04 December 2010

අධ්‍යපනය පෞද්ගලීකරණය



මං දැන් මේ කියන්න යන්නේ ගොඩාක් කට්ටියට යල් පැන ගියපු මාතෘකාවක් ඒක තමයි අධ්‍යාපනය පෞද්ගලීකරනය කිරීම . නමුත් විශ්ව විද්යාල සිසුවෙක් හැටියට මට නම් මේක දවසක් උනත් කථා කරන්න පුලුවන් මාතෘකාවක්. ඉස් ඉස්සෙල්ලාම කියන්නම්කෝ මගේ අදහස. කොටින්ම කියනවානම් මං අධ්‍යාපනය පෞද්ගලීකරනය කිරීමට විරුද්ධයි. දැන් ඔයාලා කියයි මං ආත්මාථකාමි කෙනෙක් කියලා. එහෙම හිතන්න කලින් චුට්ටක් මේක කියවලා ඉන්න.

අපට රජයෙන් නොමිලේ ලැබෙන දේවල් ටිකක් තියෙනවනේ. සෞඛ්‍ය අංශය . ආරක්ශක අංශය හා අධ්‍යාපනය යන මේ ටික තමයි අපට රජයෙන් නොමිලේ ලැබෙන්නේ. මං දැන් අනිත් ඒවා ගැන කියන්න යන්නේ නෑ. මන් කියන්න යන්නේ අධ්‍යාපනය ගැන. ලාංකීය අධ්‍යාපනය කොටස් තුනකට බෙදෙනවා ප්‍රාථමික, ද්විතියික හා තෘතියික අධ්‍යාපනය කියලා.


අද රටේ තත්වය දැක්කම මේ සියලුම කොටස් පෞද්ගලීකරනය වෙනවා කියල කියන්න පුලුවන්. දිනෙන් දින ලංකාවේ අධ්‍යාපනය සදහා අය වැයෙන් වෙන් කරන මුදල අඩු වෙනවා. ඒ නිසා රජයේ පාසල් අලුත් වැඩියා කරන්න ලැබෙන්නේ නෑ. ඒවායේ පහසුකම් වැඩි දියුනුවක් කරන්න ලැබෙන්නෙත් බොහොම කලාතුරකින්. අය වැයෙන් සදහා වෙන්කරන මුදල අඩු උනාම ගුරු පුරප්පාඩු පිරවීමක් සිදු වෙන්නේ නෑ.

මේ හින්දම පාසල් සිසුවාට පුද්ගලික පංති සදහා යොමු වෙන්න වෙනවා. දැන් ඔයලට කියන්න පුලුවන් කොහොමත් සිසුන් පුද්ගලික පංති යනවනේ කියලා. නෑ ඒක වැරදි කතාවක් එහෙම වෙන්නේ නගරාසන්න සිසුන් විතරයි එහෙම පංති යන්නේ. පිටිසර බද පලාත් වල සිසුන්ගේ දෙමව්පියන්ට පුද්ගලික පංති වලට වියදම් කරන්න පුලුවන්කමක් නෑ. මේ නිසා ගුරු පුරප්පාඩු නිසා අර පිටිසර පලාත් වල සිසුන්ට ලොකු අසාධාරණයක් වෙනවා. ගුරුවරු අඩු උනාම සිසුන් පාසල් ඒමත් අඩු වෙනවා. එතකොට මේ පාසල් දිනෙන් දින වැසී යෑමේ අවදානමක් තියෙනවා.

දැන් බලමු ඇයි මේ අයවැයෙන් අධ්‍යාපනය සදහා වෙන් කරන මුදල අඩු වෙන්නේ කියලා. අධ්‍යාපනයට කරන වියදම් වලින් කිසිම ලාභයක් ලැබෙන්නේ නෑ. ඒවා හුදෙක්ම වියදම් දැරීමක් පමනයි. ඉතින් ඒක හින්දා මේ ක්ෂේත්‍රයට කරන මුදල් වෙන් කිරීම් අඩු වෙනවා. ආහ් … තව එකක් කියන්න ඕනේ ලංකාවේ මේ වනවිට පුද්ගලික පාසල් විශාල ලෙස ආරම්භ වෙමින් පවතිනවා. ඒවයේ සිසුන් ඉගෙන ගැනීමත් මේ වනවිට සිදු වෙනවා. රජයේ පාසලුයි පුද්ගලික පාසලුයි සංසන්දනය කරලා බලනකොට පුද්ගලික පාසල් වල සුපිරි පන්තියේ විද්‍යාගාර, පරිගනක මධ්‍යස්ථාන, උපාධිදාරී ගුරුවරුන් (මං කියන්නේ නෑ රජයේ පාසල් වල උපාධි දාරී ගුරුවරු නැහැයි කියලා. ) යන මේ සියලු දේවල් වලින් අංගසම්පූර්නයි.

ඉතින් මේ පාසලක අධ්‍යාපනය කරලා එලියට එන ළමයාගෙයි රජයේ පාසලක අධ්‍යාපනය කරලා එන ළමයෙකුගෙයි ලොකු වෙනසක් තියෙනවා කියලා ඔයාලට තේරෙනවා නේ. පුද්ගලික පාසල් වල ඉදල එන ළමයෙක් ට පරිගණක වැනි නව තාක්ෂණ වල ස්පර්ශය එයාලගේ පාසල් අවධියේ ඉදලම ලැබෙනවා. රජයේ මේ වගේ පහසුකම් තියෙන්නේ නගරා සන්න පාසල් වලයි ජනප්‍රිය පාසල් වල විතරයි. (මේක ලියන මමත් ගමේ පාසලක ඉදලා විශ්ව විද්‍යාලයට ඇතුල් උනේ. පුලුවන් නම් විශ්වාස කරන්න. මං මුලින්ම පරිගණකයක් අතින් ඇල්ලුවේ විශ්ව විද්යාලයේ දියි. )

දැන් ඔයාල හිතනවා ඇති මං හරි කුහකයි කියලා. නෑ ප්‍රශ්නය ඒක නෙමෙයි. ඇයි රජයේ පාසල්වල සිසුන්ටත් මේ වගේ සැලකිලි නැත්තේ කියන එකයි . තව එකක් කියන්න ඕනේ. ඔය පුද්ගලික පාසල්වල ගුරුවරුන්ගේ වැටුපත් රජයේ පාසල්වලට සාපේක්ශව ගොඩාක් වැඩියි. මේ නිසා ඔවුන් පුද්ගලික අංශ වලට යොමු වීමට ලොකු ප්‍රවනතාවයක් තියෙනවා.

ඔය මං දැන් කිව්වේ පාසල් අධ්‍යාපනයේ සිදුවන පෞද්ගලීකරනය ගැන. අනිත් බ්ලොග් පෝස්ට් එකෙන් විශ්ව විද්යාල වල සිදුවන පෞද්ගලීකරනය ගැන කතා කරමු.

7 comments:

  1. ලංකාව නැති කිරීම සඳහා අන්තවාදි වාමාංශිකයන් විසින් වපුරා ඇති බොරු රාශියකි.
    1.සෑම දෙයක්ම රජයෙන් කළ යුතුය.මෙම මත වාදය දැරූ රුසියාවේ කොම්යුනිස්ට් ආංඩුවට දැන් ඇඩ්‍රස් නැත.එහෙත් අපේ අයියල තවමත් කාල් මාක්ස් හෙවත් කරෝලිස් මාරුක්කුගේ හා ලෙනින්ගේ අවලංගු න්‍යායන් කර පින්නා ගෙන සිටිති.මෙම නරුමයින් සරසවිවලින් චුත කළ යුතුය. ලංකාවට හරියන්නේ එවිටය.
    2.දැන් සමාජවාදි ලෝකයෙන් ඉතිරිව ඇත්තේ නොදියුනු උතුරු කොරියාවේ හා මොඩ් වීමට දඟලන කියුබාව පමනි.කරුනු එසේව තිබියදී අප ලෝකයා සමඟ ඉදිරියට යනවා විනා පස්සට යන්නේ මන්ද?
    3.සෞඛ්‍ය අංශය රජයේ යටතේ පැවතුනා කියා සමස්තයක් වශයෙන් මෙරටට අත්වී ඇති සෙත කුමක්ද?
    සැම සංවර්දිත රටකම දක්නට ලැබෙන සියළුම ජන කොටස් ආවරනය වන පරිදි සෞඛ්‍ය රක්ෂනයක් ඇරඹීමට රජය තවමත් සමත් වී නැත.එහෙයින් ප්‍රතිකාර ලැබීමේදී ඇති නැති එකා අතර ලොකු වෙනසක් දක්නට ඇත.සෞඛ්‍ය අංශයේ රජයේ දායකත්වය අඩුයයි කියා අදෝනා නැගීමට වඩා ඉහතින් සඳහන් කළ සමාජ රක්ෂණ ක්‍රමයක් ඇති කිරීම ගැන තප්පු ලෑමට අන්තවාදි වාමාංශික පක්ස කටයුතු නොකරන්නේ මන්ද? කුහක කමටද?
    4.පාසැල් පරිපාලනය සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්ති කාලෝචිතය.
    janatha puthra

    ReplyDelete
  2. මේක ගැන නම් එළිවෙලකල් කථා කළ හැකි.ලංකාවෙ තියන අධ්‍යාපන ක්‍රමය වෙනස වෙන්න ඕන.මේ තියෙන විභාග ක්‍රම වලින් හැකියාවන් මනින්න පුළුවන් වුනාට ගොඩක් දෙනෙක්ගෙ දක්ෂතා මනින්න බෑ.මේ අධ්‍යාපන ක්‍රමය නව ලෝකයට ගැලපෙන ලෙස ප්‍රායෝගිකව වෙනස් වෙන්න ඕන කියන එක තමයි මගේ අදහස.

    ReplyDelete
  3. hi Sri lankan friends
    ඔබ සම ලන්කවෙ ෆෙස්බුක් වෙත අරදනා කරමු.
    lankawe ayata pamanai
    www.teenlanka.net

    ReplyDelete
  4. කතා දෙකක් නෑ අධ්‍යපනය පෞද්ගලීකරණයට දැඩි ලෙස විරැද්ධයි!

    ReplyDelete
  5. @Anonymous :

    කොහොම උනත් අධ්‍යපනය පෞද්ගලීකරනය කියන්නේ විසදුමක් නෙමෙයි සහෝදරයා. රජයේ ප්‍රතිපත්ති හොදයි කියන්න අමාරුයි. මොකද එයාල හදන්නේ ලංකාවේ වෙනම පුද්ගලික අධ්‍යපන ක්‍රමවේදයක් හදන්න. චුට්ටක් ගම් වල ඉන්න ලමයිගේ පැත්තෙනුත් හිතලා බලන්න කියන එක තමයි කියන්න වෙන්නේ. රජයේ පාසල් වැඩි දියුනු කරනවා වෙනුවට පෞද්ගලික පාසල් ඇති කරන එක නම් හිසේ අමාරුවට කොට්ටේ මාරු කරනවා වගේ වැඩක් කියලා තමයි කියන්න වෙන්නේ.

    මේ කමෙන් ට් එක දාපු ඔබ රජයේ පාසලක ඉගෙන ගත්ත කෙනෙක් නෙමේ වෙන්න ඇති කියලා තමයි මට හිතෙන්නේ. පොඩ්ඩක් රජයේ පාසලකට එබිල බලන්න පුලුවන් නම් වටිනවා ඒවායේ තියෙන අඩුපාඩු එතකොටවත් දකින්න ලැබෙයි නේ.

    @තරු අහස :
    ඒකට මාත් එකගයි සහෝදරයා ලංකාවේ අධ්‍යාපන ක්‍රමවේදය වෙනස් කල යුතුයි. පොත පතේ වගේම ප්‍රායෝගික අධයාපනයත් ලබා දිය යුතුයි කියන එක තමයි මට කියන්න තියෙන්නේ.

    @Rashod :
    නිදහස් වෙලාවක් තිබ්බොත් ඔය පැත්තෙත් ඇවිල්ලා යන්න එන්නම්

    @ Nuwan Kumaranayake (නුවන් කුමාරනායක) :

    අනිවාර්යෙන් අපි හැමෝම විරුද්ධ වෙන්න ඕනෙ සහෝදරයා. මොකද ඕකෙන් ලංකාවේ ලමයින්ට වෙන සෙතක් නෑ. ඔබේ අදහස් දැක්වීමට ගොඩාක් ස්තුතියි. !!!!

    ReplyDelete
  6. දැනට තියන අද්‍යාපන ක්‍රමවේදයේ ගුනාත්මක බව සහ පිළිගැනීම වැඩිවෙනවා නම් මොනවා උනත් කමක් නෑ ! ...හැබැයි දුප්පත් ලමයින්ටත් ඒ ගුනාත්මක බව ලැබෙන්න ඕන ..

    මම නම් හිතන්නේ පෞද්ගලීකරණයකට යන්නේ නැතුව අපිට අද්‍යාපන ක්‍රමවේදය උසස් කරන්න පුළුවන් ..ඒත් ඉතිං අපිට ඕන උනාට ලොක්කන්ට එහෙම උවමනාවක් නෑ නේ ! එයාලගේ ලමයින්ට පිටරට අද්‍යාපනය තියනවනේ ! ..ඉතිං මේකට මොකද කොරන්නේ ?

    ජයවේවා !!

    ReplyDelete
  7. @හිස් අහස :
    ඒක තමයි සහෝදරයා අධ්‍යපනය පුද්ගලික කරනය කරනවා කියන්නේ අහිංසක දුප්පත් ලමයින්ට යන එන මං නැති වෙනවා කියන එක නේ. අනිත් එක තමයි ලංකාවේ තියෙන පාසල්වල අඩුපාඩු ගොඩක් වැඩියි, ඒවා හදන එක නම් අනිවා කරන්න ඕනේ. නැත්නම් ඒ පාසල් වැසීයන එක වලක්වන්න නම් කාවත් බැරි වෙයි !!!!

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.