ඔන්න අද ලිපියෙන් කියන්න යන්නේ කතාවක් එහෙම නෙමේ. අද ලිපියෙන් දෙන්ඩ යන්නේ ගණිත ගැටලුවක්. මේ ගණිත ගැටලුව අපිට දුන්නේ අපිත්තෙක්ක වැඩ කරන යාළුවෙක්. අපේ කණ්ඩායමේ අය කොහොමහරි එක එක උත්තර දීලා අන්තිමේදි ප්‍රශ්ණය විසඳුවා.
ඔයාලත් උත්සහ කරලා බලමු !
බැරි වෙන එකක් නෑ....
මේකයි ප්‍රශ්නේ.
එක ගෙදරක ලොකු වතුර ටැංකියක් තියෙනවාලු. ඒ ටැංකියට බට දෙකක් සම්බන්ධ කරලා තියෙනවාලු. ආයේ ඒකේ අරුමයක් නෑ.. ඕනම ටැංකියක වතුර පුරවන්ඩයි වතුර පිටවෙන්ඩයි බට දෙකක් තියෙනවා නේ.
අපි ලේසියට ඒ බට දෙක A හා B කියලා නම් කරමු.
A නළයෙන් කරන කාර්යය වෙන්නේ ටැංකියට වතුර පුරවන එකලූ. A නළයෙන් ටැංකිය සම්පූර්ණයෙන්ම පුරවන්ඩ මිනිත්තු හතලිස්පහක් ගත වෙනවාලු (මිනිත්තු 45ක්)
B නළයෙන් කරන කාර්යය වෙන්නේ ටැංකිය හිස් කරන එකලු. B නළයෙන් ටැංකිය සම්පූර්යෙන්ම හිස් කරන්ඩ පෑ බාගයක් යනවලු (මිනිත්තු 30ක්)
එක්තරා වෙලාවක ටැංකිය සම්පූර්ණයෙන්ම වතුරෙන් පිරිලා තියෙනවාලු. මේ වෙලාවේ එක පාරම A හා B කියන නළ දෙකම විවෘත කරනවාලු. දන්නවනේ A නළයෙන් වතුර පුරවනවා B නළයෙන් වතුර හිස් කරනවා කියලා.
ප්‍රශ්නය තමයි ටැංකිය සම්පූර්ණයෙන්ම පුරවලා A හා B කියන නළ දෙකත් විවෘත කරලා තියෙන වෙලාවක ටැංකිය සම්පූර්ණයෙන්ම හිස් වෙන්ඩ කොච්චර කාළයක් ගත වෙනවද කියන එක.
දන්න ඈයෝ ගාන හදලා උත්තරේ කියමු බලන්ඩ !
උත්තරේ මිනිත්තු වලින්ම කියමු. හදපු විදිහත් කියන්ඩ පුලුවන් නම් පංකාදුයි !
මේ දවස්වල නං වතුර අපතෙ යන මේ වගෙ වැඩ කලාට කමක් නෑ ! උත්තරෙත් මේකෙ තියෙනවා. හපනා නම් කියයි..
ReplyDeleteYou cant empty the tank.
ReplyDeleteමගේ ටැංකිය (think tank) නම් කවදත් උතුරා යනවා.
ReplyDeleteපටන් ගන්නකොට මේ ප්‍රශ්ණයේ කියවෙන ටැංකිය හිස් නම් විනාඩි අනූවකදී පුරවා ගන්න පුලුවනි. ඒක නම් මං පහේ පන්තියේදී විතර විසඳපු ප්‍රශ්ණයක්.
Anonymous :
ReplyDeleteඔන්න ඇනෝ ගානේ තිබ්බ වැරැද්ද හැදුවා. දැන් උත්තරේ කියමු බලන්ඩ.
ටැංකිය සම්පූර්ණයෙන් පිරිලනම් නළ දෙකම එකවර විවෘත කලාට ටැංකිය හිස්වෙන්න විදියක් නෑ.
ReplyDeleteමට නම් පේන්නේ ටැංකිය උතුරන බවක් මිස හිස් වෙන බවක් නෙමෙයි නේ
ReplyDeleteඅඩේ මේක වෙනස් කරලා නේ. උත්තරේ විනාඩි 90. විනාඩියට පිරෙන භාගයයි 1/45, හිස් වෙන භාගයයි බැලුව 1/30. ඒ දෙකේ වෙනස ඔය ගත්ත . වෙනසේ එක යට අගය ගත්තා.
ReplyDeleteඅයියෝ සිම්පල් කේස් එකක්නේ, කලින් දෙක මාරු කරලා නේද ගාන දුන්නේ, එතකොටනම ඉතින් ඇනොගේ උත්තරේ තමා මිනිත්තු 90.
ReplyDeleteමේකයි විසදුම.
ටැංකිය පිරෙනවා මිනිත්තු 45 කින්
ඒ නිසා ටැංකියෙන් 1/45 හිස් වෙන්න යන්නෙත් මිනිත්තු 1
ටැංකිය හිස්වෙනවා මිනිත්තු 30 කින්
ඒ නිසා ටැංකියෙන් 1/30 ක් හිස් වෙන්න යන්නේ මිනිතතු 1
ඉතින් ටැංකිය පුරවලා තියෙද්දී ඔය සිදුවීම් දෙකම වෙනවනම් සමස්ත ප්‍රතිපලය වෙන්නේ
පිරෙන්න ගතවන කාලය - හිස්වෙන්න ගතවන කාලය
1/45 - 1/30 = (- 1/90)
උත්තරය සෘණ උත්තරයක්. ඒ කියන්නේ අඩුවෙනවා. ඒ කියන්නේ ඔය තත්වේදී ටැංකියෙන් 1/90 ක් හිස් වෙනවා මිනිත්තු එකකදී. ඉතින් මුළු ටන්කියම හිස් වෙන්න යන්නේ මිනිත්තු 90.
කට්ටිය උත්තරේ දීලා නිසා මම සද්ද නැතිව ඉන්නම්. (උත්තරේ නොදන්න නිසා නෙමේ ඕන්. ) :D
ReplyDeleteගාන වෙනස් කරලනේ. දැන් නම් ඉතින් මිනිත්තු 90න් ටැංකිය හිස් වෙනවා.
ReplyDeleteමිනිත්තු කීයක් ගියත් අපට මොකද? ඒක ටැංකිය අයිති කට්ටිය බලා ගනී.. හි හි....
ReplyDeleteවිනාඩි 90යි. (ටැංකිය හිස් වෙද්දී වෙන පීඩන වෙනස එහෙම නොසලකා හරින නිසා)
ReplyDeleteමම"ජිවිතයට science" Blog එකෙන්
උත්තරේ ඉහළින් දීලානෙ....මම මගින්ම කැපෙනවා එහෙනං...
ReplyDeleteහිස් කල නොහැක.
ReplyDeleteමිනිත්තු අනන්තයි.
කාලෙකට පස්සේ ආවේ. ඒත් මෙයා තාම ගණන් හදනවා...:D
ReplyDeleteටැංකිය හිස් කරනවට මම විරුද්ධයි.
ReplyDeleteමං මංඤං....
ReplyDeleteමං ගණන් දන්නෙ නෑ අප්ප
දැන් ඔය ගෙදර අයිති කාරය දන්නවද මේ කට්ටිය එකතු වෙලා ටැංකිය හිස් කරන්න හදනවා කියල.. :)
ReplyDeleteමට ප්‍රශ්නේ ටැංකිය කොච්චර හිස් කරත් පිරෙන එක තමයි ඉතින් :D
ReplyDeleteඅපි පස්සේ එන්නම් ඈ..
ReplyDeleteමොනා උනත් අපරදේ වතුර ටික, අවුලක් නැහැ ගං වතුර දාන්න වහිනවානේ
ReplyDeleteහයියෝ..ගණන් හදන්න කම්මැලියි..
ReplyDelete