26 December 2010
සමන් අයියාගේ කැන්ටිම - සූපවේදී ක්‍රම සහ විධි
කලින් බ්ලොග් එකේදී සමන් අයියගේ සහා නේවාසිකාගාර සිසු අපගේ ප්‍රියතම ආහාර පාන ගැන ලිව්වනේ. අද ලියන්න යන්නේ ඒ කෑම ජාති හදන්න අනුගමනය කරන ක්‍රම කිහිපයක් ගැනයි.
සමහර කෑම ජාති හදන්න ඒ ජාතියටම ආවේනික වෙච්ච ක්‍රමත් තියෙනවනේ. නමුත් අපේ කැන්ටිමේ එහෙම නෑ සාමාන්‍ය කෑම වර්ගයක් උනත් හදන්න කැන්ටිමටම ආවේනික මෙතඩ් තියෙනවා
මුලින්ම කියන්නම්කෝ කැරට් බීට් වගේ එලවලු උයන විදිහ ගැන. දවල් හරි රෑ හරි කෑමකට එන ඕනම කෙනෙක් මේ එලවලු වර්ග කපලා තියෙන විදිහ ගැන වික්ශිප්ත වෙනවා. මොකද ඒ කැරට් බීට් කෑලි විසමාකාර හැඩයක් ගන්නා නිසා. අපි ඒ පිලිබද සමන් අයියගෙන් කල විමසීමකදී ඔහු කියා සිටියේ කැරට්, බීට් වැනි එලවලු කපන්න පිහි උපගෝගි කර නොගන්න බවයි. අපිටත් හරි පුදුමයි කොහොමද පිහි නැතුව කැරට් කපන්නේ කියලා.
කැරට් කපන විදිහ ගැන අයියා අප විස්තර කලේ මෙහෙමයි.
" මල්ලි ලා, කැරට් බීට් වගේ එලවලු වල බීටා කැරොටිනොයිඩ වගේ පෝෂ්‍ය කොටස් තියෙනවා නේ. අන්න ඒ පෝෂ්‍ය පදාර්ථ පිහිවල තියෙන ඔක්සයිඩ එක්ක ප්‍රතික්‍රියා කරලා ඒවා විනාශ වෙන්න පුලුවන් ඒ නිසා අපි පිහි පාවිච්චි කරන්නේ නෑ. කැරට් බීට් වගේ එලවලු හෝදලා ජීවානුහරනය කරපු ගෝනි වල දානවා. එකපාරකට මේ ගෝනියකට කිලෝ දහයක් විස්සක් දාන්න පුලුවන්. ඊට පස්සෙ කැන්ටිමේ ඉන්න ශක්තිවන්ත කොල්ලො දෙන්නෙක් ඒ ගෝනි උස්සලා ආන්න අර කලු ගලේ ගහනවා. ''
අයියා ඈත තියෙන ලොකු කලු ගල් පොත්තක් පෙන්නුවා.
" ඊට පස්සේ කෙලින්ම සාස්පානට දානවා. හරි ලේසියි. දාලා සාමාන්‍ය විධිහට උයනවා ''
ඒ ක්‍රමය හරිම විද්යානූකූල එකක් කියලා අපි හැමෝටම තේරුනා.
සමන් අයියා ඔහොම විස්තර කරගෙන යනකොට අපේ එකෙක් බත් එකේ තිබ්බ කං කුං ගහක් පෙන්නලා ''අයියලා කංකුං උයන්නත් විෂේශ ක්‍රම භාවිතා කරනවද ?'' කියලා ඇහුවා. අපේ උන්ටත් නිකන් කට පියාන ඉන්න බැහැනේ.
'' ආහ්... ඔව් මල්ලි. කංකුං උයන්න කලින් දවසේ හොදට හෝදලා මද පවනේ ටික වේලාවක් තියනවා තෙත හිදෙන්න. ඊට පස්සේ බිමට ජීවානුහරිත ඉටි රෙද්දක් එලලා කංකුං ටික ඒ පොලිතින් එක දිගේ අතුරන්න ඕනේ. ඊට පස්සෙ පැදුරක් අරගෙන වාශ්පෙන් තම්බලා අර කංකුන් අතුරපු ඉටි රෙද්ද වැහෙන්න දිග අරිනවා. එදා රෑ ඒ පැදුරේ එකෙන් නිදාගන්නවා. උදේ වෙනකොට කංකුං ටික ගානට මැලවෙලා තියෙනවා. මාධ්‍යය ජීවනුහරිත හින්දා විශබීජ ගැන බයක් නෑ. ඊට පස්සේ කෙලින්ම සාස්පානට දාලා සාමාන්‍ය විදිහට උයනවා . මේ ක්‍රමේදිත් පිහි පාවිච්චි කරන්නේ නෑ. "
ම්... මේ ක්‍රමයත් නරකම නෑ. උයන දෙයත් සෞඛ්‍ය ආරක්ශිතව උයන්න එපැයි.
'' අයියා ඇයි මේ පොලොස් උයනකොට ලොකු ලොකු පොල් කෑලි දාන්නේ ? '' අපේ එකෙක් ප්‍රශ්න කලා.
" අපෝ මල්ලි ඒකවත් දන්නේ නැද්ද ? මල්ලි අත උස්සලා ද කැම්පස් ආවේ ? '' අයියා එකපාර කියපි.
අපේ එකාත් ඇද්ද අහගත්තා වගේ හැගීමකින් ලැජ්ජාවෙන් ඇඹරි ඇඹරි හිටියා.
අයියට තේරුනා මූ සිරවටම දන්නේ නැති හන්දයි ඇහුවේ කියලා.
'' එහෙනම් මල්ලි අහ ගන්නකෝ. අද උදේ අපේ කැන්ටිමේ කොල්ලා පොලොස් මාලුවට ලුනු දාන්න යද්දි ලුනු බෝතලය සාස්පානට අත ඇරලා. ඊට පස්සේ හොද්ද , කටේ තියන්න බෑ. පුත්තලම, අපේ සාස්පානට දාලා වගේ. ඒකට පිලියමක් විදිහට තමයි ඔය පොල් කෑලි දාලා තියෙන්නේ. හොද්දේ ලුනු ටික විසරණ මූලධර්මයෙන් පොල් කෑලි වලට ඇබ්සෝබ් වෙනවා. හොද්දේ ලුනු සාන්ද්‍රණය අඩු වෙනවා .වැඩේ හරිම සිම්පල්. පොල් ගනන් කාලෙට කියවන්න ගෙනාපු පත්තරේ හොද්ද උඩට දානවා ලුනු ටික උරා ගත්තට පස්සේ පත්තරේ අයින් කරලා දානවා. "
" එතකොට අයියා පත්තර පිටුවල තියෙන අකුරුවල තීන්ත හොද්දට වැටෙනවනේ. " අපේ එකාට ආයෙත් ප්‍රශ්නයක්
" නෑ මල්ලි. ඔය තීන්ත වර්ගය ඇඟට අගුණ නෑ. ඒ නිසා ප්‍රශ්නයක් නෑ. අනික හොද්ද එක පාරක් හැදි ගාපුවාම, ලැකර් එකක් ටිං එක පිටින්ම හැලිලා තිබ්බත් හොයා ගන්න බෑ. ''
සමන් අයියට හදිසි දුරකතන පනිවිඩයක් ලැබීම නිසා අයියාට සමු දෙන්න උනා. නැත්නම් තව ප්‍රශ්න ටිකක් අහගන්න තිබ්බා. පස්සෙ දවසක අහගන්නම්කෝ කියලා හිතපු අපි කාමර වලට ආවා. ඇත්තට සමන් අයියට විද්‍යාව පිලිබද පුලුල් දැනුමක් තියෙනවා කියලා අපිට ඒ කතා කරපු ටික වෙලාවට තේරුනා.
ආයෙත් දවසක සමන් අයියගේ කැන්ටිමේ කතාවක් ලියන්නම්කෝ
සංකල්පනා RSS සබැඳිය :
Post Comments (Atom)
එල එල
ReplyDeleteඔහොම යං ඔහොම යං
නියමයි
ReplyDeleteසමන් අයියද මෑන් කීවලු . මිනිහා ආහාර හා පෝෂනය සම්බන්ධව දේශක තනතුරකට පත්කරා නම් හොඳ නැද්ද ?
ReplyDeleteකැම්පස් කොල්ලෝ මූට ගැහුවේ එහෙම නැද්ද මචං . අපේ ඉස්කෝලේ කැන්ටිම කරපු අයියා .අයිස් පැකට්ටුවක් හින්දා ඇතුවූ හබයක් දුරදුග යාම නිසා . විදේෂ ගත වුනා .
සමන්ත අයියගේ කතන්දර තව තියනවානම් කියපං මචං අපි අහන්න බලාගෙන ඉන්නේ ..
ජය වේවා !!
@Pasan Buddhika :
ReplyDeleteතැන්කූ තැන්කූ. මේ පැත්තටත් ගොඩ වැදුන එකට !!!!
මරු මරු දන්නෙ නැති දේවල් ගොඩායි. සමන් අයිය නම් ෆට්ට බුවෙක් හි හී.
ReplyDelete@"සොඳුරු මිනිසා" :
ReplyDeleteබොහොම ස්තුතියි කොමෙන්ටුවට. මමත් උනු උනුවෙම සොදුරු මිනිසාගේ කවි පද ටික රස වින්ඳා
@හිස් අහස :
ඔය කතාව කිවුවම තමයි මට මතක් උනේ. දවසක් සමන් අයියටත් ඔහොම වැඩක් උනා. බිත්තර ආප්ප හදන්න බෑ බිත්තර නෑ කියපු වෙලාවක අපේ අයියලා සෙට් එකක් කැන්ටිමට බැහැලා බිත්තර පෙට්ටිය පිටින්ම කැන්ටිමේ තිබිලා හොයා ගත්තා. ඊට පස්සේ කොල්ලෝ ටික සමන් අයියව චාටර් කරපු හන්දා එදා රෑ කෑමට හැමෝටම නොමිලේ බිත්තර තම්බලා දුන්නා
@ Nuwan Kumaranayake (නුවන් කුමාරනායක):
ReplyDeleteඔව් ඔව් අයියා පොරගේ බුද්ධියට ගහන්න මොලයක් තාම බිහි වෙලත් නෑ බිහි වෙන්නෙත් නෑ. අයින්ස්ටයින් එක්කත් වාද කරපු බුවෙක් නේ
කෑන්ටින් කතානම් එමටයි!..
ReplyDelete@නදී :
ReplyDeleteඅනේ ද කියන්නේ. අපි ත් ඉතින් අවුරුදු හතරක් ම ඔය කට්ට කෑවනේ
මාර කැන්ටිමක්නේ..
ReplyDelete@කැන්ඩි...:
ReplyDeleteමාරදත් කියලා අහනවා. මේක පුදුම කැන්ටිමක් තමයි.
oya kentima koheda thiyenne balanna asai
ReplyDelete