01 January 2025

ආයුබෝවන් 2025 !

 අද 2025 අවුරුද්දේ ජනවාරි පළමුවෙනිදා. තවත් එක අවුරුද්දක ආරම්භයක්. ඉතින් ගොඩක් අය මේ වෙනකොට මේ අවුරුද්දේ අරම කරනවා මෙහෙම කරනවා මේ වගේ ඉන්න උත්සහ කරනවා කියලා නා නා ප්‍රකාර ඉලක්ක තියාගෙන ඉන්නවා වෙන්න ඇති.

සමහර වෙලාවට ගිය අවුරුද්දේ කරනවමයි කියලා හිතාගෙන ඉඳලා ඉවර කරගන්න බැරි වෙච්ච ඉලක්ක වල පොඩි පොඩි කොටස් ටික මේ අවුරුද්දේ සම්පූර්ණ කරගන්නවයි කියලා හිතාගෙන ඉන්නවා වෙන්ඩ පුලුවන්.

ඉතින් මේ කොයි එක උනත් තම තමන්ගේ ඉදිරි දියුණුවට හේතු කාරණා වෙන සියළුම ඉලක්ක සම්පූර්ණ කර ගන්න පුලුවන් වෙන්ඩයි කියලා එක හිතින්ම ප්‍රාර්තනා කරනවා.... !

මෙහෙම තම තමන්ගේ ප්‍රාර්ථනා ඉශ්ඨ වෙනවත් එක්කම රටක් වශයෙන් ටිකක් හරි දියුණුවක් වෙන්න ලැබෙන එකත් අපි බලාපොරොත්තු වෙන්ඩ ඕන. මොකද රට දියුණු උනොත් අපේ ඉලක්ක වලට යන්ඩත් පොඩි පහසුවක් වේවි.

ගිය අවුරුද්දේ බ්ලොග් සටහන් ලියලා තියෙන්නේ දහයකටත් අඩුවෙනුයි. ඒ නිසා මේ අවුරුද්දේවත් ටිකක් වැඩිපුර ලියන්ඩ ඕන කියලා හිතෙනවා.


එහෙනම් ඉදිරියේදි හමු වෙමු. ජය වේවා ! සුබ නව වසරක් වේවා !

---------------------------------------------------------------------------------------

ප. ලි. - අද පාර්ටි දාලා සරු වෙන්ඩ ඉන්න අය හෙට වැඩට යන්නත් තියෙනවයි කියලා හිතාගෙන අනුමත වෙන්ඩලා. නැත්නම් වැඩට යන්ඩ තියෙන පළවෙනි දවසෙම කාළකණ්නි වෙලා ඉන්ඩ වෙන්නේ.

No comments:

කමෙන්ට් එකක් දාලම යමු ද ?

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.