
සිංහල අවුරුදු නිවාඩුවත් අතලගටම ඇවිල්ලා. හැම සැරේම වගේ මෙදාපාරත් සිංහල අවුරුද්දට සතියක නිවාඩු කාලයක් ලැබුනා. ඒ හින්දා ගෙදර යන්න කියලා හිතාගෙන ඉන්නේ.කාමරේ තියෙන අතට අහුවන අහුවෙන හැම ඇදුම් කෑල්ලක්ම බෑග් එකේ දාගෙන කම්පියුටර් එක ඉස්සරහට ආවේ ගෙදර යන්න කලින් සිංහල බ්ලොග් අවකාශයේ ඉන්න සහෝදර සහෝදරියන්ට අවුරුද්දටත් කලින් ම අවුරුද්දට සුබ පතන්න කියලා.
එක දවසක් විතරක්ම නෙමෙයි අවුරුද්ද පුරාම බ්ලොග් අවකාශයේ සහෝදරත්වය අපිත් එක්ක අත්වැල් බැදගන්න ඉන්න හන්දා සිංහල අවුරුද්දේ ඒ අයව අමතක කරලා කොහොමෙයි ඉන්නේ. ඒ හින්දා සිංහල බ්ලොග් අවකාශයේ බ්ලොග් ලියන හා සිංහල බ්ලොග් කියවන සියලුම දෙනාටත් ලබන්නා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සාමය සතුට සෞභාග්‍යය සපිරි සිරි සුබ නව වසරක් වේවායි පතන්නෙමි.
සමහර අවුරුදු වල අලුත් අවුරුද්දට ගමේ යන්න නිවාඩු දුන්නත් සමහරු යන්නේ නැති හන්දා මෙදාපාර අවුරුදු කාලේ හොස්ටල් එක තහනම් කලාපයක් කරලා ඒ හින්දා හැමෝටම යන්න වෙනවා. මට නම් එහෙම කරන්න ඕනේ නෑ. මෙහෙ හිටියත් ගෙදර දුවන්න බලාගෙන ඉන්නේ අම්මා උයන කෑම ටිකක රහ බලන්න. ඒ තරමට මෙහේ මෙහේ කෑම එපාවෙලා ඉන්නේ.
ඔයාටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා මල්ලි!
ReplyDeleteගෙදර ගිහින් ඇතිවෙනකම් බඩ පිරෙන්න කන්න.කාලෙකින්නෙ ගෙදර එන්නෙ නේද?අම්මලවත් මතක කරා කියන්නකෝ.:)
අපටත් අම්මා හදපු කෑම,කැවිලි අරන් එන්න එනකොට .හෙහ් හෙහ්:-) සුභ අලුත් අවුරුද්දක් වේවා.මට නම් අවුරුදු නෑ.
ReplyDeleteඔබටත් සුබම සුබ නව වසරක් වේවා !!
ReplyDeleteසුබ අලුත් අවුරුද්දක් වේවා මධුරංග අයියේ . ගමේ ගිහිං කාල බීල පරිස්සමෙන් වරෙන්කෝ .. දෙයියංගේ පිහිටයි ඕං
ReplyDeleteඔන්න එහෙනම් අය්යාටය් ගෙදර හැමෝටමය් සුභ අලුත් අවුරද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා
ReplyDeleteඔබටත් සුබම සුබ නව වසරක් වේවා, මධුරංග සහෝ !!!!
ReplyDeleteමධුරංග මල්ලිටත් ලැබුවාවූ සිංහල හින්දු අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරේවා කියලා ප්‍රාර්ථනා කරනවා!
ReplyDeleteඔයාටත් සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා...! නිවාඩුව හොඳින් ගත කරලා එන්න...
ReplyDeleteසුබ අලුත් අවුරැද්දක් වේවා සහෝ
ReplyDelete@නදී...
ReplyDelete@ප්‍රාර්ථනා
@ස්වප්නා
@හිස් අහස
@බීටා
@කුක්කු පැටියා
@සංකල්පනා - රුවන්
@තාරා
@රොබින් :
සියලුම දෙනාගේ පැතුම් ඉටුවන වාසනාවන්ත සුබ නව වසරක් වේවා !!!!
subama suba aluth auruddak hamooootama.......
ReplyDelete