26 October 2010

පුර හඳයි පසලොස්වකයි.

මේක මං පුංචිම කාලේ අහපු කතාවක්. සමහරවිට ඔයාලත් අහලා ඇති. නමුත් අහපු නැති කොටසකුත් ඇති කියලා හිතලයි මං මේ කතාව ලියන්නේ.ලියනවා කියලා කිවුවට ලියන්නේ නෑ. ටයිප් කරන එකයි කරන්නේ.

ඔන්න දවසක් එක පන්සලක දායක මහත්තයෙක් පන්සලට කෙහෙල් ඇවරි දෙක තුනකුයි කිරි හට්ටි දෙකකුයි පූජා කලාලු. ඔන්න දැන් කට්ටියම සාදු සාදු කියන්න එහෙම හදන්න එපා හොදද ??? ඉතින් මේ පන්සලේ හිටපු මහ නායක හාමුදුරුවොත් මේ දානය සාංගික කරලා බාර ගත්තලු.


නමුත් මේ හාමුදුරුවන්ට හිතුනලු එහා ගමේ පන්සලටත් මේකෙන් කොටසක් යැවුවොත් හොදා කියලා. එහෙම හිතපු හාමුදුරුවෝ කෙහෙල් ගොඩි පහලොවක් තියෙන ඇවරියකුයි කිරිහට්ටියකුයි යවන්න තීරනය කලාලු. නමුත් මේ පන්සලේ ඇබිත්තයා ඒ තරම් විස්වාසවන්ත එකෙක් නෙමෙයි ලු. ඒ කියන්නේ ඇබිත්තයා මේ දානය මගදි වලඳයි කියලා හිතුවලු. එහෙම හිතපු හාමුදුරුවෝ පොඩි කොල කෑල්ලක ඇබිත්තයාට නොතේරෙන විදිහකට පනිවිඩයක් ලියලා යවන්න ඕනෙ කියලා හිතුවලු.

එහෙම හිතපු හාමුදුරුවෝ කොලේ ලියුවලු '' පුරහඳයි පසලොස්වකයි භාර ගන්න '' කියලා.

හාමුදුරුවෝ හිතපු පරිදි මගදි ඇබිත්තයා කෙහෙල් ගෙඩි හතකුයි හිරි හට්ටියෙන් භාගයකටයි වග කිව්වලු. නමුත් හාමුදුරුවන්ගේ කීම අහක දාන්න බෑ කියලා හිතපු ඇබිත්තයා ඉතුරු ටික ගිහින් භාර දුන්නලු. ඒ පන්සලේ හාමුදුරුවෝ කොලේ අනිත් පැත්තේ ලියලා යැ වුවලු '' අඩ හඳයි අටවකයි. භාර ගත්තා. බොහොම පින් '' කියලා

1 comment:

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.