29 October 2010

සබරගමුවේ පුද බිම් - සංඛපාල විහාරය


මේ දවස්වල මං ලියපු ලිපි වල තියෙන්නේ සංචාර ගැන නේ. මේකත් ඒ වගේ සංචාර ගැන ලියවුන ලිපියක්. මේ ලිපිය සබරගමුවේ තියෙන පූජනීය සිද්ධස්ථානයක් ගැන තමයි මං ලියන්න යන්නේ. මේ පූජනීය සිද්ධස්ථානය තමයි සංඛපාල රජමහ විහාරය.

මේ රජමහ විහාරය තියෙන්නේ කොළඹින් කිලෝමීටර් 132ක් ඈතින් පල්ලෙබැද්ද ත් කොළඹගේ ආර ත් අතර . මාර්ගය පිලිබදව හරියටම කියනවා නම් කොළඹ සිට ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගයේ පහු කරගෙන ගියාම තියෙන සංඛපාල කියන ගමෙයි.

ප්‍රධාන මහා මාර්ගයට ආසන්නයේ තමයි මේ විහාරය පිහිටලා තියෙන්නේ. ඒ නිසා ඕනම කෙනෙකුට ඉතාමත් පහසුවෙන් මදක් ගොඩවැදිලා ගමන් වෙහෙස නිවාගෙන සිත දැහැමින් පුරවාගෙන යන්න පුලුවන් සිද්ධස්ථානයක් තමයි සංඛපාල විහාරය කියන්නේ.


මේ විහාරය ඉතිහාසය ගැන මදක් හොයලා බලනකොට දුටුගැමුණු රජ තුමාගේ කාලය දක්වා දිව යනවා. දුටු ගැමුනු රජතුමාගේ සේනාවේ හිටියා හක් ගෙඩිය , කන් බිහිරි කරවන සේ පිඹිය හැකි යෝධයෙක්. ඔහු නමින් ඵුස්සදේව. මේ පුස්සදේව යොධයා විජිතපුර සටනේ දී අහස ගුගුරුවා යන හඩින් සක් පිඹිම නිසා සතුරු සේනාව පලා ගොස් ගැමුනු රජුට ජය ලබා දීම වෙනුවෙන් ඒ හක්ගෙඩිය තැන්පත් කර මේ ලෙන් විහරය කරවූ බවයි ඉතිහාසය සාක්ශි දරන්නේ.

හක් ගෙඩියට පාලි භාෂාවෙන් කියන්නේ සංඛ කියලා . සකක් තැම්පත් කර කරවූ විහාරය යන අරුත ඇතිව සංඛපාල විහාරය ලෙස නම් කල බවයි ඉතිහාසයේ තියෙන්නේ. පුස්සදේව යෝධයා ගැමුනු රජුට ජය ලබා දුන් ඒ ජය සංඛය අදත් හක්ගෙඩි ගල නම් පර්වතය පතුලේ තැන්පත් කරවලා තියෙනවා.

පඩි සිය ගනනකින් යුක්ත වෙන පර්වතයකින් ද මේ විහාර භූමිය සමන්විත වෙනවා. ඒ නිසාම මේ විහාර භූමිය පරිසර ගවේශකයන්ට තෝතැන්නක් කියලා කියන්න පුලුවන්. ඔයගොල්ලොත් සබරගමුවේ සංචාරයට යනවා නම් මේ විහාරයටත් ගොඩ වැදිලා යන්න අමතක කරන්න එපා.

6 comments:

  1. පොඩි නිවැරදි කිරීමක් කරන්න කැමතියි මොකද යන කෙනෙක් අපහසුතාවයට පත් වෙන්න පුළුවන් නිසා... A 18 පාරෙ යන කොට පල්ලෙබැද්ද කියලා කුඩා නගරයක් තමයි තියෙන්නේ.. ඒක පහු කරල කිලෝමීටර 5ක් විතර ගියාම තමයි ඔය කලින් කිව්ව සංඛපාල විහාරය හම්බ වෙන්නෙ.ඇත්තටම හරියටම කිව්වොත් පල්ලෙබැද්ද පහු කරල යනකොට කෝපිවත්ත, කොස්වැටිය, වැල්ලෑව, දෙමටගල කියන ගම් හම්බ වෙනවා. ඊටත් පස්සෙ තමයි සංඛපාල කියන ගම හම්බ වෙන්නෙ. පාරෙන් වම් අත පැත්තෙ තමයි ඔය කියන සංඛපාල රජමහා විහාරය පිහිටලා තියෙන්නෙ...

    ReplyDelete
  2. @Vindya Arthasad Wickramaarachchi: තැන්කු මල්ලි නිවැරදි කිරීමට. ඔය ගමන ගියේ අපි පොඩිම කාලේ. ඒ හින්දා මට මතක ඒ විහාරය තියෙන්නේ පල්ලෙ බැද්ද කියන ගමේ කියලා. ඕකේ. මං කතාව Update කරන්නම්.

    ReplyDelete
  3. මමනම් ඔය පංසලට ගිහින් තියෙද්දි කතරගම යද්දි විතරයි.

    වන්දනාවෙ යන අය අතරනම් ඕක හොඳටම ප්‍රසිද්ධයි. ගොඩක් අය කන්න නවත්තන තැනක්.

    ReplyDelete
  4. @chanakalin :
    අපිත් ඔය පංසලට ගියේ දවල් කෑම ගන්නත් එක්ක. මොනා උනත් ටික වෙලාවක් ගතකරලා ආවා.

    අපි නම් කතරගම යැවෙන්නේ ගාලු පාරෙන් හන්දා ඔය පැත්තේ එවෙන්නේ නෑ. එද්දි නම් ඔය චන්දිකා වැවෙන් නාන්න හිතුනොත්ම විතරක් තමයි ඔය පැත්තෙන් එන්නේ. ඒත් ඒකත් ගොඩක්ම කලාතුරකින් !!!!

    ReplyDelete
  5. wonderful place nice view

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.