25 October 2010

අප්පච්චි .....

අර බලාපන් නංගියේ
ඈත දිලිසෙන තරුව
ඒ තමයි අපේ අප්පච්චි
අපිට අත වනනවා

ඇහුනද නංගියේ
අම්මගේ කෙදිරිලි හඩ
අප රකින්නන ඇයත්
මහත් දුක් විඳිනවා

වැරහැලි කඩමලු
ඇගලුවත් නංගියේ
දුකක් හෙම කිසි දිනක
නොසිතපන් ඇහුනාද ?

දුක් කරදර මැදින්
උගත මුත් සිප් සතර
ජය ගතොත් හෙට දිනක
නුඹටමයි එය ඔන්න

ඉතින් මගේ නංගියේ
ජිවිතේ ජය ගන්න
අප්පච්චි දුර ඉඳන්
ආදරෙන් හිනහේවී


ඒත් පොඩි නංගියේ
කොතන සිටියත් නුඹ
අමතක නොකරපන්
අපේ සුදු අම්මාව....




2 comments:

  1. mewa oya dammata ! liwwe wena kenek neda ? lajja nadda ?? eyatama lajja wena widihata ! blog daala ! eyama liyapu ewa . oya liwwa wage danna !

    ReplyDelete
  2. මේක ලියපු කෙනාගේ නම දාලා තිබ්බා. නමුත් ලියපු කෙනා මාව දාලා යන්න ගිය නිසා මම නම මකලා දැම්මා.
    මොකද මට මගේ හිත හදාගන්න අමාරුයි ඒ නම දකින දකින වාරයක් පාසා.
    මොකද මම මේ කවිය ලියපු කෙනාට ඉස්සර වගේම තාමත් ආදරෙයි. මගේ හිතේ මේ කවිය ලියපු කෙනාත් එක්ක කිසිම තරහක් නෑ !!!!

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.