25 October 2010

බර වැඩිම දොඩම් ගෙඩිය තෝරමුද ???


මේක මං Interview එකකට ගියපු වෙලාවක ඒකෙ හිටපු අය අහපු ප්රශ්නයක් .එයාලා මේක අහන්න පටන් ගත්තේ ප්රශ්න විසදීමේ හැකියාව සොයා බැලීම පරික්ෂා කිරීමක් හැටියටයි. බ්ලොග් එකේ දාන්නේ මොනවද කියලා කල්පනා කරගෙන යනකොට තමයි මට මේ කතාව මතක් උනේ.


මේකයි කතාව. දොඩම් ගෙඩි නවයක් තියෙනවා. පාටින් , හැඩයෙන් , රසයෙන් ඔය හැම එකකින්ම එක හා සමානයි. නමුත් එක ගෙඩියක් බරින් වැඩියි. ඒ බරින් වැඩි ගෙඩිය අපට අල්ලලා බර වැඩියි කියලා තීරණය කරන්න බෑ. අපිට තැටි දෙකක් තියෙන තරාදියක් දෙනවා. හැබැයි බර කිරන්න දෙන්නේ අවස්ථා දෙකයි. කොහොමද අපි අවස්ථා දෙකෙන් අර බර වැඩි ගෙඩිය තෝරලා ගන්නේ ???

චුට්ටක් කල්පනා කලොත් වැඩේ අහුවෙයි. නැත්නම් මේ බ්ලොග් පෝස් ට් එකේ පහල බලන්නකෝ. මමත් ගත්තා කොලයකුයි පෑනකුයි. අරගෙන තරාදියක් ඇන්ඳා. දොඩම් ගෙඩි නවයකුත් ඇන්ඳා ඊට පස්සේ අහස පොලව ගැටලන්න කල්පනා කෙරුවත් වැඩේ හරි ගියේ නෑ.

විසදුම මේකයි. දොඩම් ගෙඩි ටික තුනේ සෙට් වලට වෙන් කරනවා. ඉන් පස්සේ තුනේ සෙට් දෙකක් අරගෙන තැටි තරාදියේ තැටි දෙකට දානවා. තරාදිය සමාන උනොත් අර ඉතුරු සෙට් එකේ තමයි බරින් වැඩි ගෙඩිය තියෙන්නේ. තරාදිය අසමාන උනොත් අර බරින් වැඩි පැත්තේ තමයි අදාල දොඩම තියෙන්නේ. මේ බර කිරුමෙන් දොඩම් ගෙඩි හයක්ම අයින් කරන්න පුලුවන්. දැන් ඉතුරු ගෙඩි තුනෙන් දෙකක් අරන් තරාදියට දානවා. බරින් අසමාන උනොත් බර වැඩි පැත්තේ තමයි ගෙඩිය තියෙන්නේ. සමාන උනොත් අර ඒ සෙට් එකෙ වෙනම තියෙන ගෙඩිය තමයි බරින් වැඩිම ගෙඩිය.

8 comments:

  1. Hapoi, you should be hung, you didnt know this before??

    ReplyDelete
  2. @Darshana Jayasingheමං යන්න කලින් දැනගෙන හිටියේ නෑ අයියා

    ReplyDelete
  3. ලොක්කා වැඩේ සිම්පල් නම් නෑ.. කොච්චර වෙලාවක් දුන්නද ප්‍රශ්නෙට?? :-(

    ReplyDelete
  4. අර බැක්ටීරියා එකට නම් දවස් තිහෙන් 29ක්ම යනවා නේද භාගයක් පිරෙන්න...

    මම එනවා සහෝ අනිවා...නෑවිත් ඉන්නෙ නම් නෑ...

    ReplyDelete
  5. ammooooo..... ohoma ???????na ahanawa nam man kawadaaaawathma interview 1kin pass wen nethi wei........

    ReplyDelete
  6. එදා ඉඳලා මම අකමැති දෙයක් තමා කල්පනා කරලා උත්තර හොයන එක .......

    ReplyDelete
  7. මගේ නම් ඔය කල්පනා කරලා උත්තර දෙන ඒවට කිසිම කැමැත්තක් නැහැ මලයා .......

    ReplyDelete
  8. මුලින්ම ගෙඩි 3 ගානෙ ගොඩවල් 3ක් ගහනව. 2ක් තරාදිබයෙ දෙපැත්තට දාල බලනව. 1ක බර වැඩිනම් දොඩම් ගෙඩිය බර වැඩි ගොඩේ තියෙනව. නැත්නම් ඉතිරි ගොඩේ. දැන් දොඩම් ගෙඩිය තියෙන ගොඩෙන් ගෙඩි 2ක් කිරන‍‍ව. බර වැඩි ගෙඩිය තෝරනව. 2ම සමාන නම් ඉතිරි ගෙඩිය.
    හැබැයි තරාදියට දාද්දි අතට දැනෙනව නම් පොඩ්ඩක් අමාරු වේවි.

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.