25 October 2010

කාගෙද මේ සල්ලි මල්ල ???

සාමන්යෙන් ලොතරැයි විකුනන මිනිස්සු ඕනම නගරයක පාහේ ඉන්නවනේ. මේකත් මේ ලොතරැයි විකුනන අය සම්බන්ධ බ්ලොග් සටහනක්. මන් මේ බ්ලොග් සටහන ලියන්නේ ඒ අයට හිනාවෙන්නවත් ඒ අයට අවනම්බුවක් කරන්න හිතාගෙන නම් නෙමෙයි.

ඇත්තට ඒ මිනිස්සු ලොකු ඇත්තට ඒ මිනිස්සු ලොකු වෙහෙසක් ගන්නවා තමන්ගේ ලොතරැයි ටික විකුනගන්න. එච්චර මහන්සි උනත් ඒ අයට එක ටිකට් එකකින් ලැබෙන්නේ රුපියලක් එහෙම නැත්නම් රුපියල් දෙකක් විතරයි. ඒ රුපියලක ලාභය ගන්න ඒ මිසිනිස්සු වෙන මහන්සිය නම් කියලා වැඩක් නෑ.

මේකයි කතාව. මමයි මල්ලියි දවසක් ගම්පොල ඉදලා හෙම්මතගම යන බස් එකක වාඩි වෙලා ඉන්නකොට ලොතරැයි විකුනන කෙනෙක් නැංගා බස් එකට. ඒ මනුස්සයා බස් එකට නැග්ග ගමන් '' කාගෙද මේ සල්ලි මල්ල ? '' කියලා කෑ ගැහුවේ නැතෑ.

මමයි මල්ලියි වාඩි වෙලා හිටපු සීට් එකෙන් නැගිටලා බැලුවා කවුද සල්ලි මල්ලක් දාලා ගිහින් තියෙන්නේ කියලා. ඊට පස්සේ අර මනුස්සයා කියනවා '' ගන්න අද වාසනාව. කෝටි දෙකක ජය මල්ලක් තියෙනවා. '' කියලා. බැලින් නම් මේ මනුස්සයා කියලා තියෙන්නේ ලොතරැයියේ ජය මල්ල ගැන. ඊට පස්සේ මමයි මල්ලියි මූනෙන් මූන බලාගෙන හිනා උනා.

ඔය වගේ ටිකට් විකුනන කෙනෙක් ඉන්නවා පිටකොටුව පැත්තේ. ඒ මනුස්සයා බස් එකට නැගලා ටිකට් එක දික් කරල කියනවා. '' ගන්නවනම් ගන්න. ඇදුනොත් මට නෙමෙයි. කෝටි 2ක ජය මල්ලක් තියෙනවා. ගියොත් විස්සයි. '' කියලා.

ඔය කොළඹ ඉදල කෑගල්ල පහු කරල යනකොට හරියටම කෑගල්ල හරියෙන් බස් එකට නගිනවා ලොතරැයි විකුනන මනුස්සයෙක්. ඒ මනුස්සයා කෑගහන්නේ '' ගන්න අද වාසනාව. කෝටි ක ජය මල්ලක් !!!! මාවනැල්ලේ උනම්බු ටිකට් !!!!! මාවනැල්ලේ උනම්බු ටිකට් !!!!! " කියලා.

මාත් බැලුවා කවුද මේ උනම්බු කියන්නේ කියලා. පස්සෙ තමයි මගේ ටිකිරි මොලේට මීටර් උනේ. උනම්බුව කියන්නේ මාවනැල්ල නගරයේ ටිකට් විකුනන මනුස්සයෙක්. උනම්බු ටිකට් වලට ගොඩක් දුරට දිනුම් ඇදෙන නිසාලු එහෙම කියන්නේ. සමහර දාට ඔය ටීවී එකෙත් පෙන්නන්නේ.

ඒ මනුස්සයගේ ටිකට් එකකට දිනුමක් තියෙනවා කියලා. ඕක අහලා අපේ මල්ලිත් ටිකට් එකක් ගත්තා. ඒත් එක අංකයක්වත් තිබ්බේ නෑ !!!!!

5 comments:

  1. try and try one day you can fly...

    ReplyDelete
  2. @Anonymous :
    හික්ස්. මොකට මේක කිව්වද මන්දා....

    ReplyDelete
  3. '' ගන්නවනම් ගන්න. ඇදුනොත් මට නෙමෙයි....."

    මමත් අහල තියනව එහෙම අය ගැන.

    ReplyDelete
  4. @Kasun :
    ඒකනේ. පුදුම මිනිස්සු ඉන්නෙප් අපි අතරේ. :)

    ReplyDelete
  5. අලේ මන්දා මටනං ඔය වාසනාව නෑ ඒක නිසා ගැනෙන්නෙත්නෑ

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.