පිණිබිදුගේ සීයගේ කථාව කියෙව්වට පස්සේ මටත් හිතුනා අපේ සීයා ගැන ලියන්න. ඔන්න පිණිබිදු මම කොප්ප ගහනවා කියලා කියනවා එහෙම නෙමෙයි හොද ද !!!! සීයා කියන්නේ අම්මයි අප්පච්චිටයි පස්සේ මට ආදරය කරපු අයගෙන් එක්කෙනෙක්. මොකද ඒ දවස්වල මුනුපුරෙක්ට කියලා ඉස්සෙල්ලාම දැකලා තියෙන්නේ මාව නේ. ඒ කියන්නේ සීයගේ ලොකුම මුනුපුරාත් මම. සීයට වැඩිපුරම වද දීපු එකාත් මම කියලා කණගාටුවෙන් උනත් කියන්න ඕනේ.
අපේ සීයා වැඩ කලේ පොහොර සංස්ථාවක චෙකර් කෙනෙක් හැටියට. ඒ කියන්නේ පොහොර තොග ලොරි වලට පටවන කොට ඒ සේරම චෙක් කරන්න හිටියේ සීයා.කරපු රස්සාවේ හැටියට සීයගේ යුනිෆෝම් එකේ හොර සාක්කු කීපයකුත් තිබ්බා. මොකද ලොරිකාරයෝ සීයාට දෙන සන්තෝසම් දාන්න තැනකුත් තියෙන්න එපැයි. ඔයවගේ දේවල් කරනවා කියලා සීයගේ ලොක්කෝ දැක්කොත් සීයාට හොද නැති හින්දයි ඔයවගේ සාක්කු තියෙන යුනිෆෝම් එකක් අදින්නේ. ඒ උනාට සීයා කවදාවත් පොහොර මිටි හොරෙන් පන්නන්න හදලා නෑ. සන්තෝසම උනත් වෙලාවටත් දෙන්නේ කලින්ම වැඩේ කරලා දෙන හන්දා.
කොහොමහරි දවසට හම්බවෙන ගානත් අරගෙන හැමදාම මටයි අපේ මලයටයි ටොපි චොලකට් එහෙම අරගෙන එන්න අමතක කරන්නේ නෑ.ඕක ගන්නත් හෙනම උම්මා ගානක් ණයට දෙන්න ඕනේ. දවසක් මම සීයා ගෙදර එන වෙලාවට වත්තේ කඩුල්ල ලග කොහොඹ කොල වැලක් ගැට ගැහුවා.සීයා හිතලා තියෙන්නේ ගෙදර කාට හරි දෙයියන්ගේ ලෙඩක් හැදිලා කියලා.සීයා දනි පනි ගාලා කඩුල්ලෙන් පැනපු පාර එතනම වැටිලා.කොහොමහරි ගෙට ගොඩ වෙලා බලද්දි මේක කරලා තියෙන්නේ මං කියලා ආච්චි කිව්වලු. මොනා කරන්නද සීයා අහසට බැන බැන හිටියලු. ඒ කාලේ මං පොඩි නිසා මට බැන්නේ නෑ.
ඔයවගේ තමයි සීයා හෙනම ආසයි සිංහල නාට්ටි වලට.හවසට හදුන් කූරක් කටේ ගහගෙන පුටුවේ හාන්සි වෙලා නාට්ටි බලන්න සෙට් වෙනවලු. මාත් කොහේ හිටියත් ඔය වෙලවට ටීවී එක ලගට ඇවිත් බලන් ඉන්නවලු. නාට්ටිය පටන් ගත්ත වෙලේ ඉදන් මහ හයියෙන් කියවලා ඇඩ් එකක් යන්න පටන් ගත්ත ගමන් සද්ද නොකර ඒ ඇඩ් එක බලාගෙන ඉන්නවලු. ආයෙම නාට්ටිය පටන් ගත්ත ගමන් කියවනවලු.
"මූත් එක්ක නාට්ටි බලන්ඩ බෑ ඒයි !!!" කියලා ආච්චිට කෑ ගහනවලු. මොනා කරන්නද බැන්නට වැඩක් නෑ පොඩි එකා නේ.
ඒ වගේම තමයි සීයා රැවුල කපන වෙලාවට කොහේ සෙල්ලම් කර කර හිටියත් දුවගෙන එනවා. ඇවිත් බලන් ඉන්නවලු.සීයා ඔලුව හරවන හරවන පැත්තට හැරි ලා බලාගෙන ඉදලා "සීයේ මෙතන කැපිලා නෑ" "මෙතන තව රැවුල් ගස් දෙකක් තියෙනවා" කියකිය වද දෙනවලු. අන්තිමේ රැවුල් කපිල්ල ඉවර වෙන්නේ සීයගේ මූනේ හය හත්පොලක් කපා ගත්තට පස්සේ.ඒ හින්දම රැවුල කපන්න එනකොට අනිවාර්යෙන්ම ඩිටෝල් එකක් අරගෙනමයි එන්නේ. අපේ අම්මා නම් කියන්නේ සමහර දාට සීයා සබන් වෙනුවට ඩිටෝල් ගාලාලු රැවුල කපන්නේ.
සීයගේ කියන්න තරම් වරදකට කියලා තියෙන්නේ හැමදාම හවසට කාලක් ක්‍රියා කරලා එන එක විතරයි. පිටරට ඒවා නෙමෙයි දේශිය ග්‍රාමිය ඒවා.අන්තිම කාලේ වෙනකන්ම ඔය බීම නම් තිබ්බා. පැන්ශන් එක අරගෙන තමන්ගෙන් දරුවන්ට වෙන්න ඕන යුතුකම් ටික ඉටු කරලා ඉතුරු ටික ඇල්කොහොල් වල දිය කලා. ඒ කාලේ මොනා උනත් ලොකු මුනුපුරානේ කියලා මගේ කරටත් රත්තරන් කෑල්ලක් දම්මා. ඒක තමයි මගේ සන්තකේටම රත්තරන් කියලා කියන්න තියෙන එකම දේ.
ඔහොම බීපු දවසක වැටිලා කාලයක් අංශභාගේ හැදිලා රෝද පුටුවේත් හිටියා. ඒ කාලේ මට රෝද පුටු එලවන්න ලයිසනුත් තිබ්බා. ඒ නිසා පැයට කිලෝමීටර් සියයක වේගෙන් උනත් හප්ප ගන්නේ නැතුව ධාවනය කරන්න පුලුවන්. ඒ නිසා සීයාට කිසිම බයක් සැකක් නැතුව ඕන තැනකට කියපු වෙලාවටත් කලින්ම ගෙනත් දාන්න මට පුලුවන්. මගේ ඩ්‍රයිවින් දැකලා "මාව මරන්නේ නැතුව ඉදපන් යකෝ " කියලා ලතෝනි තියපු අවස්ථාත් නැතුව නෙමෙයි. සීයා ඇදේ ඉන්න වෙලාවට ගෙදරට එන කොල්ලවයි බල්ලාවයි රෝද පුටුවේ තියාගෙන එහාට්ටයි මෙහාට්ටයි පද්දවනවා. එතකොට සීයා "ඕක කඩන්නේ නැතුව තියපන් යකෝ !!!" කෑ ගහනවා. ඒ උනාට සීයා කියපු දේ අහලා මගේ හයර් එක මිස් කර ගන්නේ කොහොමෙයි !!!
කාලයක් ඔහොම ලෙඩ ඇදේ ඉදලා සීයා නැති උනා. ලොකුවට නැතත් සීයගේ මල ගමේ වැඩ කටයුතු හොදට කලා. හත් දවසේ ඒ වගේම තුන් මාසේ දානත් වෙලාවට කලාවට දුන්නා. දානෙට සීයා ආස කරපු කෑම බීම හදලා එන එන අයට කන්න දුන්නා. සීයා කසිප්පු බොන්න ආස කරපු හන්දා දානෙට කසිප්පු නම් වැරැද්දුවේ නෑ. සීයගේ හොල්මනට කන්න කියලා එලියෙන් පුටුවක් තියලා ඒකේ උඩ බත් පිගානක් බෙදලා කසිප්පු වීදුරුවකුත් තිබ්බා. සීයා පෙරේත ගොට්ට ට ඇවිත් බත් නොකා කසිප්පු ටික විතරක් බීලා යන නිසා පස්සේ කාල වලදී පෙරේත ගොට්ටෙන් කසිප්පු වීදුරුව අයින් කලා.
දැන් ඒ ආවත් කසිප්පු වීදුරුව තියෙනවද කියලා බලලා, ඒක නැති නිසා බත් එකේ තියෙන කුකුල් මස් කෑල්ල විතරක් කාලා යනවා. මොනා කරන්නද සීයාව ඉන්නකන් හදන්න බැරිනම් මලා ම කෝම හදන්නෙයි !!!
කොහොම උනත් සීයලාගේ ආදරේ කවදත් මුනුපුරන්ට තියෙනවා. අපේ සීයාට වගේම පිණිබිදුගේ සීයාට ත් නිවන් සුව පතමි. !!!
ප.ලි.- දැන් කියන්න බලන්න පිණිබිදුගේ සීයා ද අපේ සීයා ද වැඩියෙන්ම හොද කියලා !!!
දෙන්නම එක වගේ මුනුපුරන්ට ආදරේ කරලා තියෙනවා නේ ?????
ඔන්න පිණිබිදු කොපි කලා කියලා මාව කන්න හදන්න එපා හොදේ.... :) (අවුලක් නෑ. පිණිබිදු ඌරු මස් කන්නේ නෑ ලු නේ... :))
"මොනා කරන්නද සීයාව ඉන්නකන් හදන්න බැරිනම් මලා ම කෝම හදන්නෙයි !!!"
ReplyDeleteමුණුපුරා වගේම නැතැයි සීයත් ..
පට්ට කතාව..
මට කවදාවත් මගෙ සීයා කෙනෙක් එක්ක හරියට කතා කරන්න බැරි වුනා. මොකද කියනව නම් මම පොඩි කාලෙම එක සීයා කෙනෙක් නැති වුනා[අම්මගෙ තාත්තා]. අනිත් සීයා මම ඉපදෙන්නත් කලින් නැති වෙලා[තාත්තාගෙ තාත්තා]. මට හිතෙන්නෙ මධුරංග අයියා නම් හරි වාසනාවන්තයි කියලා.
ReplyDeleteහික්ස් මම ඌරු මස් කන්නෙ නෑ ඒත් ඉබි මස් තමා කන්නෙ. අපේ සීයගෙ වැඩේ ඉතින් අර විටමින් B හා D එකවර ගැනීම තමා. සීයලා ගැන නම් කතා ලෝකයයි නේද. එයාලගෙන් හිස් වෙච්ච ලෝකෙ පාලුව මකන්න කාටවත් බෑ. එච්චරයි මං දන්නෙ.
ReplyDeleteඅපේ තාත්තගෙ තාත්තත් ඔහොම ගමේ බඩු එහෙම හොඳ පදමට පාවිච්චි කරල යන එන ගමන් අතර මඟ වැටිල අන්තිම කාලෙ අංශබාගෙ හැදිල ගොඩක් දුක් වින්ද [දන්න අය නම් කිව්වෙ කරපු පවු ගෙවනව කියල]
ReplyDeleteප්‍රශ්නයක්:- ඈයි අර සීය හදුන්කූරක් කටේ ගහන් ටීවී බලන්නෙ?
ReplyDeleteඅපේ අම්මගෙ අප්පච්චි(ලොකු අත්තා).අපේ අප්පච්චිගෙ තාත්තා
(අත්තප්පා).මේ දෙන්නම් මම් පොඩිම කාලෙ නෑතිවුනේ.ඒ නිසා මට ඒ හෑටි මතකයක් නෑ.
ඇ බොලේ අර පෙරේත ගොට්ටෙ කසිප්පු වීදුරුවයි මස් කෑල්ලයි අතුරුදහන් වෙන හෑටි හෑබෑටනේ?
අපේ සීයත් රට බීම පොඩ්ඩක් ගැහුවා ඉන්න කාලේ[ අප්පච්චිගේ තාත්තා]
ReplyDeleteඒත් අනික් සීයා නම් මොනවත් ම නෑ තවම හොදින් ජීවත් වෙනවා.
මොනව වුනත් අත්තම්මලා ලොකුඅත්තලා කොහොමත් තමන්ගේ මුණුබුරන්ට මිණිබිරියනට මාරම ආදරෙය්.......
මට නම් මතක මම සීයාගේ නෙස්ටමොල්ට් ලොකු සීනි කියලා කාපු එක විතරයි.. මම 1 වසරේදි සීයා මෑරුනා.. පව් අප්පා...
ReplyDelete@කැන්ඩි... :
ReplyDeleteඅපෝ නෑ බං සීයා මට වැඩිය ගොඩක් හොදයි. හිත හොද මනුස්සයා.
@කුක්කු පැටියා :
මොනා කරන්නද සහෝ අපි කවුරු කවුරුත් ලබා උපන් හැටි නෙව. මම අපේ සීයව දැක්කට මගෙන් පස්සේ කිසිම මුනුපුරෙක්ට සීයව දකින්න හම්බවෙලා නෑ.
@පිණිබිඳු... :
ඉබි මස් කන්න එපා. ඉන්ජෙක්ශන් කට්ටක්වත් ගහන්න බැරි වෙයි. ඕං මං නොකිව්වයි කියලා කියන්න එපා හොදද පිණිබිදු :)
@nawammawatha :
ReplyDeleteඅනිවා මෙයත් එලම බුවෙක් තමා. හැමදාම ශොට දාලා තමයි ගෙදර ආවේ.
@නදී... :
පිළිතුර - හදුන් කූර උපමා කලේ බහුජාතික සමාගම් වල දුම් වැටි වේ. කෙලින්ම සිගරට් කියලා කිව්වොත් මම බහුජාතික සමාගම් වල වෙලද දැන්වීමක් ප්‍රචාරණය කලා වෙනවා. දේශීය BD නිෂ්පාදකයෝ අධෛර්යමත් වෙන්න පුලුවන්.
අනේ මන්දා මස් කෑල්ලටයි කසිප්පු ටිකටයි මොනා වෙනවද කියලා. කවුරුහරි අපතයෙක් ඕක බීලා යනවද කොහෙද
@බීටා :
අනිවාර්යෙන්ම එයාලා මුනුපුරු මිනිපිරියන්ට ගොඩක් ආදරෙයි.
@සූර සරදියල් :
මල්ලිත් අන්දරේ වගේ කොල්ලෙක් නේ. අන්දරෙත් මොනවද මන්දා වැලි කියලා කෑවා කියලා අහලා තියෙනවා :)
යකෝ මෙහෙමත් දාන මාන දෙනවද බං .උඹලනම් නියම යුතුකම් දන්න මුනුඹුරාල . මම මැරුනත් මගේ අන්තිම කැමති පත්තරේ ලියන්න ඕන මේවගේ මටත් දානයක් දෙන්න කියලා . ගමේ ඒවා බීපු කාලයක් මටත් මතක නෑ
ReplyDeleteසීය ගැන ලියපු එක හොඳයි අයියේ මටත් තාත්තා වෙනුවට ආදරේ දුන්නේ මගේ සීයා ...
පිස්සු නැත්නම් ජාති,...මම හිතුවා ගුණ වර්ණනාවක් කියල...මෙයා සීයාව ගෙන්න ගන්න නේ ගිහින් තියෙන්නේ..ඉන්නකම් වද දිලා ගිය ටිකේ වත් සැපට ඉන්න දෙන්නකෝ... අර කාල එලියේ තිබ්බ එක නම් අදහන්න වටිනවා...රැට ඕක ඇතුලට ගන්නවා නේහ්..නැත්නම් ගමේ උන් ඔයලගේ ගේ වටේ පදිංචි වෙයි..නිකම් කාලක් බොන්න අකමැති කවුද..නෙහ්...හහ්...
ReplyDelete@හිස් අහස :
ReplyDeleteඔව් ඉතින් පන්සලකට දුන්න එකක් යෑ. ඔක්කොම වයසක උන්දෑලා නේ කන්න ආවේ. සීයගේම වයසේ කට්ටියට දුන්නේ
මල්ලි ගමේ ඒවා කියලා කියන්නේ මුල්ල පටස් වෙන්ටෑ....
@නිම්ශා :
පිස්සු කිව්වේ මටද ? මම පොඩි කාලේ ඔහොම තමයි හරිය. ඒ උනාට සීයට මං ආදරෙයි නෙව. (මලට පස්සේ නෙවේ)
අපොයි ඔව් මොකෙක්හරි කාල ගහලා යනවා. හොයාගන්න ලැබුනේ නෑ.
දැන් උඹත් සීයගෙ පාරෙමද යන්නෙ?
ReplyDelete@Kasun :
ReplyDeleteපික්සු හැදෙයි උන්ඩෑගේ පාරෙ ගියොත්. අපෝ වැඩක් නෑ. උන්දා වගේ බොන්න කැමති නෑ. එයාගේ තියෙන හොද ගතිගුණ අරන් නරක ටික අතෑරලා දාන්න තමයි කල්පනා කළේ...
දෙය්යනේ කියලා උන්දෑ කලින් මලේ.නැත්නම් මේ මුනුපුරා තව කී දාහක් වද දේවිද ඒ මනුස්සයට
ReplyDeleteදෙය්යනේ කියලා උන්දෑ කලින් මලේ.නැත්නම් මේ මුනුපුරා තව කී දාහක් වද දේවිද ඒ මනුස්සයට
ReplyDelete@ප්‍රාර්ථනා :
ReplyDeleteඑහෙම නෑ නංගි. මං පොඩි කාලේ තමා ඔය දේවල් කලේ. දැන් හිටියනම් එහෙම කරන්නේ නෑඑ ආදරයෙන් බලා ගන්නවා මිසක් !!!!
සීයලා එහෙම තමයි අයියා. පොඩි දරුවන්ගේ ලෝකවල හුඟාක් වෙලාවට වීරයෝ වෙන්නේ එයාලගේ සීයලා ආච්චිලා. මගේ සීයා ගැනත් මට තිබුණු මතක බ්ලොග් අවකාශෙට මම එක් කළේ මෙහෙමයි.......
ReplyDeletehttp://aagiyakatha.blogspot.com/2010/09/blog-post_26.html
@Hasitha :
ReplyDeleteඑල එල. මමත් කියවන්න එන්නම්. ඔයාගේ සීයාගේ කතාව.
පෙරේත ගොට්ටට කසිප්පු තියනවා කියලා කතාවක් ඇහුවමයි :-)
ReplyDeleteහිනා ගියා හොඳටම . අර රෝද පුටුවට ලයිසන් තිබ්බ කතාව තමා මරු. මටත් සියල දෙන්න ගැනම රසබර මතක ගොන්නක් තියෙනව .
ReplyDelete