කාලෙකට පස්සේ මොනවහරි ලියන්න කියල අද තමයි ටිකක් විවේඅයක් ලැබුනේ. විවේකය මදි කමට ලොකුම හේතුව උනේ මට අළුත් පරිගණක භාෂාවක් ඉගෙන ගන්ඩ සිද්ධ වෙච්ච එක. ඒ භාෂාව ඉගෙන ගන්න කාලය ගත උනා වාගෙම ඒ භාෂාව පාවිච්චි කරලා එක එක වැඩ කෑලි දාන්නත් සිද්ධ උනා
ඒකට තමා වැඩිමනක්ම කාළය ගත උනේ. උදේ හිටන් හවස් වෙනකන්ම ඒ මත්තේ නැහුනට පස්සේ ගෙදර ගිහින් ආයේ කතාවක් කොටන්ඩ කම්මැලියි.
ලියන්ඩ කියලා හිතේ තියාගෙන ඉන්න ඒවත් ලියන්ඩ උනේ නෑ..හරි ඒවයින් කාරි නෑ.. ඔන්න අද තමා ඒ පහුගිය වැඩ ටික අඩු වෙලා ඉස්පාසුවක් ලැබුනේ. අද ඉදලා දිගටම බ්ලොග් ලිපි කියවන්න එනවා.
අද වැඩ ටික ඉවර වෙලා මූනුපොතට ලොග් උනාම මෙන්න මගේ වීඩියෝ එකක් ගැන කියවෙන ලින්ක් එකක් චැට් මැසේජ් එකකින් ආවා. පල්ලෙහා තියෙන්නේ ඒ චැට් මැසේජ් එකේ පින්තූරයක් !
චැට් එකෙන් කියවුනේ නරක වීඩියෝ එකක් තියෙනවා ය ඒක මගේද කියලා අහලා තිබ්බා. මම ලින්ක් එක ක්ලික් කරන්නේ නැතුව චැට් එක ආපු එකාගෙන ඒ ගැන ඇහුවා. එතකොට තමා උන්දෑ කිව්වේ ඒකාටත් මේ ජාතියෙම මැසේජ් එකක් ඇවිත් ඒක ක්ලික් කලහම තමා මෙහෙම චැට් යන්නේ කියලා.
ඒක වයිරස් එකක් කියලත් කිව්වා.
ඒ නිසා මේ වාගේ ලින්ක් එක වතාවෙම ක්ලික් කරන්න යන්ඩ එපා. මේ වයිරස් එකෙන් කෙරෙන කාර්යය මොකද්ද කියල නං දන්නේ නෑ.. ඒ උනාට වයිරස් එකක් නෙහ්..... !
දවස් ගානකට පස්සේ ආපු හැටියෙම ලියන්ඩ උනේ වයිරස් එකක් ගැන...හික්ස් :)
මම එහෙනං ගිහිං එන්නං ! ජය සතුට !
25 July 2014
02 July 2014
නැතිවුන රොබරෝසියා ගහ
අද උදේ මූනු පොතට ගොඩ වෙනකොට දැක්කේ අපේ පේරාදෙණිය තිප්පොලේ මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්ර එලිමහන් රංග පිඨය මැද තිබ්බ රොබොරෝසියා ගහ කපලා දාපු (හෝ කඩා වැටුනු) පින්තූර ටික. මේ පින්තූර ටික ගොඩක් දෙනා අතරේ හුවමාරු වෙලා තිබ්බා.
පහලින් තියෙන්නේ ඒ පින්තූරේ... !
මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්ර එලිමහන් රංග පීඨය එහෙම නැත්නම් කෙටියන්ම කියනවා නම් "වල" මැද තිබුනු ඔය රොබරෝසියා ගහ නාට්ටි බලපු අපිට ඒ දවස්වල ලොකු කරදරයක් වෙලා තිබුන කාලයක් තිබ්බා.
මොකද ඔය ගහ නිසා වලේ පැත්තක උන්නු කට්ටියකට හරියාකාරව නාට්ටි බලාගන්ඩ බැරි උනා. ඒ නිසා ඒ හරියේ තිබ්බ ආසන ටිකේ කවුරුවත් වාඩි වෙන්ඩ හිතුවේ නෑ. කවුරු හරි වාඩිඋනත් වාඩි උනේ වෙන තැනක් ඇත්තෙම නැත්නම් විතරයි.
ඒ නිසා වල මැද්දේ තිබුනු ඔය ගහ ගැන අපි යම්තාක් නොසතුටකින් උන්නේ. සමහර දාට නාට්ටි බලන්ඩ ආපුවහම ඔය ගහ තිබ්බේ නැත්නම් හොඳයි කියලා හිතුන දවසුත් නැතුවම නෙමේ.
නාට්ටි පෙන්වන දවස්වලට ඔය ගහ සෑහෙන කරදරයක් උනාට පේරාදෙණි සරසවියට වසන්තය උදාවෙන කාලයට මේ ගහ නිසා වලට අමුතුම ලස්සනක් එකතු කරනවා. මේ ලස්සන නිසාම දම් පාට මල් වැටුනු පේරාදෙණි සරසවි වල ලඟ මොහොතක් ඉන්ඩ අපි අමතක කරන්නේ නෑ.. ඒක ඒ තරමටම ලස්සනයි !!
අර කතාවටත් කියන්නා වාගේ අපට ඕනම දේක අගේ දැන්නේ අපි ලඟ ඒ දේ නැත්නම් හරි අපෙන් ඒ දේ නැති උනහම කියලා කියනවා නෙහ්.
විශ්ව විද්යාලයේ ලස්සන කරන්ඩ කොච්චරවත් රොබරෝසියා ගස් තිබුනට අද කට්ටිය මේ ගහ ගැනම කතා කරන්නේ මේ ගහ අද අපිට නැති වෙච්ච නිසා.
මේ ගහෙන් අපිට එක දෙයක් ඉගෙන ගත්තෑකි... ඒ තමයි ලෝකේ තියෙන හැම සුන්දර දේකම පටන් ගැන්මක් වාගේම අවසානයකුත් තියෙනවයි කියන එක. අද මේ ගහේ අවසානය ගැන දුක්වෙන අපිට ටික දවසකින් මේ ගහ තිබුනද කියලාවත් මතක නැති වේවි...
උදේ ඔය පින්තූරේ දැක්කට පස්සේ මට හිතුන දේවල් ටික ඔහේ අපිලිවෙලට ලියා දැම්මා. අද ඉදලාවත් පරණ බ්ලොග් ලිපි ටික කියවන්ඩ ඕන. මේ ටිකේ වැඩ වලට එහාට්ට මෙහාට්ට දුව දුව ඉන්න්න නිසා බ්ලොග් ලිපි කියවන්න උනෙත් නෑ..

සංකල්පනා වර්ගය :
අනං මනං
28 June 2014
අපි ගැරඬි වගේ වෙලිලා ඉමු.
අද නිවාඩු දවසේ දවාලට කාලා චුට්ටක් ඇහැ පියවගන්ඩ ගියා විතරයි අපේ අම්මා ගේ දෙවනත් වෙන්ඩ කෑ ගහන්ඩ ගත්තා. අම්මා එකවතාවෙම කෑ ගහන්නේ මොකෑ කියලා බලන්ඩ මාත් ඒ පැත්තට දිව්වා.
බැලින්නම් ගැරඬි දෙන්නෙක් වෙලිලා ඉන්නවා. ඔය ආදරේ කරන අයත් කියන්නේ අපි දෙන්නා ගැරඬි වගේ වෙලිලා ඉමුයි කියලා. අන්න ඒ වගේ ගැරඬි දෙන්නා වෙලිලා උන්නා.
මම උන් දෙන්නා දිහෑ ටික වෙලාවක් බලාගෙන ඉදලා ටාර් ගාලා කාමරේට දුවලා කැමරාවට බැටරි දමාගෙන ආවා. ඇවිත් සට සට ගාලා පින්තූරු කෑලි දෙක තුනක් ගත්තා. ආයේ ඉතින් කවදා කියලා දකින්ඩ හම්බ වෙන දර්ශනයක් ද...
ඔය පහලින් තියෙන්නේ එහෙම ගත්තු පින්තූර කෑලි ටික.. පින්තූර ටික බලලා ඉමුකෝ..
අපි අම්මා විතරක් නෙමේ අහල පහල අයත් මේ දර්ශනේ බලන්ඩ ඇවිත් උන්නා. සමහරු නම් කීවේ ගැරඬි පිරිමි සතෙකුයි ගෑනු සතෙකුයි මෙව්වා වෙන දර්ශනයක් කියලා.
තවත් සමහරු කිව්වේ පිරිමි ගැරඬි දෙන්නෙක් වලියක් දාගෙන කියලා.
හැබැයි ඔය අතරේ අපේ ගෙවල් ගාව හිටපු අක්කා කෙනෙක් මරු කතාවක් කිව්වා.
ඔය වාගේ ගැරඬි දෙන්නෙක් වෙලිලා ඉන්නකොට සුදු රෙද්දක් එලන්ඩ ඕනලූ. එතකොට ගැරඬි දෙන්නා ලැජ්ජාවට යන්ඩ යනවලු. හැබැයි එහෙම යන්ඩ ගියත් ඒ ගෙදර අයට සල්ලි වලින් අඩුවක් වෙන්නේ නෑලු.
ගැරඬි දෙන්නෙක් මෙහෙම වෙලිලා ඉන්නකොට සුදු රෙද්දක් එලන එකෙන් සල්ලි ලැබෙන්නේ කොහොමද කියලා මට තාම හිතාගන්ඩ බෑ..
ඔය දර්ශනය බලාගෙන උන්නු අය කිව්වේ ඔය ගැරඬි දෙන්නා ගෙට ඒවිය ඒ හන්දා බූමිතෙල් ටිකක් දාන්ඩය කියලා. මම නම් ඒ වාගේ පවුකාර දේවල් කරන්ඩ ගියේ නෑ..
ඔය වගේ දේවල් වලට අකුල් හෙලුවහම ලබන ආත්මේ කම් සැප අහිමි වෙනවාය කියලා කතාවකුත් තියෙනවා නෙව. ඔවු ඔවු බලු පූට්ටු වලට ගල් ගැහුවා වාගේ තමා.. :)
එහෙනං අදට කතාව ඉවරයි. ඊලඟ ලිපියෙන් හමු වෙමු !

18 June 2014
හංසයෝ
දවස් කිහිපයකින් බ්ලොග් එකේ මුකුත් ලීවේ නැති නිසා අද මොනවාහරි කුරුටු ගාන්ඩ ඕන කියලා හිතලා මේ පැත්තේ ආවා. මොනවද ලියන්නේ කියලා කල්පනා කරගෙන යනකොට තමා මට මූනුපොතේ තිබ්බ මේ පින්තූරේ හම්බ උනේ.
ඉතින් මට හිතුනා ඒ ගැන හොයලා බලන්න ඕන කියලා.
හංසයා ගැන තියෙන ජනප්රියම කතාව වෙන්නේ දියෙන් කිරි වෙන් කරගන්න එකනේ. ඒක නම් ඇත්ත නෙමෙයි ලූ. හංසයාට ඒ හැකියාව නෑ ලු. හිංදු සාහිත්යයේලු එහෙම තියෙන්නේ.
හරි.... අපි ආයෙම අර කතාවට එමු.
උඩ තියෙන පින්තූරේ කියන විදිහට හංසයෝ ජීවිත කාලය පුරාම ඉන්නේ එකම එක සහකාරයෙක් එක්ක විතරමයි ලූ. බැරි වෙලාවකවත් තමන්ගේ සහකාරයා මලොත් ඒ හංසයා සෑහෙන කාලයක් වැලපෙනවලු.
මේ නිසාම වැඩිකල් යන්න මත්තෙන් අනිත් හංසයාත් මියෑදෙනවා ලු. කමදාකවත් තවත් හංසයෙක් එක්ක සම්බන්ධතාවයක් පවත්වන්නේ නෑ. එහෙම සිදුවෙනවා නම් සිදුවෙන්නේ ඉතාමත් අල්ප වශයෙන් ලූ.
මෙන්න මේ කතාව විද්යාඥයින් තහවුරු කරලා තියෙන කතාවක් ලූ.
ඒ වගේම තමා හංසයන්ගේ පිහාටු වල කිසිම දෙයක් ගෑවෙන්නේ නෑලු. ඒකට හේතුව වෙන්නේ හංසයාගේ පිහාටු තෙල් ගතියකින් යුක්ත වීමලු.
ඔය කිසිම දෙයක් ගෑවෙන්නේ නැති කතාව නිසා හිංදු සාහිත්යයේ හංසයාව සලකන්නේ පිරිසිඳු බවේ සංකේතය කියලා ලු. හිංදු සාහිත්යයේ එහෙම හඳුන්වන එකේ වරැද්දක් නෑ නේ ? :)
ඔය වගේ නානාප්රකාර කතා ටිකක් හංසයා ගැන කියවන්න හම්බ උනා. සිංහලයට පරිවර්තනය කරන්න කම්මැලියි. කැමති කෙනෙක් ඉන්නවා නං පහල සබැඳි වලින් කියවන්ඩ.
1. හංසයෝ...
2. හංසයෝ..
ගූගල් කලා නම් තව තව ලිපි ගොඩාක් හොයාගත්තෑකි.
එහෙනං මං ගියාවේ.. !
රණ හංස යුවල නිමල නිල් ජලාසේ
මන නන්දනීය දසුන් නංවනා
සිහින යහනේ දකින සිහිනේ
රතු රෝස මලක් ලයට ලංවුනා
(අපි පොඩි දවස්වල ගාර්මන්ට් ගෑල්ලමයි අතර ගොඩක් ප්රසිද්ධ සිංදුවක්ලු ඕක.. )

වෙනත් කතා
13 June 2014
මගේ දන්සැල් වන්දනාව
ගණිත ගැටලුව දැම්මට පස්සේ එක ලිපියක්වත් ලියන්ඩ හම්බ උනේ නෑ. ඒකට මූලිකවම හේතුව උනේ වෙලාව මදිකම. කන්තෝරුවේ කරන්ඩ තිඋනු වැඩ ගොඩක් තිබ්බ නිසා බ්ලොග් ලියවිල්ලයි කියවිල්ලටයි දෙකටම තිත තියන්ඩ උනා.
පොසොන් පෝයටවත් මොනවාහරි ලියන්ඩ ඕන කියලා හිතුනත් උදෙ හිටන්ම දන්සල් වලට දුව දුවා හිටියා මිසක්කා අකුරක් කොටන්ඩ බ්ලොග් පැත්ත පලාතේ ආවේ නෑ..
ඔය දන්සල් දිවිල්ලෙදි මට අපේ ගමේදී අපූරු දන්සල් දෙකක් හම්බ උනා. එක දන්සැලක් තමයි කොණ්ඩේ කපන දන්සැලක්.
ඒ දන්සලේ කරන්නේ උදේ හිටන් හවස් වෙනකන්ම දන්සැලට එන අයගේ කොණ්ඩෙයි රැවුලයි කපලා දෙන එක. මාත් කොණ්ඩේ කපාගන්ඩ පෝලිමේ උන්නට කොණ්ඩේ කපන්ඩ උනේ නෑ.. සෑහෙන දිග පෝලිමක්...
ඒ දන්සල ඇරුනහම අනිත් දන්සල තමයි යෝගට් දන්සැල... ඒ දන්සැල පටන් ගන්ඩත් කලින්ම නයා ගැහිච්ච ලොකු පෝලිමක් තිබුනා. මාත් සල්ලි සල්ලි කියලා බලන්නේ නැතුව යෝගට් එකක් කන්ඩ කියලා පෝලිමේ උන්නා.
හවස හතරට විතර දන්සැල පටන් ගත්තා. එතන ඉදන් යෝගට් දෙන්ඩ ගත්තා. කොච්චර යෝගට් දුන්නත් පෝලිමෙ ඉස්සරහට යන පාටක් තිබුනේ නෑ.. යෝගට් නැතුව හිස් අතින්ම ගෙදර යන්ඩ වෙයිද කියලා දෙතුන් විඩක්ම හිතූනත්තෙක්ක. ඒත්තෙක්කම ඔන්න ඔහේ හිටපු එකේ තව ටිකක් ඉන්නවයි කියලා හිටියා. බොහොම අමාරුවෙන් යෝගට් එකක් අරගෙන ගෙදර යන්ඩ ආවා.
එතකොට කලින් යෝගට් ගත්තු අය එතනදිම යෝගට් කාලා යෝගට් කෝප්ප ටික එතන දාලා ගිහින්. අපේ මිනිස්සුන්ගේ හැටි නෙව. මේ වගේ දේවල් කලහම ආයේ ඊලඟ වතාවේ දන්සැල් දෙයිද කියලත් හිතෙනවා.
යෝගට් අරගෙන එනක්කොට කඩල දන්සලක් තිබිලා ඒකෙන් කඩල මුලකුත් අරගෙන ගෙදර ආවා.
ඊයේ දවසේ මට මිස් උනේ බීම දන්සැලක් විතරයි. බීම දන්සල් දෙන්ඩ එපාය කියලා තිබුන හන්දමද මන්දා බීම දන්සැල් තිබුනේ නෑ.
උදේ ඉදලා මම කඩල, සවු, අයිස්ක්රීම්, බත්, සීනි සම්බෝල පාන්, යෝගට් වගේ නානාප්රකාර දන්සල් ගොඩක් වැඳලා තිබුනා.ඉතින් බ්ලොග් ලියන්ඩ වෙලා තියේවි යෑ..
පෝය දවසට ලියන්ඩ ආපු බණ කතාව මම වෙන දවසක ලියන්නම්. එහෙනං මං ගියාවේ !

සංකල්පනා RSS සබැඳිය :
Posts (Atom)