25 October 2010

ගණිත ගැටලුවක් !!!! - 2වන කොටස

මේකත් මගේ යාළුවා කියපු ගනිත ගැටලුවක්. වැඩි කතා ඕනේ නෑ. මං කෙලින්ම ගැටලුවට එන්නම්කෝ. ඔන්න අපේ මිතුරා කතාව පටන් ගත්තා.

'' කතාව මේකයි. ඔන්න එක රජතුමෙක්ට ඕන උනා 10g බරෙන් යුක්ත රන් කාසි හදන්න. ඔන්න මේ රජතුමා තමන්ගේ රටේ හිටපු රන් කරුවෝ දස දෙනෙක් කැදවලා සමාන බරෙන් යුක්ත රත්තරන් කුට්ටි 10ක් දුන්නලු. "

ඊට පස්සේ මං ඇහුවා '' මචං එක රත්තරන් කුට්ටියක බර කීයද ??? '' කියලා.

අපේ මිතුරා අයෙත් කතා කලා. '' උබ හිතපන්කෝ එක කුට්ට්යක් 100gක් බරයි කියලා. ඒ උනාට රන් කුට්ටියේ බරෙන් වැඩක් නෑ. හරි ... 100g ගානේ ඔක්කොටම දුන්නම රත්තරන් කිලෝ එකක් රන් කරුවෝ අතරේ බෙදල දුන්න කියලා හිතපන්කෝ. එතකොට එක රන්කරුවෙක් රන් කාසි දහයක් හදන් එනවා කියලා හිතමුකෝ ''

එහෙම කියලා මගේ මිතුරා මට ගැටලුව ට සංඛ්යත්මක අගයයන් ලබා දුන්නා.

මගේ මිතුරා අයෙක් කතාව පටන් ගත්තා.

'' ඔන්න රන්කරුවෝ කියපු දිනයටම රන් කාසි දහය ගානෙ හදාගෙන ආවා කියහන්කෝ. නමුත් රජතුමාගේ බුද්ධි අංශයෙන් දැන ගන්න ලැබුනා එක රන් කරුවෙක් හොරෙක් කියලා. ඒකා ග්රෑම් නමයක (9g) බරින් යුතු රන් කාසි දහයක් හදාගෙන ආවලු. එතකොට ඒ රන්කරුවා ග්රෑම් දහයක්ම වංචා කරලනේ. නමුත් මේ රන්කාසි ඔක්කොම පෙනුමෙන් හැඩයෙන් සමානයි ලු. අතින් අල්ලලා බර තීරණය කරන්න බෑලු. ''

අපේ මිතුරා කතාව දිගටම කියාගෙන යනවා. ඒ අතරේ පල්ලියේ වැලි පොලවේ කෝටුවකින් බලි රූප ඇඳ ඇඳ ඉන්නවා.

අපේ මිතුරා ආයෙත් කතාව පටන් ගත්තා.

" හැබැයි මචං රජතුමාට අපූරු තරාදියක් තියෙනවා. ඒකේ යම්කිසි වස්තුවක බර මනින්න පුලුවන් එක පාරයි ලු. එක පාරක් බර මැන්නට පස්සේ තරාදිය කැඩෙනවලු. ''

'' යකෝ ඒක යකාගේ තරාදියක් නේ '' මට එක පාරටම කියවුනා.

'' මරු කියවන්නේ නැතුව කතාව අහපන්කෝ. '' අපේ මිතුරා ටිකක් නුරුස්සන ගතියෙන් කිවුවා.

'' හරි බං කියපන්කෝ .....'' මන් කිවුවා.

යාළුවා ආයෙත් නවත්තපු තැනින් කතාව පටන් ගත්තා. '' නමුත් රජතුමා එක පාරක් බර මැනලා කෙලින්ම හොරා හොයා ගත්තලු. කොහොමද රජතුමා හොරාව හොයා ගත්තෙ ???? ''


ඔයාලටත් පුලුවන් නම් උත්සහ කරල බලන්න. බැරි උනොත් පහල කොමෙන් ට් එක බලන්න. එකපාරම කොමෙන්ටුවට යන්නේ නැතිව චුට්ටක් උත්සහ කරලා බලන්න.

8 comments:

  1. විසදුම - රජතුමා රන්කරුවෝ ඔක්කොම ටික පේලියට තියලා පලවෙනි එකාගෙන් එක රන් කාසියක්. දෙවෙනි එකාගෙන් රන්කාසි දෙකක්. තුන්වෙනි එකාගෙන් රන්කාසි තුනක්. හතරවෙනි එකාගෙන් හතරක්. යන පිලිවෙලට රන් කාසි ගත්තලු. අරගෙන ඒවා ලේබල් කලාලු මෙ පලවෙනි එකාගේ ඒවා මේ දෙවෙනි එකාගේ ඒවා යන පිලිවෙලට. දැන් එතකොට රන් කාසි ඔක්කොම පනස් පහක් රජතුමා ලග තියෙනවලු. ඒ ඔක්කෝගෙම බර හරිම නම් ගෑම් 550 ක් තියෙන්න ඕනෙ නේ. බර කිරුවට පස්සේ ග්රෑම් 549ක් තියෙනවා නම් පලවෙනි එකා හොරා. (ඇයි එයාගෙන් ගත්තේ එක රන් කාසියයි නේ. ඒක ග්රෑම් නමයේ එකක් නම් මුලු බරෙන් අඩුවෙන්නේ එක ග්රෑම් එකයි නේ. ) මුලු බර ග්රෑම් 548ක් නම් දෙවෙනි එකා හොරා. (උගෙන් කාසි දෙකක් ගත්ත නිසා. ) ඔන්න ඔය පිලිවෙලට ලු හොරාව හොයා ගත්තේ.

    ReplyDelete
  2. මේක නම් නියමයි!!!! මට අර මුදු කතාව නම් එච්චර මීටර් නෑ.. මොලේ දෝෂයක් වෙන්න ඇති...

    ReplyDelete
  3. ඉතින් ඔකට ත‍රාදිය කඩාගන්න ඔනෙද ඔය ටිකත් බුද්ධි අංශයෙන් දැන ගන්න තිබුනනෙ.

    විහිලුවක් හොදේ !!!

    ReplyDelete
  4. @කේෂාන් De சில்வா :
    පට්ට ප්‍රශ්න නේ.

    @රවින් :
    මාත් දෙපාරක්ම ඇහැව්වා කතාව. හිටින්න මම කතාව අප්ඩේට් කරන්න

    @Malith :
    ඒකත් හරි නේ. මොකටද නිකන් අත පුච්ච ගන්නේ අඩුව තියෙද්දි..

    ReplyDelete
  5. නියමයි කතාවනම්.

    ReplyDelete
  6. @හංසි :
    කියවලා කමෙන්ට් කලාට ගොඩක් ස්තුතියි

    ReplyDelete
  7. මම අද තමා මචෝ මේ බ්ලොගය මුලින්ම බලන්නේ එල එල නියමයි
    ^_^

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.