකාවෙ නම් ඔහොම එකක් නෑ....

    ReplyDelete
  23. බහු වාර්ගික බහු ආගමික රටක් විදිහට ආගමික සමඟිය කියන එක හරියට වටිනවා. ඒක නිසා අනිත් ආගම් ගැන අපි අවබෝධයෙන් සිටිය යුතුමයි. ඒක නිසා මේ වගේ ලිපි ලියවෙන එක ඇත්තටම කාලීන අවශ්‍යතාවයක්

    ReplyDelete
  24. @සනා :
    කමෙක්ට් කලාට ගොඩක් ස්තුතියි යාලුවා. ඔයාලගේ කමෙන්ට් මට ශක්තියක්.

    @හරී :
    අම්මෝ මාරම අවුලක් නේ යන්නේ ඒ ගැන හොයන්න ගියාම. ගොඩක් ස්තුතියි හරී මේ පිලිබදව වැඩි දුර හෙව්වට.

    @Hasitha :
    ගොඩක් ස්තුතියි මල්ලි අදහස් දැක්වීමට. මම මේ ලිපි ටික ලිව්වෙත් ඒ පිලිබදව කියාදෙන්න.

    ReplyDelete
  25. මරණින් උත්තාන වුණා කියන්නේ නිකන් සංකල්පයක් විදියට පිළිගන්න දෙයක් ද නැත්නම් ඇත්තටම සිද්ද වෙච්ච දෙයක් ද? ඇත්තටම සිද්ද වුණා නම් ඊට පස්සේ ජේසු තුමාට මොකද වුනේ? කුතුහලය නිසා අහන්නේ

    අනිත් එක ඔය කියපු මරියා කියන කාන්තාව ද මරිය මව්තුමිය විදියට හඳුන්වන්නේ නැත්නම් ජේසුතුමාගේ අම්මවද?
    මරියා මග්දලේනා කියන නම ගොඩක් තැන් වල මම අහල තියෙනවා..

    ReplyDelete
  26. දින තුනකින් නැගිටිනවානම නැගිටින්න ඕනා සදුදා නේ. ඉරිදා උනේ දින බලලා තියෙන්නේ කාගේ කැලැන්ඩරෙන්ද?

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.